නියෝජ්‍ය අමාත්‍යවරුන් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් නොමග යන සටහන් පෙළක්!

False Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

කාලීන තොරතුරු පාදක කර ගනිමින් ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් නොමග යන සටහන් පෙළක් පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂායක් පහතින්.

Claim 1:

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“මගේ සමාජ මාධ්‍ය ගිණුම් වල හා හා රිඇක්ට් දාන සහස් ගානකගෙ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කරනවා” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණ වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සමාජ මාධ්‍ය සටහන බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් හෝ ඔහුගේ අමාත්‍යාංශය විසින් නිවේදනයක් හෝ නිකුත් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළා.

නමුත් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට රිඇක්ට් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවට කිසිදු පුවතක් දැක ගන්නට නොලැබුණි. මේ හේතුවෙන් අප මේ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ අතර අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, තමන් කිසිදු පැමිණිල්ලක් සිදු නොකළ බව ත්, ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ආකාරයෙන් ප්‍රකාශයක් හෝ සිදු කර නොමැති බවයි.

පසුගිය දා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් අමාත්‍යවරයා සම්බන්ධ සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම්, සටහන් සහ මඩ ප්‍රචාරයන් සිදු කරන සමාජ මාධ්‍ය ගිණුම් හිමි පුද්ගලයින්, සමාජ මාධ්‍ය පිටු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් යොමු කර බවට නිවේදනයක් පළ කර තිබුණා. මෙම නිවේදනය අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ ද, පළ වී තිබුණු අතර බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ පිළිබඳව අදහස් පළ කරමින් විවේනය කර තිබූ අතර ඒ ඔස්සේ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සම්බන්ධයෙන් ද, උපහාසාත්මක කෝණයෙන් මෙම සටහන් නිර්මාණය කර ඇති බවට පෙන්වා දිය හැක.

Claim 2:

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“රාජපක්ෂලාගේ නෑයෙක් වෙච්ච අපේ බිමල් සහෝදරයාට උසස් පෙළට A 4ක් තිබුනා. ඒත් එයා කැම්පස් ගියේ නෑ. ඒ නිසා බිමල් හොරෙක් නෙමෙයි.”යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන විසින් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන විසින් ඉහත පෙන්වා දෙන පරිදි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, මෙම සටහනේ දැක්වෙන්නේ අසත්‍ය ප්‍රකාශයක් බවයි.

එමෙන් ම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ(10) පාර්ලිමේන්තුවේදී බිමල් රත්නායක මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අමාත්‍යවරයාගේ විෂය පථය ඉවත් කිරීම පිළිබඳ අදහස් දැක්වූ අතර එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පිළිබඳ සිදු කරන ප්‍රකාශය විකෘති කොට නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා.

නියෝජ්‍ය අමාත්‍ය ගුණසේන විසින් සත්‍ය වශයෙන් සිදු කරන ප්‍රකාශය පහතින්.

Parliament of Sri Lanka

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Avatar

Title:නියෝජ්‍ය අමාත්‍යවරුන් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් නොමග යන සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply