ජනපති අනුර ජපානයේ ඉල්ලා අස්වූ අගමැතිවරයා සමග හමුවී සාකච්ඡා කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක්!

Insight Political Social

Update :
ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) නව නායිකාව ලෙස හිටපු අමාත්‍යවරියක වන සානේ ටකයිචි (64) තේරී පත්වී ඇත. ඒ ෂින්ජිරෝ කොයිසුම් පරාජය කරමිනි. ජපාන ඇතුළු විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අනුව ඇය එරට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වීමට නියමිත බවයි. පක්ෂ නායකත්ව තරගයේ දෙවන වටයේදී ටකයිචිට ඡන්ද 185ක් ලැබුණු අතර කොයිසු හිමිකර ගත් ඡන්ද සංඛ්‍යාව 156 කි. මේ සම්බන්ධයෙන් පළ වන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් පසුව තෙදින නිල සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගියේ ය. ජනාධිපතිවරයගේ ජපාන නිල සංචාරයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ විමසා බැලීමක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්තී වෙබ් අඩවියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සටහන් දෙකක් යොදා ගනිමින් සකසන ලද පහත සමාජ මාධ්‍ය සටහන මේ දිනවල වට්ස්ඇප් ඔස්සේ සංසරණය වෙමින් පවතී. ඉකුත් 07 වැනිදා ස්වාධීන රූපවාහිනී පුවත් නිල ෆේස්බුක් පිටුවේ ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි යන ශීර්ෂයෙන් පළකරන ලද සටහනක් සහ ඉකුත් 29 වැනිදා ජනපති ජපාන අගමැති හමුවෙයි යනුවෙන් පළ කරන ලද සටහනක් යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන මගින්  විමසා සිටින්නේ, ජනාධිපතිවරයා ජපානයට ගොස් හමුවුණේ, ඉල්ලා අස්වූ අගමැති ද යනුවෙනි. 

බැලූබැල්මට මෙම සටහනේ කිසියම් ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් සත්‍ය ලෙසම ජනාධිපතිවරයා ජපානයේදී මුණ ගැසී ඇත්තේ, ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍යවරයා ද එසේ නම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේදී එළැඹෙන ගිවිසුම්වල වලංගුභාවයට ඉන් බලපෑමක් සිදුවන්නේ  යන්න පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තේ ය. 

Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

පසුගිය සැප්තැම්බර් 7 වන දා ජපාන අගමැති ෂිනේරු ඉෂිබා ඉල්ලා අස්වීමෙන් පසු මෙරට ජනපති ජපාන අගමැති හමුවීම සහ එම කාලය තුළ ජපාන අගමැතිගේ ධුරය බල රහිතව පැවතුණා ද යන්න පිළිබඳ අප පරීක්ෂාවට ලක් කරන ලදී.

ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වෙයි 

වසරකටත් වඩා අඩු කාලයක් ධුරය දැරූ ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබුණා. ඔහු නියෝජනය කරන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉකුත් ජුලි මාසයේ පැවති ඉහළ මන්ත්‍රී මණ්ඩල ඡන්දයෙන් මෙන්ම ඊට පෙර පැවති පහළ මන්ත්‍රී මණ්ඩල ඡන්ද දෙකම පරාජය වීමත් සමග ධුරයෙන් ඉවත් වන ලෙස පක්ෂයෙන්ම පැන නැගුණු බලකිරීම් හමුවේ ඔහු සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව පසුගිය සැප්තැම්බර් 07 වන දා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ජීවන වියදම් අර්බුදය, උද්ධමනය සහල් මිල ඉහළ යාම, පක්ෂ සාමාජිකයින්ට මිල අධික ත්‍යාග ප්‍රදානය කිරිම, ජපාන මෝටර් රථ සඳහා අමෙරිකානු තීරුබදු පැනවීම ඇතුළු කරුණු කිහිපයක් ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය පහළ වැටීමට හේතුවූ බව එහි වැඩිදුරටත් සඳහන් ය. විස්තරය මෙතැනින්.

ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා ශ්‍රී ලංකා ජනපති මහත් හරසරින් පිළිගනී  

ජපන් රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීම සඳහා ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී පසුගිය 29 වැනිදා පැවති නිල උත්සවය පැවැත්විණ. එහිදී ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා විසින් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා මහත් හරසරින් යුතුව පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය මෙලෙස නිවේදනය කර තිබුණා. උත්තමාචර පිළිගැන්වීම් සහ දෙරටේ නියෝජිතයින් හඳුන්වාදීම්වලින් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා අතර නිල සාකච්ඡා ආරම්භ වී තිබූ අතර දෙපාර්ශ්වය අතර සංවර්ධන සහාය (Official Development Assistance) තවදුරටත් පිළිබිඹු කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සහ නිල ආරක්ෂක ආධාර ලබා දීමේ වැඩසටහන (Official Security Assistance- OSA) පිළිබඳ හුවමාරු පත්‍ර අත්සන් තැබීම ද මෙහිදී සිදු වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. විස්තර මෙතැනින්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා අතර පැවති නිල සාකච්ඡාවලින් පසු දෙපාර්ශ්වය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක්ද මාධ්‍ය වෙත නිකුත් කළේ ය. 

ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට අනුව දෙරට අතර ගිවිසුම්වලට ජපානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමොතෝ මහතා  සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අත්සන් තබා ඇත. මේ සම්බන්ධයෙන් මෙරට පළ වූ මාධ්‍ය වාර්තා මෙතැනින් සහ මෙතැනින්.

ජපාන අගමැතිගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීම ජපන් – ශ්‍රී ලංකා එකඟතාවන්ට බලපෑමක් ද? ‍

ජනාධිපති කාර්යාල නිල වෙබ් අඩවියේ ඉකුත් පෙබරවාරි 27 වැනිදා වාර්ත කර තිබුණේ, එදින ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමොතෝ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවී ජපාපනයේ නිල සංචාරයක නිරත වන ලෙසට ඇරයුමක් සිදු කළ බවයි. ඒ අනුව මෙය ජනාධිපතිවරයාට ජපාන රජයෙන් ලද නිල ඇරයුමකි. ඒ අනුව මෙරට ජනාධිපතිවරයගේ නිල සංචාරය ජපාන අගමැති සිය ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් පසු සැලසම් කළ එකක් නොවන බව පැහැදිලි ය. 

නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගන්නා තෙක් ජනතාවට සිය වගකීම අඛණ්ඩව ඉටු කරන බව 68 හැවිරිදි ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් පැවසූ බවයි. ඒ අනුව පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නව නායකයෙකු තෝරා ගෙන පසුව පාර්ලිමේන්තු ඡන්දයකින් පසු ඔහු හෝ ඇය අගමැති ධුරයට පත්වනු ඇති බව ද එහි සඳහන් ය. විස්තර මෙතැනින් සහ මෙතැනින්.

ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් පසු ජපාන අගමැතිගේ ජාත්‍යන්තර සමුළු සහ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් 

ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් පසු ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ෂිගේරු ඉෂිබා පසුගිය දා අමෙරිකාවේදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතූ අතර ලොව ප්‍රමුඛතම සංවිධානයක ලෝක නායකයින් රැසක් එකට එක්වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයා ඉකුත් 24 වනදා එක්වන්නේ, ද ඉකුත් 7 වැනිදා තමන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබූ පසුබිමකයි.  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අග්‍රාමාත්‍යවරයා සිදු කළ දේශනය මෙතැනින් අමෙරිකා එක්සත් ජනපද සංචාරයෙන් පසු අග්‍රාමාත්‍යවරයා සිය  සංචාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා. 

මේ අතර ඉකතු 30 වැනිදා ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සහ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් අතර ද්වීපාර්ශවීය හමුවක් සිදුව ඇති අතර  එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, අගමැති ලෙස තම අවසන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු දකුණු කොරියානු නායකයා සමග අවසන් කිරීමට හැකිවීම අර්ථවත් කටයුත්තක් බවයි. මේ අතර ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් පසුවත් ෂිගේරු ඉෂිබා ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස රට වෙනුවෙන් මෙන්ම රජ නියෝජනය කරමින් ජාත්‍යන්තරය සමගද පවත්වා ගත් සබඳතා, සමුළු, හමුවීම් පිළිබඳ ව ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල නිල වෙබ් අඩවියේ මෙලෙස දැකගත හැකි විය. ඒ අනුව පැහැදිලි වන්නේ, ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් පසු සිදුවූ එකම රාජ්‍ය ත්‍රාන්ත්‍රික හමුව ශ්‍රී ලංකා ජනපති ඇතුළු දූත පිරිස හමුවීම නොවන බවත් ඔහු ජපානය නියෝජනය කරමින් සැලසුම් කර තිබූ පරිදි අන්තර්ජාතික සමුළුවලට පවා සහභගී වී ඇති බවයි. 

ජනාධිපති මාධ්‍ය අංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක 

මේ අතර ශ්‍රී ලංකා ජනපතිගේ ජපාන නිල සංචාරය සහ එරට අග්‍රාමාත්‍යවරයා හමුවී නිල සාකච්ඡාවලට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ද, විමසීමක් කරනු ලැබුවා. 

ඔවුන් පැවසුවේ ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම නිවේදනය කර තිබීම සහ නිල සංචාරයේදී එළැඹි ගිවිසුම් සහ එකඟතාවන් සඳහා කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි. තවද ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට පෙර සැලසුම් කරන ලද  සහ එරටින් ලද නිල ආරාධනයටක අනුව සිදුවන්නක් බවයි. වරින් වර අග්‍රාමාත්‍යවරුන් මාරුවීම් පත් වීම්  වූ සිදු වුවද දෙරට අතර එළැඹි ගිවිසුම් සඳහා ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බව ද ඔවුන් තහවුරු කළ අතර අදාළ තනතුර දරන  පුද්ගලයා ඊට පසුදා ඉල්ලා අස්වුව ද එය රාජතාන්ත්‍රික මට්ටමින් එළඹෙන ගිවිසුම්, එකඟතා සඳහා කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොවන බවයි.  මේ වනවිට අග්‍රාමාත්‍යවරයා ලෙස ෂිගේරු ඉෂිබා සහභාගී වන රාජ්‍ය තාන්ත්‍රික හමුවීම්, ජපානය නියේජනය කරමින් සිදු කරන සියලු කටයුතු, සහභාගී වන සියලු අවස්ථා ව්‍යවස්ථානුකූලව ඉතිහාසයටත්, අනාගතයටත් වලංගු බව බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. 

ජපාන අගමැති ධුරය 

ජාත්‍යන්තර ප්‍රවෘත්ති මූලාශ්‍රවලට අනුව, අගමැති ෂිගේරු ඉෂිබා ඉල්ලා අස්වීමෙන් පසු පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) 2025 ඔක්තෝබර් 4 වන දින අගමැති තෝරා ගැනීමට මැතිවරණය පවත්වනු ඇත. කෙසේ වෙතත්, LDP-කොමෙයිටෝ සන්ධානය පාර්ලිමේන්තුවේ(ඩයට් මණ්ඩලයේ) සභා ගර්භ දෙකෙහිම බහුතරයක්  ලබා නොමැත. එමෙන් ම ප්‍රධාන විරුද්ධ පක්ෂ තුන වන Constitutional Democratic Party (CDP), නිපොන් ඉෂින් නො කායි (Japan Innovation Party) සහ Democratic Party for the People (DPFP)  සහයෝගීතාව සඳහා සාකච්ඡා කිරීමට රැස් වූ නමුත් තනි අපේක්ෂකයෙකුට සහාය දැක්වීම සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විපක්ෂය පාර්ලිමේන්තු ඡන්දයේදී එක්සත් වීමට ඉඩක් නොමැති අතර, ඒ හේතුවෙන් LDP හි නව නායකයා අගමැති ධුරයට පත්වීමට ඉඩ ඇති නමුත් නීති සම්මත කිරීමේදී සහ දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීමේදී සැලකිය යුතු අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇත. මේ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, LDP හි ෂින්ජිරෝ කොයිසුම් සහ සානේ ටකයිචි යන දෙදෙනා අතර අගමැති ධුරය සඳහා වන තරගය පවතින බවයි. විස්තර මෙතැනින් කෙසේ වෙතත් Japantimes වෙබ් අඩවිය වාර්තා කරන්නේ, පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කෘෂිකර්ම අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි ජපාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. විස්තර මෙතැනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok| YouTube

Avatar

Title:ජනපති අනුර ජපානයේ ඉල්ලා අස්වූ අගමැතිවරයා සමග හමුවී සාකච්ඡා කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක්!

Fact Check By: Sagarika Chathumali  

Result: Insight


Leave a Reply