දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අන්තර්ජාලය ඔස්සේ විවිධ තොරතුරු බෙදා හැරෙන අද යුගයේ, අසත්‍ය ප්‍රවෘත්ති හා ව්‍යාජ සබැඳි බෙදා හැරීම මගින් ජනතාව මුහුණ දෙන අවදානම් දිනෙන් දින වැඩිවෙමින් තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ වැඩිම ගනුදෙනුකරුවන් පිරිසක් සිටින බැංකුව වන ලංකා බැංකුව ලංකාවේ විශාලතම සහ පැරණිතම රාජ්‍ය බැංකුවයි. ලංකා බැංකුව විසින් බිනර පෝය නිමිත්තෙන් තෑගි දෙන බවටත්, ඒ සඳහා යම් සබැඳියක් ඔස්සේ තොරතුරු ඇතුළත් කළ යුතු බවටත් WhatsApp සහ වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තොරතුරක් පිළිබඳව අප විසින් විමර්ශනයක් සිදුකරන ලදී.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“Bank of Ceylon – බිනර පසළොස්වක පොහොය තෑගි. ඔබේ දවසට සාමය සහ ආශිර්වාදය ගෙන දෙමින් Bank of Ceylon විසින් සකස් කරන ලද විශේෂ බිනර පුර පසළොස්වක පොහොය තෑග්ගක් සැමට ලබා ගත හැක.” යනුවෙන් සඳහන් කරමින් වට්සැප් (whatsapp) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පණිවුඩයක් හමු විය

මෙහි දැක්වෙන තොරතුර සත්‍යය ද, යන්න අප පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම)
බිනර පොහොය නිමිත්තෙන් ලංකා බැංකුව ත්‍යාග ලබාදෙනවාද යන්න පිළිබඳව අප ප්‍රථමයෙන් ම බැංකුවේ නිල සන්නිවේදන මාර්ගවලින් එනම්, ලංකා බැංකුවේ නිළ වෙබ් අඩවියෙන් සහ ලංකා බැංකුවේ නිල Facebook පිටුව යන සමාජ මාධ්‍ය පරීක්ෂා කර බලන ලද්දේ ලංකා බැංකුව මෙවැනි ආකාරයේ ක්‍රියාකාරකමක් සිදුකරනවා නම් ඔවුන්ට අයත් මෙම ප්‍රධාන සමාජ මාධ්‍ය මගින් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරන බැවිනි. නමුත් ලංකා බැංකුව එවැනි ත්‍යාග ලබා දිමක් සිදු කරන බවට කිසිදු පුවතක් වාර්තා වී තිබුණේ නැහැ.
මේ හේතුවෙන් අප මේ පිළිබඳ තව දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ලංකා බැංකුවේ නියෝජිතයෙක් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත් අතර ඔවුන් තහවුරු කළේ, ඉහත සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ පුවතක් බවත්, ඔවුන් විසින් එවැනි ත්‍යාග ලබාදෙනවා නම් ලංකා බැංකුවේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ එය ප්‍රචාරය කරන බවත් වැඩි දුරටත් දන්වා සිටින ලදි. ඒ අනුව මෙම සබැඳි තතුබෑම් වංචාවක්(phishing scam) බවට තහවුරු වේ.
මීට පෙර අවස්ථාවකදී ද රජය මූලික කරගනිමින් මෙවැනි ආකාරයේ දීමනා ලබා දෙන බවට ජනතාව මුළා කරමින් සමාජගත කරන ලද මෙවැනි තතුබෑම් වංචාවක් (phishing scam) පිළිබඳව Fact Crescendo අප විසින් තොරතුරු වාර්තාකර ඇත. එහිදී එක් අවස්ථාවක ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කර ඇති බවත්, දුප්පත් ශ්‍රී ලාංකික පුරවැසියන්ට රුපියල් 10000 ක මුදල් ප්‍රදානයක් ලබා දෙන බවට සහ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා රජයෙන් රුපියල් 100000 සහ 50000 මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සහගත තොරතුරු වල නිවැරදි බව අප විසින් විමර්ශනය කර ඇත.තවත් අවස්ථාවකදී ලංකාවේ අර්බුදයකට මුහුණ දී සිටින පවුල් සහ තරුණයින් සඳහා ජාතික ආධාර අරමුදලක් ලෙස රු. 50,000 ක සහන ප්‍රදාන මුදලක් ශ්‍රී ලංකා රජය විසින් අනුමත කර ඇති අතර ඒ සඳහා අයදුම් කරන ලෙස සඳහන් කර ගනිමින් සටහනක් පිළිබඳව ද අප විසින් තොරතුරු විමර්ශනය කර ඇත.මෙතැනින්, මෙතැනින්, මෙතැනින්
එසේම ඩයඩයලොග් ආයතනය මඟින්ද නොමිලේ ඩේටා ලබා දෙන බව පවසමින්ද මෙවැනිම සැබැදියක් පසුගිය දිනවල හුවමාරු විය. ඒ පිලිබදවද අපි විසින් සත්‍ය කරුණු අනාවරණය කරන ලදි. මෙතැනින්
Phishing Attack යනු කුමක්ද?
තතුබෑම් ප්‍රහාර යනු පරිශීලකයින්ගේ පුද්ගලික තොරතුරු, එනම් මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, බැංකු ගිණුම් අංක වැනි දෑ සොරකම් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචනික ක්‍රියාවකි. මෙහිදී ප්‍රහාරකයන් විශ්වාසනීය ආයතනයක් (උදා: බැංකුවක්, සමාජ මාධ්‍ය ජාලයක්, රජයේ ආයතනයක්) ලෙස වෙස්වලා ගනිමින් විද්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ හෝ වෙබ් අඩවි හරහා ඔබව රවටා තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරයි.
සරලවම කිවහොත්, මෙය මසුන් ඇල්ලීමට සමානයි. මසුන් ඇල්ලීමට බිලී කොක්කක් භාවිතා කරන්නා සේම, තතුබෑම් ප්‍රහාරකයාද ව්‍යාජ විද්‍යුත් තැපෑලක් හෝ වෙබ් අඩවියක් භාවිත කර ඔබේ පුද්ගලික තොරතුරු “අල්ලා ගැනීමට” උත්සාහ කරයි.
තතුබෑම් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග
තතුබෑම් ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි වැදගත්ම ක්‍රියාමාර්ග කිහිපයක් මෙන්න:
- පණිවිඩවල සත්‍යතාව පරීක්ෂා කරන්න: ඔබට ලැබෙන විද්‍යුත් තැපෑලක් හෝ කෙටි පණිවිඩයක් සැක සහිත නම්, එහි ඇති අක්ෂර වින්‍යාස දෝෂ, ව්‍යාකරණ දෝෂ, සහ පණිවිඩය එවූ විද්‍යුත් තැපැල් ලිපිනය හොඳින් පරීක්ෂා කරන්න. නිවැරදි ලිපිනයක් වෙනුවට අමුතු අකුරු සහ සංකේත ඇතුළත් ලිපිනයක් තිබේ නම් එය වංචනික විය හැකියි.
- අනාරක්ෂිත සබැඳි (Links) ක්ලික් නොකරන්න: සැක සහිත පණිවිඩයක හෝ වෙබ් අඩවියක ඇති සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න. සබැඳිය මත මවුස් කර්සරය (mouse cursor) තබා එහි සැබෑ ගමනාන්තය පරීක්ෂා කර බැලීමෙන් එහි සත්‍යතාව තහවුරු කර ගත හැකියි.
- පුද්ගලික තොරතුරු ලබා නොදෙන්න: දුරකථනයෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ කෙටි පණිවිඩ මගින් ඔබේ මුරපද, බැංකු ගිණුම් අංක, හෝ ක්‍රෙඩිට් කාඩ්පත් අංක වැනි සංවේදී තොරතුරු කිසිවිටෙක ලබා නොදෙන්න. කිසිදු විශ්වාසනීය ආයතනයක් මේ ආකාරයට ඔබේ පුද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැහැ.
- වෙබ් අඩවි වල ලිපිනයන් පරීක්ෂා කරන්න: වෙබ් අඩවියක ඔබගේ තොරතුරු ඇතුළත් කිරීමට පෙර එහි ලිපිනය (URL) https:// ලෙස ආරම්භ වන බව සහ අගුළු නිරූපකය (lock icon) ඇති බව තහවුරු කරගන්න. මෙමගින් එම වෙබ් අඩවිය ආරක්ෂිත බවට යම් තරමක විශ්වාසයක් තබා ගත හැකියි.
- මුරපද කළමනාකරණය: ශක්තිමත් සහ සංකීර්ණ මුරපද භාවිතා කරන්න. හැකි සෑම විටම මුරපද කළමනාකරණ මෘදුකාංගයක් (password manager) භාවිතා කරන්න. එකම මුරපදය විවිධ ගිණුම් සඳහා භාවිතා කිරීමෙන් වළකින්න.
- ද්වි–සාධක සත්‍යාපනය (Two-Factor Authentication – 2FA) භාවිතා කරන්න: ඔබට හැකි සෑම ගිණුමක් සඳහාම 2FA සක්‍රිය කරන්න. මෙහිදී මුරපදයට අමතරව ඔබගේ දුරකථනයට හෝ විද්‍යුත් තැපෑලට එන කෙටි කේතයක්ද ඇතුළත් කළ යුතු බැවින්, ප්‍රහාරකයන්ට ඔබගේ ගිණුමට ඇතුළු වීමට ඇති අවස්ථාව බෙහෙවින් අඩු වේ.
- මෘදුකාංග යාවත්කාලීන කරන්න: ඔබගේ පරිගණකයේ, ජංගම දුරකථනයේ සහ අනෙකුත් උපාංගවල මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග නිතිපතා යාවත්කාලීන කරන්න. මෙම යාවත්කාලීන කිරීම් මගින් ආරක්ෂක දුර්වලතා වළක්වා ගත හැකිය.
මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ඔබට තතුබෑම් ප්‍රහාරවලින් ආරක්ෂා වී, ඔබේ පුද්ගලික තොරතුරු සුරක්ෂිතව තබා ගත හැකියි.
අවවාදයයි:
මෙවැනි ව්‍යාජ පණිවිඩවලට හසු නොවන්න. කිසියම් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සම්බන්ධයෙන් සැකයක් ඇති වූ විට, නිවැරදි තොරතුරු ලබා ගැනීමට ලංකා බැංකුවේ නිල වෙබ් අඩවිය භාවිත කරන්න, හදිසි විමසීම් සඳහා Call Center අමතන්න. වංචනික සබැඳි ක්ලික් කිරීමෙන් සහ නොදන්නා පුද්ගලයින්ට පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින්න. මෙම ව්‍යාජ ලින්ක් මත ක්ලික් කිරීමෙන්, ඔබේ NIC අංකය, බැංකු ගිණුම් විස්තර, OTP වැනි පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයකට ගත හැකිය. එසේම ඔබේ ජංගම දුරකථනයට malware/spyware ඇතුල් විය හැකිය. කරුණාකර මෙම සත්‍ය තොරතුර ඔබගේ හිතවතුන් අතර බෙදාහැරීමෙන් වංචනික ක්‍රියා වළක්වා ගැනීමට දායක වන්න.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලංකා බැංකුව බිනර පොහොය වෙනුවෙන් තෑගි ලබා දෙන බව සඳහන් සැබදිය ව්‍යාජ එකක් බවය. තවද, ලංකා බැංකුව විසින් එවැනි දීමනාවක් ලබාදෙනවා නම් ලංකා බැංකුවේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ එය ප්‍රචාරය කරන බව ලංකා බැංකු නියෝජිතයා තහවුරු කරන ලදි. මෙම පණිවිඩය වංචනික ක්‍රියාවක් (Phishing Scam) විය හැකි අතර, එහි අරමුණ වන්නේ එම ව්‍යාජ සබැඳිය ඔස්සේ ඔබගේ පුද්ගලික සහ බැංකු ගිණුම් තොරතුරු සොරකම් කිරීමයි. මෙම සබැඳිය විවෘත කිරීමෙන් හෝ තොරතුරු ඇතුළත් කිරීමෙන් ඔබගේ මූල්‍ය සහ පෞද්ගලික දත්තවලට විශාල අවදානමක් ඇති විය හැකිය.

Title:බිනර පෝයට ලංකා බැංකුවෙන් තෑගි ලබා දෙන බව කියමින් පැතිරෙන WhatsApp පණිවුඩය සත්‍යද?
Fact Check By: Fact Crescendo TeamResult: False
