දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පැවති ග්‍රීක බැදුම්කර නඩුවෙන් ඔහු නිදහස් කිරීම පිළිබඳ අද(10) දවසේ සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහනක් හුවමාරු වූ අතර මේ ඒ පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ තමන් නිදොස් කොට නිදහස් කර ඇති බවට දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් හිරු මාධ්‍ය වෙත ප්‍රකාශයක් කර තිබුණේ මෙලෙසින්.
මේ ඔස්සේ සමාජ මාධ්‍ය සටහන් “ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්” ලෙස වාර්තා කර තිබුණේ මෙලෙසින්.
|
|
|
|
මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් සිවුදෙනාම නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහම් මහතා අද (10) නියෝග කර තිබුණා.
ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනි.
අධිකරණ වාර්තාකරු
මේ පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබූ බැවින් අප සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අපගේ අධිකරණ වාර්තාකරුගේ විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, 2011 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා ලබා සිටී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන වීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එච්. කේ. කරුණාරත්න විත්තිකරුවන් මෙලෙස නිදහස් කර ඇති බව ත්, නමුත් නිදොස් කොට නිදහස් කිරීමක් නොවන බවයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නිඩාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්ට එරෙහිව ඇති අධිචෝදනාවන් දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්තිය ප්‍රකාරව ඉවත් කරගැනීම සම්බන්ධව සලකා බලන ලෙසට පළමු චූදිත විසින් කර තිබූ ඉල්ලීමට අනුව, දූෂණ විරෝධී පනතේ 67 (2) වගන්තිය ප්‍රකාරව වන කරුණු සලකා බැලූ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව එරෙහිව වන අධිචෝදනාව අද දින (10) ඉල්ලා අස්කර ගත් බව ත් එහි දක්වා තිබුණා.
නමුත් ඒ සඳහා කොන්දේසි පණවා තිබුණේ මෙලෙසින්.
” මෙම අධිචෝදනාවන් ඉල්ලා අස්කර ගන්නා දිනයේ සිට මාස 3 ක කාලසීමාවක් ඇතුළත පළමු චූදිතවිසින් මෙම වරදට අදාළව සිදු වූ අලාභය ලෙස ගණනය කර ඇති රු.1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක ) ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කළ යුතු ය ” 55
එම ඉල්ලා අස්කර ගැනීමට මහාධිකරණය අවසර දුන් අතර, ඒ අනුව, මාස 3 ක කාලසීමාවක් ඇතුළත පළමු චූදිත විසින් රු.1,843,267,595.65 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ ලබා දී ඇති ගිණුමට බැර නොකළ හොත් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය ප්‍රකාරව නැවත ඔහුට අධිචෝදනාවන් ගොණු කිරීමට පියවර ගනු ලැබේ.
එම නඩුවේ අනෙක් චූදිතයන්ට එරෙහිව ඇති අධිචෝදනාවන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව ඉල්ලා අස්කරගත් අතර, ඒ අනුව, මහාධිකරණය විසින් එම චූදිතයන් නිදහස් කර ඇත.
මෙම නඩුවෙන් චූදිතයන් නිදොස් කොට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව ද එහි වැඩි දුරටත් දක්වා තිබුණේ මෙලෙසින්.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා
ශ්‍රී ලංකා මහා බැංකුව විශේෂයෙන්ම මා ඇතුළු ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව 2011දී කරලා ලද ආයෝජනය හරහා ශ්‍රී ලංකා මහා බැංකුවකට සහ රජයට දැවන්ත පාඩුවක් වුණා කියලා තමයි අපිට මේ නඩුව පවරලා තිබුණේ. මේ නඩුවට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවලා තිබුණා. එයින් අපිව සම්පූර්ණයෙන්ම නිදොස්කොට නිදහස් කලා ඒ වුනාට මෙතනදී අල්ලද් කොමිසම විසින් මෙම නඩුව අපිට විරුද්ධව දැමුවට පසුව මගේ නීතිඥවරු ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක ඉල්ලීමක් කෙරුවා අල්ලස් කොමිසමට මේ කරුණු සලකලා බලලා නැවත පසුවිපරම් කරලා බලන්නට කියලා මේ නඩුව ගෙන යන්න බැරි නිසා මෙය ඉල්ලා අස් කරගන්න එක හොඳයි කියලා එතුමා යෝජනා කරා. ඒ අනුව අල්ලස් කොමිසම විසින් අද ඒ නඩුව ඉල්ලා අස් කිරීම උසාවියට දැනුම් දුන්නා. ඒ අනුව ගරු මහාධිකරණය අපිව නිදොස්කට නිදහස් කලා. මම මේ ගැන සතුටු වෙන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ චෝදනාව මට එල්ල කරමින් බොහෝ දෙනෙක් ඒ හරහා මට මානසික පීඩනයක් ගේන්න උත්සහ කෙරුවත් මට එහෙම වුණේ නැහැ. මම අද විශ්වාසය තියාගෙන හිටපු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීම ගැන මට සතුටු වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ කාලය තුළදී අපිට බොහෝ දෙනෙක් උදව් කෙරුවා බොහෝ දෙනෙක් අපිට චෝදනා කළා.ඒ එක්කම ඒ අයටත් මම ස්තුතිවන්ත වෙනවා අපි කෙරෙහි මේ විශ්වාසය දිගින් දිගටම තියාගෙන අපි ගැන බොහෝම සත්භාවයෙන් ඒ අය හොඳින් අපිට අපේ චේතනාවල් යහපත් බව තේරුම් අරගෙන අපිට සහයෝගය සහ ශක්තිය ලබා දුන්න එක ගැන. ඉතින් මම මේ අවස්ථාවේදී මේ බොරු චෝදනා වලින් නිදස්වීම ගැන සතුටු වෙනවත් එක්කම පසුගිය කාලේ තුළදීත් මා කියන්නට අවශ්‍යයි මේ චෝදනා සියල්ලම එක එක්කෙනා කතා කරද්දී බොහොම උජාරුවෙන් සමහරක් අය කතා කෙරුවත් මම දැනගෙන හිටියා මේවාගෙන් අපි නිදහස් වෙනවාමයි කියලා. මොකද අපි වැරද්ද කරලා තිබුණේ නැහැ. නිදොස්කොට නිදහස් වෙන බව මට සහතිකයක් තිබුණා. ඒ වුනත් උපේක්ෂාවෙන් කටයුතු කරන්නට සිදු වුණා මේ කාලය තුළදී. ඒ අපේ චරිතයටත් අපේ පසුබිමටත් හොඳයි. ඉතින් මම ඒ නඩු දාපු අයටත් මේ නඩු විතරක් නෙමෙයි තව තවත් නඩු දාපු අය හිටියා. ඒ අය දාපු නඩුත් අපි මේ ළඟදී සියලු දේවල් අපි අස් කරගන්න හිටිය. අපිට හැකි වුණා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනිකුත් උසාවි හරහා. ඉතින් ඒ නිසා මම ඒ අයටත් ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ නීතිය හරියාකාරව බලපාන එක ගැන අපි හැමෝම සතුට විය යුතු බව මම කියා සිටින්නට අවශ්‍යයි.
මෙම ආයෝජනය සිදු වුණේ 2011 මාර්තු සහ අප්‍රේලේ කාලේදී. ඒ කාලවල් වෙලේදී ග්‍රිසියේ කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ. මේ කියන විදිහට ග්‍රිසියේ ඒ කාලේ තිබුණ රේටින එක ඩබල්බි. අද ශ්‍රී ලංකාවේ තියෙන්නේ සී වලටත් පහලින්. ඒ වුනාට ඒ අවස්ථාවේදී යම්කිසි අවධානමක් තිබුණත් ඒ අවදානම ඔස්සේ තමයි මේ රාජකාරිය කරන්න සිදු වෙන්නේ. ඉතින් එහෙම කරලා මේ එක අවස්ථාවකදී එම ආයෝජනයෙන් පාඩුවක් සිදු වුණත් ඒ අවුද්දේ 2011 වර්ෂයේදී තමයි ශ්‍රී ලංකා මහා බැංකුව මුළු ඉතිහාසයේම වැඩිම ලාභයක් ලබාගත්ත අවුරුද්ද. ඩොලර් මිලියන 430ක් ඒ අවුරුද්දේදී හම්බ කරවා. දැන් හම්බ කරන්නේ ඩොලර් මිලියන 50ක් 60ක් 70ක් 80වක් ඒ වගේ ගණනක්. එතකොට ඒ අවුරුද්දේදී අපි සියලු දෙනාම එකතු වෙලා ඩොලර් මිලියන 430ක් හම්බ කෙරුවා. ඉතින් ඒ නිසා ඕනම කෙනෙක්ට තේරෙනවා ඇති කොච්චර සද්භාවයකින් කොච්චරක් උනන්දුවකින් ඒ වැඩ කටයුතු කෙරුවද කියලා. ඉතින් ඒ නිසා ඒවත් මම හිතන්නේ අධිකරණය සහ අල්ලස් කොමිසමේ සාමාජික මහත්මරුන් ඒවා හොයලා බලලා මම හිතන්නේ එහෙම ක්‍රියා කරන්නට ඇති. ඒ නිසා මේ නඩුව ඉල්ලා අස් කිරීම ගැන අපි සතුටු වෙනවා. ඉදිරියටත් මෙවැනි තීරණ හරහා ආයෝජනය කරන්නන්ට ධෛර්යක් එනවා ආයෝජනය කරන්න පුළුවන් කියලා විවිධ චෝදනා නැතුව. මොකද සමහරක් වෙලාවට පාඩු සිදු වෙන්නට පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්. ඒ වුණත් ඒ අයට ඒ අවස්ථාව දෙන්නට ඕනේ එවැනි ආයෝජනය කරන්න. එහෙම නොදුන්නොත් කවදාවත් රට වෙනුවෙන් ලාභයක් ලබා ගැනීමට බැරි වෙනවා .ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉදිරියටත් මේ තීන්දුව බලපානවි මහා බැංකුවේ ආයෝජන කලමණාකරණය කරමින් සිටින සියලු දෙනාටත් ශක්තියක් ඇතුව ඒ කටයුතු කරන්නට ධෛර්යක් ලැබෙයි කියලා මා විශ්වාස කරනවා .
මේ චෝදනා කරද්දී මුළු මුදල් මණ්ඩලයටම මේ චෝදනා එල්ල වුණා. එතකොටත් මම මුදල් මණ්ඩලයේ හිටියා .එතකොට මුදල් මණ්ඩල සභාපති හැටියට මටත් ඒ චෝදනාවේ එල්ල වුණා. එතකොට ඒ චෝදනා වලින් ශ්‍රේෂ්ඨාධිකරණය අපි සියලු දෙනාම නිදොස්කොට නිදහස් කෙරුවා. ඒ වුනත් නැවත වරක් මේ සිද්ධියම පදනම් කරගෙන අල්ලස් කොමිසම විසින් යම් විග්‍රහයක් කරලා තිබුණා. ඉන්ක්වාර එකක් කරලා තිබුණා. ඒ අනුව ඒ අයත් අපිට නඩු පැවරුවා ඒ අතරතුරදී නිලධාරින් හතරදෙනෙකුට නඩුව පැවරුවා.එක් නිලධාරි මහත්මයෙක් ජීවතුන් අතර නැහැ. අන්තිමේදී හතර දෙනෙක්ට විරුද්ධව තමයි මේ නඩුව කියවුනේ. මේ නඩුවෙන් හතරදෙනාම නිදොස් කට නිදහස් කිරීම ගැන මා සතුටු වෙනවා. අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස මෙතනින්.
නිදොස් කොට නිදහස් කිරීම
‘නිදොස් කොට නිදහස් කිරීම‘ යන්නේ සාමාන්‍යය අදහස විත්තිකරුගේ හෝ විත්තිකරුවන්ගේ නිර්දෝෂීභාවය අධිකරණය පිළිගැනීමය.
ජූරි සභාවක් හෝ විනිශ්චයකාරවරයකුට විත්තිකරුවෙකු නිදොස්කොට නිදහස් කිරීමේ තීන්දුවක් ලබා දිය හැකිය.
යම් පුද්ගලයෙකු වරදකරු කිරීම සඳහා හෝ නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මෙම තීන්දුව ගැනීමට හේතු වේ.
විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කිරීමෙන් ඔහුට එරෙහිව නීතිය ඉදිරියේ ඇති සියලු වරද ඉවත් කරනු ලබයි.
ජූරි සභාවකින් යම් විත්තිකරුවෙකු නිදොස් කිරීමක් සිදුවන්නේ එම සභාව අදාළ පුද්ගලයා වැරදිකරු නොවන බව සොයා ගත් විටය. නීතියෙන් නිදොස් කිරීමක් සිදුවන්නේ හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමෙනි. උදාහරණයක් ලෙස නඩුවේ මූලය නිදොස් වූ විට එයට හවුල්කාර පාර්ශවය ද නිදොස් වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ඔහු නිදොස් කොට නිදහස් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් නොමග යවන සුළු බවයි. මෙම අධිචෝදනාවන් ඉල්ලා අස්කර ගන්නා දිනයේ සිට මාස 3 ක කාලසීමාවක් ඇතුළත පළමු චූදිතවිසින් මෙම වරදට අදාළව සිදු වූ අලාභය ලෙස ගණනය කර ඇති රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු අතර එම කාල සීමාවේදී ගෙවීම් සිදු නොකරනවානම්, දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය ප්‍රකාරව නැවත ඔහුට අධිචෝදනාවන් ගොණු කිරීමට පියවර ගනු ලැබේ.
Title:2011 ග්‍රීසියේ නඩුවෙන් අජිත් නිවාඩ් කබ්රාල් නිදොස් කොට නිදහස් ද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading


