මන්නාරම් වෙරළට “Sea cows”ගොඩ ගැසූ බවට පළ වන පුවත අසත්‍යයි!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ඇතැම් අවස්ථාවල කරුණු නිසි අයුරින් තහවුරු කර නොගැනීම නිසා නොමග යන අන්දමින් පුවත් වාර්තා කරනු ලබනවා. ඒ අයුරින් පළ වූ පුවතක කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මන්නාරම් වෙරළට ගොඩගැසූ Sea cows යනුවෙන් සඳහන් කරමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය සටහන් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂා කර බැලීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මන්නාරම් වෙරළට ගොඩගසා ඇති බවට දක්වා තිබුණු පුවත් වල සඳහන් කර තිබූ සබැඳි පරීක්ෂා කිරීමේදී එහි වැඩි දුරටත් දක්වා තිබුණේ,

මන්නාරම දකුණු මුහුදු තීරයේ තිරුපුල්ලානි ප්‍රදේශයට ‘Sea cows’ ලෙසින් හැඳින්වෙන මුහුදු ජීවියෙකු ඊයේ(20) පෙරවරුවේ ගොඩගසා ඇති බවයි. එමෙන් ම වයස අවුරුදු 8ක් පමණ වන මෙම සත්ත්වයා කිලෝග්‍රෑම් 300ක පමණ බරකින් යුක්ත වන අතර, මීටර් 2.30ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත බව ත්, ධීවර යාත්‍රාවක ගැටී සිදු වූ අනතුරකින් මියයන්නට ඇති බවට පරිසරවේදීන් විශ්වාස කර ඇති බවයි.

එම පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

මන්නාරම දිස්ත්‍රික්කයේ තිරුපුල්ලානි යනුවෙන් ප්‍රදේශයක් නොමැති බැවින් අප ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය ඉන්දියාවේ තමිල්නාඩුවේ ප්‍රදේශයක් බව දක්නට ලැබෙනවා.

මේ හේතුවෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා Sea cows’ නැත්නම් ඩුගොන්ග්(Dugong) සමුද්‍ර ක්ෂීරපායි ජීවියෙකු වෙරළට ගොඩ ගසා ඇති බවට වාර්තා කර ඇත්දැයි යන්න පරීක්ෂා කිරීමේදී The Hindu පුව් වෙබ් අඩවිය මේ පිළිබඳ වාර්තා කර ඇති බව දැක ගන්නට ලැබුණා. එහි සඳහන් කර ඇත්තේ,

පසුගිය 19 වන දා, දකුණු මන්නාරම් බොක්ක අසල ඉන්දියාවේ සේතුක්කරයි වෙරළ තීරයේ මියගිය සාගර ක්ෂීරපායි සත්වයා ධීවරයින් විසින් හඳුනා ගත් බව ත්, පසුව ඔවුන් කීලකරයි(Keelakarai) වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම් දුන් බවයි.

එරට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අනුව, මියගිය ගැහැණු ඩුගොන්ග් සත්වයාගේ වයස අවුරුදු 8 හෝ 9 වන අතර, බර කිලෝග්‍රෑම් 300 ක් බව ත්, දිග සෙන්ටිමීටර 300 ක්, පළල සෙන්ටිමීටර 115 ක් සහ වට ප්‍රමාණය සෙන්ටිමීටර 230 ක් වන බවට ගණන් බලා ඇති බව ත්, මරණයට හේතුව එම සත්ත්වයා ගල්පරවල ගැටීමෙන් ද, නැතහොත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ද, යන්න පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමෙන් පසුව පමණක් දැනගත හැකි බව වන සංරක්ෂණ නිලධාරීන් පැවසූ බව ත්, සඳහන් වුණේ මෙලෙසින්.

