TMR Trading LANKA PVT LTD ආයතනය නොමිලේ Electric motor bike ලබා දෙනවාද?

Scam Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

 

අද වන විට ලොව පුරා Electric වාහන භාවිතය සඳහා උනන්දුව වැඩිවී ඇති පසුබිමක,  ඒ සඳහා වැඩි ඉල්ලුමක් ද පවතින ආකාරයක් දැක ගැනීමට ලැබෙනවා. විදෙස් රටවල්වල පමණක් නොව, ලංකාව තුළත් මෙලෙස විදුලි වාහන කෙරෙහි පාරිභෝගික  උනන්දුවක් දැකගන්නට ලැබෙන පසුබිමක් තුළ, නොමිලේ  Electric වර්ගයේ යතුරුපැදි ලබාදෙන බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරක් අපට දැක  ගැනීමට හැකි විය. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

TMR Trading LANKA PVT LTD – Electric motor bike ආයතනයේ සංවත්සරය යතුරුපැදිය 150 ක් පාරිභෝගික ජනතාව වෙත ලබාදෙන බවට Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලැබූ පණිවිඩය අපට දැක ගැනීමට හැකියාව ලැබුණි.

Facebook 

එය අනුව පසුගිය ජුලි 30 තිස් වන දින සමාජ මාධ්‍යයට එක් කර තිබූ මෙම සටහනක් අගෝස්තු 3 දා දක්වා පමණක් වලංගු බවට සටහන් කර තිබුණි. මේ සම්බන්ධව සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින්ම මේ සඳහා දක්වා ඇති අදහස් තුළින් මෙය සත්‍ය කාරණයක් ලෙස වටහාගෙන කටයුතු කර ඇති බව යි අපට පැහැදිලි විය.

වෙළඳපොළ තුළ වාහනවල පවතින මිල ගණන් මත මේ අයුරින් නොමිලේ යතුරු පැදි ලබාදිය හැකිද යන්න පිළිබඳව ඇතිවූ පරස්පරතාවය මත මේ සම්බන්ධව විශ්ලේෂණය කිරීමට අප කටයුතු කරන ලදී.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

TMR Trading LANKA PVT LTD – Electric motor bike ආයතනය මගින් නොමිලේ ඉලෙක්ට්‍රික් යතුරුපැදිය 150ක් ලබා දෙන බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ බොහෝ දෙනකු උපකල්පනය කර තිබුණේ මෙය සත්‍යතාවයෙන් යුතුයි කරුණක් බවයි.

නමුත් මෙවැනි පසුබිමක TMR Trading LANKA PVT LTD – Electric motor bike ආයතනයේ නිල ෆේස්බුක් ගිණුම මගින් නිවේදනයක් නිකුත් කරමින් සටහන් කර තිබුණේ එම ආයතනය නම භාවිතා කරමින් ව්‍යාජ ප්‍රචාරණයක් සහ වංචාකාරී දැන්වීම් ව්‍යාප්ත වෙමින් පවතින බවත් TMR Electric-m0t0rbike නමින් පළවූ ව්‍යාජ Facebook පිටුවට නොරැවටෙන මෙන් අපගේ පාරිභෝගික ඔබගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින බවට සටහන් කර තිබුණි.

TMR Trading LANKA PVT LTD  සමාගමේ  මෙහෙයුම් ප්‍රධානී චාමික පීරිස් මහතා

TMR Trading සමාගමේ මෙහෙයුම් ප්‍රධානී චාමික පීරිස් මහතා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා. එහිදී ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුවේ තම සේවා ආයතනය වන TMR Trading LANKA PVT LTD සමාගමේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් එක්තරා කණ්ඩායමක් විසින් මෙම සිදුවීම නිර්මාණය කර ඇති බවට මේ වන විට TMR Trading LANKA PVT LTD සමාගම මෙරට Electric motor bike අලෙවිය සම්බන්ධව ඉතාම කෙටි කාලයක් තුළ දෙවැනි ස්ථානය දක්වා ශීඝ්‍ර වර්ධනයක් ලබාගෙන ඇති බැවින් මේ සම්බන්ධව බාධා ඇති කිරීමේ මුවාවෙන් මෙවැනි සිදුවීමක් නිර්මාණය කරන්නට ඇතැයි ද ඔහු පවසා සිටියා.

එමෙන්ම මෙම සිදුවීමට භාජනය කරමින් ඡායාරූප එකතු කර ඇති ආයතන ගත්විට ඒවා තම සේවා ආයතනය යටතේ පවත්වාගෙන යන  අලෙවි මධ්‍යස්ථාන වන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ  Sawarna Motors සහ Vidu Motors යන ආයතන තුළින් මීට පෙරදීම සමාජ ගත කරනු ලැබූ ඡායාරූප එකතු කර ඇති බවට ඔහු විසින් ප්‍රකාශ කළා.

තවදුරටත් අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීම සම්බන්ධව ගම්පහ පොලිස් ස්ථානයට සහ පරිගණක අපරාධ විමර්ශන අංශයට අද දවසේ (අගෝස්තු 01) පැමිණිලි කිරීමට නියමිත බවත් මෙම සිදුවීම සම්බන්ධව සියළුම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් එතුමා විසින් ප්‍රකාශ කළා. 

අවසාන වශයෙන් තම සේවා ආයතනයේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් සිදුවන මෙවැනි කූට ගනුදෙනුවලට පාරිභෝගික ජනතාවට නොරැවටෙන මෙන් එතුමා විසින්ම ඉල්ලා  සිටියා. 

එමෙන්ම ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති TMR Electric-m0t0rbike ෆේස්බුක් පිටුවේ විශ්ලේෂණය කිරීමේදී තුළ සඳහන්ව ඇති යම් යම් සටහන් ජනතාව නොමග යවා මුදල් ලබා ගැනීම උදෙසා කටයුතු කිරීමට උත්සාහ දැරීමක් ලෙස අපට පැහැදිලි විය.

Also Read : SCAM Alert! සංවත්සරික ත්‍යාග, නොමිලේ ත්‍යාග ගැන ඇත්ත දැනගන්න!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :මෙම සිදුවීම් පිළිබඳව විශ්ලේෂණය කිරීමේ දී අපට පැහැදිලි වූයේ හුදෙක් ජනතාව නොමග යවමින් මුදල් ලබා ගැනීමේ පරමාර්ථය සහිත ව්‍යාජ සහගත සහ කූට උපක්‍රම භාවිතා කරමින් මෙවැනි සිදුවීමක් සිදුකර ඇති බවයි.මේ සම්බන්ධව TMR Trading LANKA PVT LTD – Electric motor bike ආයතනය සම්බන්ධ නොමැති බවට මෙයින් පැහැදිලි විය.

Avatar

Title:TMR Trading LANKA PVT LTD ආයතනය නොමිලේ Electric motor bike ලබා දෙනවාද?

Fact Check By: Lakshan  

Result: False


Leave a Reply