දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇතැම් අතීත පුවත් වරින් වර නව ප්‍රවෘත්ති ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව මෑත කාලීනව බහුලව දක්නට ලැබේ. එලෙස ව්‍යාප්ත වන පුවතක් ලෙස නොමේරූ දරු ප්‍රසූතියකින් කොටි මවකට තම පැටවුන් අහිමි වූ පසු එම මවට කොටි පැටවුන් ලෙස හැඩ ගැන්වූ ඌරු පැටව් ලබාදී අති බව පැවසෙන පුවත හා ඡායාරූප දැක ගත හැකිය. මෙම කතාවේ ඇත්ත නැත්ත පරීක්ෂා කිරීමට අප කටයුතු කරේ මේ අයුරින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මෙම සටහන් පළ වී තිබුණේ මේ අයුරින්.
“නොමේරූ දරු ප්‍රසූතියක් හේතුවෙන් කොටි මවකට තම පැටවුන් අහිමි විය. ඉක්බිතිව, ඇය මානසික අවපීඩනයට පත් වූ අතර ඇගේ සෞඛ්‍යය පිරිහී ගියේය. කොටි මවගේ ජීවිතය තර්ජනයට ලක්ව ඇති බැවින්, ඇගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා ලදී. සත්ව විද්‍යාඥයින් කොටි හමට සමාන මුද්‍රිත රෙදිවලින් ඌරු පැටවුන් ඔතා කොටි මවට පිළිගැන්වූහ. ඇය මෙම ඌරු පැටවුන්ට ආදරය කිරීමට පටන් ගත් අතර ඔවුන්ට ඇගේම පැටවුන් මෙන් සැලකීය . ඇගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත්වූ බව සඳහන් කිරීම සැබැවින්ම අවශ්‍ය නොවේ.”
මෙම සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
මේ පිළිබඳ නිරවද්‍යතාවය සොයා බැලීමට අප විසින් කටයුතු කරනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම ඡායාරූප බැලූ බැල්මට මෙහි අස්වාභාවික තත්ත්වයක් දැක ගැනීමට හැකි බැවින් විශේෂයෙන් මෙලෙසින් කොටි මවට මේ සිටින්නේ තම පැටව් නොවේද යන්න හඳුනා ගැනීමට නොහැකි ද යන්න වැනි කාරණා සැකයට මතු වන බැවින් සැබවින් ම මෙම ඡායාරූපයේ ඇත්තේ සත්‍ය අවස්ථාවක් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
ඒ අනුව ඉහත දැක්වෙන ඡායාරූපයන් අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. මෙම ඡායාරූපය හා එවැනිම වූ ඡායාරූප පෙළක් විටින් විට විවිධ කාලයන්වල අන්තර්ජාලය ඔස්සේ සංසරණය වී ඇති අයුරු දැක ගත හැකි විය.
වසර කිහිපයට පෙර ද මෙම ජායාරූප අඩංගු ප්‍රවෘත්තිය මෙලෙසින් ම සමාජ මාධ්‍යයේ පල කර තිබූ අතර ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී අපට දැන ගැනීමට ලැබුණේ මෙම ඡායාරූප තායිලන්තයේ චොන්බුරි පළාතේ සත්වෝද්‍යානයක් වන Sriracha Tiger හිදී 2004 වසරේදී ගන්නා ලද ජායාරූප බවයි.
Snopes ජාත්‍යන්තර කරුණු පරීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ, මෙම ඡායාරූපයේ සත්‍ය වුවද, සමාජ මාධ්‍ය සටහනේ දක්වා ඇති ලෙස තම පැටවුන් අහිමු වූ කොටි මවකට ඇගේ මානසික අවපීඩනය මිදීම සඳහා ඌරු පැටවුන් කොටි පැටවුන් ලෙස හැඟවෙන අන්දමින් වස්ත්‍රයක් සරසා ඇති බවට යන කතාව ගොතන ලද කතාවක් බවයි. මෙම ඡායාරූපය ගෙන ඇති සත්වෝද්‍යානය විසින් එලෙසින් දර්ශනයක් සකස් කර ඇත්තේ ප්‍රධාන වශයෙන් අමුත්තන්ට අසාමාන්‍ය දෙයක් නැරඹීමට විනෝදාස්වාදය ලබා දීම සඳහා බව Pattaya Mail පුවත්පත සඳහන් කර තිබුණා. Archived Link
ජායාරූපයේ දැක්වෙන්නේ තායිලන්තයේ ශ්‍රීරාචා කොටි සත්වෝද්‍යානයේ(Sriracha Tiger Zoo) ‘සයිමායි’ නම් බෙංගාල කොටියාය. ශ්‍රීරාචා කොටි සත්වෝද්‍යානය එතරම් ප්‍රසිද්ධ නොවූවත්, එය ලෝකයේ වඩාත්ම සාර්ථක කොටි අභිජනන වැඩසටහන් සහිත තරමක් ප්‍රසිද්ධ සත්වෝද්‍යානයක් වී තිබුණි. කොටින් අභිජනනය කිරීමට අමතරව විවිධ විශේෂවල සතුන් අතර සාර්ථක සබඳතා ඇති කිරීම සඳහා මෙම කොටි සත්වෝද්‍යානය ප්‍රසිද්ධ වී තිබූ අතර ඇතැම් බටහිර සත්වෝද්‍යාන මෙන් මෙහි ඉගෙනීමේ අරමුණු සඳහා සතුන් ප්‍රදර්ශනය කිරීම පමණක් නොව සතුන් සර්කස් සහ සැණකෙළි වැනි සංදර්ශන, ප්‍රදර්ශන සඳහා මෙහි යොදා ගෙන තිබේ. විවිධ විශේෂවල (කොටි සහ ඌරු පැටවුන් වැනි) වැඩිහිටි සහ ළදරු සතුන් එකම කූඩුවක තැබීම, අමුත්තන්ට එය සිත්ගන්නාසුළු හෝ විනෝදජනක ලෙස පෙනෙන පරිදි මෙහි ප්‍රදර්ශනය කර ඇති බව AWI නමැති සත්ව සුභසාධන ආයතනයේ ප්‍රකාශයෙක් සඳහන් කර ඇති බව Snopes පෙන්වා දෙයි.
තායිලන්තයේ බැංකොක් නගරයෙන් පැයක පමණ දුරකින් පිහිටි ශ්‍රීරාචා කොටි සත්වෝද්‍යානය එවකට කොටි 400කට අධික සංඛ්‍යාවක්, ආසියානු අලි ඇතුන්, කිඹුලන්, ඔටුවන්, සර්පයන් සහ අනෙකුත් විදේශීය සතුන්ගෙන් සමන්විත වී තිබේ.
එමෙන් ම එක් වීදුරු කාමරයක, පැටවුන් ඇති කරන කූඩුවක ඌරු පැටවුන් සහ කොටි පැටවුන් දෙදෙනාම පෝෂණය කළ ඌරු මවක්. තවත් වීදුරු කාමරයක කොටි මුද්‍රිත ඇඳුම් වලින් සැරසුණු ඌරු පැටවුන් පෝෂණය කළ කොටි මවක් යනාදි දර්ශන සුලබව මෙම සත්ත්ව උද්‍යානවේ දැක ගන්නට තිබී ඇත. මෙහි ඌරු මව්වරුන් විසින් කොටි පැටවුන්ටත්, කොටි මව් විසින් ඌරු පැටවුන්ටත්, මව් කිරි දෙන ලද අවස්ථාද, කොටි අනෙකුත් ඌරන් සහ බල්ලෙකු සමඟ පවා ප්‍රේමණීය සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඉඩ සලසා ඇති අවස්ථා ද, මෙහි දක්නට ඇති බව ත්, Pattaya Mail පුවත්පත වැඩිදුරටත් දක්වා තිබුණා.
කෙසේ වෙතත් ශ්‍රීරාචා කොටි සත්වෝද්‍යානයේ රූප බැලූ බැල්මට ආකර්ශනීය ලෙස පෙනුනද, මෙහි සතුන් සඳහා වෙන් වූ පහසුකම් පිළිබඳව ගැටළු මතු වී තිබේ. සත්ව සුභසාධන ආයතනයට (AWI) අනුව, 2004 වසරේ මුල් භාගයේදී, වාණිජ අපනයනය සඳහා ආරක්ෂිත වන සතුන් නීති විරෝධී ලෙස බෝ කිරීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානය විමර්ශනයට ලක් වී තිබේ. කොටි ශරීර කොටස් බෙහෙවින් ඉල්ලුමක් ඇති චීනයට කොටි 100 ක් පමණ විකිණීමට මෙම සත්වෝද්‍යානය සම්බන්ධ බවට වාර්තා වන අතර 2004 අගභාගයේදී, කුරුළු උණ රෝගයේ මාරාන්තික පැතිරීමකින් පසු සත්වෝද්‍යානය මාසයකට තාවකාලිකව වසා දමා තිබේ. සතුන්ට පෝෂණය කරන ලද අමු කුකුළු මස් හරහා පැතිර ගිය බවට විශ්වාස කෙරෙන මෙම රෝගය, කොටි 80 ත් 100 ත් අතර සංඛ්‍යාවක් මිය යාමට මෙයට හේතු වී ඇති බව එම ආයතනය පවසනවා.
දෙහිවල සත්වෝද්‍යානය
සතුන් මෙලෙසින් වෙනත් සත්ත්ව වර්ග හරහා අභිජනනය කිරීම, එක්ව වාසය කිරීමට සැලැස්වීම වැනි කාරණා පිළිබඳ කරුණු පැහදිලි කිරීම සඳහා අප දෙහිවල සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මෙනවියගෙන් විමසීමක් කළා.
ඇය සඳහන් කළේ, මෙලෙස සතුන් අභිජනනය කිරීම සත්ත්වයින්ගේ සෞඛ්‍ය තතත්වයට බලපාන බව ත්, මෙලෙසින් සත්ත්වයින් එකම වාසස්ථානයක එකම කූඩුවක තැබීම නිර්දේශ නොකරන බව ත්, ඔවුන් කෙකරම් හීලෑ කළද, සතුන් වෙනස් විය හැකි බැවින් තමන්ට ආහාරයට ගතහැකි සතුන් ළග සිටීම මගින් එම සතුන්ද, ආහාරයක් ලෙස ලබා ගැනීමේ අවදානමක් ද, මෙහි පවතින බවයි.
එමෙන් ම ඌරන් වැනි විශේෂ සමඟ කොටින් බෝ කිරීම ස්වභාවික පෝෂණය, කිරි දීම සහ ආහාර දිරවීමේ චක්‍රවලට බාධා කරන බවයි. නිදසුනක් වශයෙන්, ඌරන් විසින් කිරි දෙන ලද කොටින්ට අස්වාභාවික ආහාර වේලක් නිසා ආහාර ජීර්ණ හෝ ප්‍රතිශක්තිකරණ ගැටළු ඇති විය හැකි අතර, කොටියෙකුගෙන් කිරි දෙන ඌරු පැටවුන් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවලට නොගැලපෙන කිරි ලබා ගැනීම පෙන්වා දිය හැකි බවයි මෙම පිළිවෙතට පැටවුන් අකාලයේ මව් වරුන්ගෙන් වෙන් චිත්තවේගීය පීඩාව, මාතෘ බැඳීම් කඩාකප්පල් කිරීම සහ සතුන් අතර ආක්‍රමණශීලීත්වය හෝ රෝගාබාධ වැඩි කර ඒවා සත්ව සුභසාධනයට බරපතල ලෙස හානි කළ හැකි බව ත් පෙන්වා දෙන ලදී.
කෙසේ වෙතත් මුළු ලොවටම බලපෑ කොවිඩ් වසංගත තත්ත්වය හමුවෙදී ඉහත සඳහන් කළ ශ්‍රීරාචා කොටි සත්වෝද්‍යානය වසා දමා ඇති අතර මේ වනවිටත් එම සත්වෝද්‍යානය වසා දමා ඇති බව Factcrescendo අප තායිලන්ත කණ්ඩායම සඳහන් කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok |Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයට අනුව හෙළිදරව් වූයේ ඌරු පැටවුන් කොටිදෙනගේ මානසික අවපීඩනය සුව කිරීම සඳහා ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. එලෙස කොටිදෙන අසල ඌරු පැටවුන් තබා ඇත්තේ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ විනෝදාස්වාදය සඳහා බව අනාවරණය විය. ඒ අනුව කොටි පැටවුන්ගේ වෙස් ගැන් වූ මෙම ඌරු පැටවුන් කොටිදෙනගේ මානසික අවපීඩනය සුව කිරීම සඳහා ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැත. තවද, මෙම ඡායාරූප මෑත කාලීන ඒවා නොවන බවත්, මීට වසර ගණනකට පෙර සමාජ මාධ්‍යයේ සංසරණය වූ පැරණි පුවතක් හා සම්බන්ධ ඒවා බවත් හෙළිවිය. එබැවින් ඉහත සමාජ මාධ්‍ය සටහන් මගින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශය වැරදි මඟ පෙන්වීමකි.