ඉන්දියාවේ සේතුක්කරයි වෙරළ තීරය Google Map ඔස්සේ

අප මේ පිළිබඳ මන්නාරම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද විමසූ අතර ඔවුන් සඳහන් කළේද, ඩුගොන්ග් සත්ත්වයෙකු මන්නාරම් වෙරළට ගොඩ ගසා නොමැති බව ත්, මන්නාරම් බොක්ක ආශ්‍රිත වූවත් මෙම සත්ව්‍යා ගොඩ ගසා තිබුණේ ඉන්දීය වෙරළට බවයි.

එමෙන් ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා ද, සඳහන් කළේ, මෙම සමුද්‍ර ක්ෂීරපායි සත්ත්වයා මන්නාරම් වෙරළට ගොඩ ගසා නොමැති බව ත්, ඇතැම් මාධ්‍ය මෙය නොමග යන සුළු ලෙස මන්නාරම් වෙරළ තීරයට ගොඩ ගසා ඇති බවට වාර්තා කර ඇති බව ත් ය.

ඩුගොන්ග් මෙරටේ වෙරළබඩ තීරයේ දක්නට ලැබෙනවද?

භෞමික හා සාගර ක්ෂීරපායින් පිළිබඳ විශේෂඥ, සංරක්ෂණ ජීව විද්‍යාඥ ආචාර්ය රනිල් නානායක්කාර මහතා සඳහන් කළේ,   ඩුගොන්ග්, මෙරටේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශවල දක්නට ලැබෙන බව ආචාර්ය නානායක්කාර සඳහන් කරයි. 1900 ගණන්වල මුල් භාගයේදී, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි පෝක් සමුද්‍ර සන්ධියේ සැලකිය යුතු ඩුගොන්ග් රංචු ගැන වාර්තා වී ඇති අතර දැනට මෙම කලාපයේ ජීවත් වන ඩුගොන්ග් සංඛ්‍යාව අවිනිශ්චිත බවයි ඔහු සඳහන් කළේ. 

ඩුගොන්ග් සත්වයින් දැකීම දුර්ලභ වුවද, වෛද්‍ය නානායක්කාර පවසන පරිදි, රටේ මන්නාරම් සහ පෝක් සමුද්‍ර  සන්ධිය ආශ්‍රිතව මසකට වරක්වත් ඩුගොන්ග් ඝාතන සිදු වන බවට වාර්තා වේ. දකුණු පළාතේ හෝ බස්නාහිර ප්‍රදේශ වැනි රටේ අනෙකුත් ප්‍රදේශවල ඝාතන දුටු බවට  වාර්තා වී නොමැති බව , මහතා අවධාරණය කළා. 

කෙසේ වෙතත්, සැලකිය යුතු මුහුදු තෘණ තවමත් පවතින නැගෙනහිර ප්‍රදේශවල පොසිල සාක්ෂි පවතින බව ත්, ඊට හේතුව  මූලික වශයෙන් එම ප්‍රදේශවල මුහුදු තෘණ බහුල වීම හේතුවෙන් ඩුගොන්ග් සැරිසරණ බව ත්, ඔවුන් නොගැඹුරු ජලය සඳහා වැඩි කැමැත්තක් දක්වන නමුත්, ඔවුන් ගැඹුරු ජලයේ සැරිසැරීමට පසුබට නොවන බවත් ආචාර්ය වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Also Read : ලංකාවේ වැව් ඉවුරේ දක්නට ලැබුණු භයංකර සත්ත්වයෙක් ?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,  මන්නාරම් වෙරළට ගොඩගැසූ Sea cows යනුවෙන් සඳහන් කරමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය සටහන් ද, වාර්තා කර තිබූ සටහන් නොමග යන සුළු බවයි. සත්‍ය වශයෙන් ම, මෙම සත්ත්වයා ගොඩ ගසා තිබුණේ, ඉන්දියාවේ සේතුක්කරයි වෙරළට වේ.

Avatar

Title:මන්නාරම් වෙරළට “Sea cows” ගොඩ ගැසූ බවට පළ වන පුවත අසත්‍යයි!

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply