දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2025 වසරේ ලොව දරුණුතම සුළි කුණාටුව ලෙසින් සැලෙකන මෙලීසා කුණාටුවේ බලපෑමෙන් කැරිබියන් දූපත් රැසක් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී තිබෙනවා. මෙලීසා සුළි කුණාටුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වුණු වීඩියෝවක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ,
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“මෙලීසා සුළි කුණාටුව ප්‍රචණ්ඩ සුළං සමඟ ජැමෙයිකාවට කඩා වැදෙයි” යනුවෙන් සඳහන් කරමින් ජැමෙයිකාවට බලපෑ ‘මෙලීසා‘ කුණාටුවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වී තිබුණා.
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය වශයෙන්ම ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුවේ වීඩියෝවක්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුවේ අවස්ථා බවට පෙන්වා දී තිබූ ඉහත වීඩියෝව සත්‍ය වශයෙන්ම ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුව ද යන්න පරීක්ෂා කිරීමට ප්‍රධාන මාධ්‍ය ධාරා සහ සමාජ මාධ්‍ය පරිශීලකයන් ද, පසුගිය දිනවල ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුවේ ජායාරූප, වීඩියෝ වෙත අපගේ අවධානය යොමු කළා.
නමුත් ජාත්‍යන්තර මාධ්‍ය මගින් පළ කර තිබුණු සත්‍ය අවස්ථාවේ මෙලීසා සුළි කුණාටුවේ අවස්ථාවල ඉහත සඳහන් වීඩියෝ දැක ගන්නට නොලැබුණි. සත්‍ය අවස්ථා සම්බන්ධයෙන් ඡායාරූප සහිතව පළ වී තිබූ වෙබ් ලිපයක් මෙතනින්.aa.com.tr | Archived
තවත් වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
ඉහත දක්වා ඇති වීඩියෝ වල සත්‍ය අවස්ථා සොයා බැලීමට අප එම සමාජ මාධ්‍ය වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
එහිදී දැක ගැනීමට හැකි වූයේ මෙය මෙලීසා සුළි කුණාටුවේ වීඩියෝ පටයක් නොව, මීට පෙර සිදු වූ ස්වභාවික ආපදා අවස්ථාවලදී ලබා ගත් කෙටි වීඩියෝ පට වල එකතුවකින් සාදන ලද නොමග යවන සුළු වීඩියෝ පටයක් බවයි. එහි අන්තර්ගත දර්ශන අතර පහත දැක්වෙන ස්වභාවික ආපදා අවස්ථාවන්වල දර්ශන ඇතුලත්ව ඇති බව හඳුනාගැනීමට හැකි වුණා.
2024 වසරේ චීනයට බලපෑ ‘බෙබින්කා’ සුළි කුණාටුව

2024 වසරේ වියට්නාමයට බලපෑ ටයිෆූන් යාගි සුළි කුණාටුව

2020 ඔක්තෝබර් 29 වන දින ඇති වූ ලුසියානා හි සීටා සුළි කුණාටුව

මෙහි මුල් දර්ශන 2020 නොවැම්බර් 3 වන දින පළ කරන ලද යූ ටියුබ් වීඩියෝවක අන්තර්ගත වේ. එය මෙතනින්.
පෙන්සිල්වේනියාවේ බර්ක්ස් ප්‍රාන්තයේ සුළි කුණාටුවක්

මෙහි මුල් දර්ශන 2019 මැයි 28 වන දින fox43.com විසින් පළ කර ඇත.
2024 සැප්තැම්බර් 25 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ හෙලීන් නිවර්තන කුණාටුව

එහි මුල් දර්ශන මෙතනින්.
2025 සැප්තැම්බර් 19 වන දින රුසියාවේ ඇති වූ සුළි කුණාටුවක්

එහි මුල් දර්ශන මෙතනින්.
මයිකල් සුළි කුණාටුවෙන් හානි වූ ෆ්ලොරිඩා ටෙක්සාකෝ දුම්රිය ස්ථානයක ඡායාරූපයක්

2018 ඔක්තෝබර් 11 වන දින පල වූ එහි මුල් දර්ශන මෙතනින්.
2025 ජුනි 27 දින ෆෝට් ස්මිත් ප්‍රදේශයට ඇති වූ ගිගුරුම් සහිත වැස්සක දර්ශන

එහි මුල් දර්ශන මෙතනින්.
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි කුණාටුවක දර්ශන

එහි මුල් දර්ශන මෙතනින්.
2025 පෙබරවාරි 11 වන දින සිඩ්නි නුවරට ඇති වූ දැවැන්ත වර්ෂාවක්

එහි මුල් දර්ශන මෙතනින්.
2025 ඔක්තෝබරයේ ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුව
2025 ඔක්තෝබර් 21 වන දින මධ්‍යම කැරිබියන් මුහුදේ නිවර්තන කුණාටුවක් ලෙස ආරම්භ වී ඇති මෙලිසා සුළි කුණාටුව 5 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
2025 ඔක්තෝබර් 28 වන දින, පැයට කිලෝමීටර් 297 (පැයට සැතපුම් 185) ක සුළං සමඟින් මෙලිසා සුළි කුණාටුව ජැමෙයිකාට ඇතුළු වී තිබෙනවා. 5 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ජැමෙයිකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇති වූ තිබෙන අතර එමඟින් 125,000 ක පමණ ජනතාව අවතැන් වී තිබෙනවා.කැරිබියන් දූපත් හරහා හමා ගිය මෙලිසා සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 43 දක්වා ඉහළ ගොස් ඇති බව හයිටි රජය සඳහන් කරනවා. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Conclusion (නිගමනය):
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුව ලෙසට දක්වා තිබූ වෛරල් වී ඇති වීඩියෝව සැබවින්ම ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුවේ වීඩියෝවක් නොව මීට පෙර ඇතිවුනු ස්වභාවික ආපදා අවස්ථාවන් වලදී ලබාගත් වීඩියෝ එක් කර සාදන ලද නොමග යවන සුළු වීඩියෝවක් බවයි.
Title:ජැමෙයිකාවට කඩා වැදුණු ‘මෙලීසා’ සුළි කුණාටුවේ වීඩියෝද?
Fact Check By: Fact Crescendo TeamResult: Misleading


