දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අසත්‍ය ප්‍රචාරණයන් සඳහා ප්‍රසිද්ධ දේශපාලන චරිත යොදා ගැනීම බහුලව දැකගත හැකි තත්ත්වයක්. හිටපු අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ කර ගරනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එවැනි සටහනක් පිළිබඳ අප විමසා බැලුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
‘රාජපක්ෂලා රට බංකොලොත් කල හැටි ගැන ආල පාළු ආර්තිකය‘ පොත ලියූ චම්පිකව බයි තක්සලාවේ සට්ටැබියන් දෙදෙනා විසින් ආදරයෙන් බදා වැලදගෙන පව් සමාකරගත් මොහොත’ යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති පහත ඡායාරූප සටහනට අනුව පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන මිලින්ද රාජපක්ෂ සහ ගායක ඉරාජ් වීරරත්න විසින් පාඨලී චම්පික රණවක මහතාව වැළඳගෙන දැඩි සුහදත්වයක් දක්වන ආකාරයක් දැකගත හැකියි.
මෙම සටහන මගින් ඇඟවීමට උත්සාහ කර ඇත්තේ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ‘බයි තක්සලාව’ යූ ටියුබ් වැඩසටහන ඉදිරිපත් කරන මිලින්ද සහ ඉරාජ් සමග මෙලෙස ඡායාරූපයකට පෙනී සිටීම තුළින් හිටපු ඇමතිවරයා පොදුජන පෙරමුණු දේශපාලන මතවාදය සමග එක්ව ඇති බවයි.

එවැනි තේමා ඔස්සේ එම ඡායාරූපයම යොදා ගනිමින් පළ කර තිබූ තවත් ෆේස්බුක් සටහනක් පහතින්.

මේ අනුව සමාජ මාධ්‍ය වේදිකාවේ සංසරණය වන මෙම සටහනේ නිරවද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ආමාත්‍යවරයෙකුව සිට පසුව 2014 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් වූ පාඨලී චම්පික රණවක මහතා, යහපාලන රජය බිහි කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ දේශපාලනඥයෙකි. ඒ අනුව පාඨලී චම්පික, දේශපාලනඥයෙකු කිසියම් වැඩසටහනකදී හෝ අවස්ථාවකදී හෝ අනාගත දේශපාලන වෙනසක් පිළිබඳ ඉඟි සපයමින්, පොදු ජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධ මිලින්ද රාජපක්ෂ සහ ඉරාජ් වීරරත්න සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ඡායාරූපයකට පෙනී සිටියේ නම්, ඒ පිළිබඳව පුවත් වාර්තා තිබිය යුතු අතර අපට එවැන්නක් දැක ගන්නට ලැබුනේ නැහැ.
මේ පිළිබඳ තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේ අරමුණින් අප හිටපු අමාත්‍ය පාඨලී චම්පික, මිලින්ද රාජපක්ෂ සහ ඉරාජ් වීරරත්නගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කළා. කෙසේ වෙතත් ආසන්න දිනකදී ඔවුන් කිසිවෙක් සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ඡායාරූපයක් සිය ගිණුම් ඔස්සේ පළ කර තිබුණේ නැහැ.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයට සමාන ඡයාරූපයක් මිලින්ද රාජපක්ෂ විසින් සිය LinkedIn ගිණුමේ, මීට මාස 7 කට පමණ පෙර පළ කර තිබෙනු දැකගත හැකි වුණා.

කෙසේනමුත් එම ඡායාරූපයට අමතරව ඔවුන් තිදෙනාම වැලඳ ගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරුපයක් අප ට හමු නොවූ අතර එවැනි ඡායාරූපයක් ලබාගත්තේ ද යන්න මිලින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීමක් සිදුකළ අතර ඔහුගේ පිළිතුර සමඟ මෙම ලිපිය යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ, අස්වාභාවික පිහිටීම් රැසක් ඇති ඡායාරුපයක්
සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන ඡායාරූපය සහ ඉහත මිලින්දගේ LinkedIn ගිණුමේ පළ කර ඇති ඡායාරූපය දෙක පරික්ෂා කිරීමේ දී ඔවුන් තිදෙනාම ඇඳුම් සුළු වෙනසක් හැර බොහෝදුරට සමාන බව දැකගන්නට ලැබෙනවා. අදාළ ඡායාරූපයේ ස්ථානය සහ පසුබිම ද බොහෝ දුරට සමාන බව දැකගත හැකියි.
කෙසේනමුත්, මොවුන් වැළඳ ගෙන සිටින අයුරු පෙන්වන ඡායාරූපයේ අස්වාභාවික ස්ථාන කිහිපයක් පහත පරිදි පැහැදිලිවම දැකගන්නට පුළුවන්.
එනම් පාඨලී චම්පික මහතාගේ දකුණු අතේ පිහිටීම (මිලින්ද ගේ උරහිස මත) අස්වාභාවික වන අතර ඔහුගේ වම් අතට (ඉරජ්ගේ උරහිස මත) යටින් තවත් අතක් දැකගන්නට ලැබෙනවා. එය මිලින්දගේ වම් අත නම්, එහි පිහිටීම ද ඉතා අස්වහාවික බව පහත අයුරින් පෙන්වා දිය හැක.
![]() | ![]() |
| මිලින්දගේ LinkedInහි පළකර තිබු සත්‍ය ඡායාරුපය | අස්වාභාවික පිහිටීම් ඇති සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය |
කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරන ලද ඡායාරූපයක්
ඒ අනුව ඉරාජ් – මිලින්ද සහ පාඨලී චම්පික පෙනී සිටින ඡායාරූපයේ අස්වාභාවික පිහිටීම් හේතුවෙන් අප එම ඡායාරූපය සංස්කරණ කළ සහ AI ඔස්සේ සංස්කරණය කළ ඡායාරූප පරික්ෂා කරන මෙවලම් වෙත යොමු කිරීමට පියවර ගත්තා. ඒ අනුව පැහැදිලි වූයේ, මෙම ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.
![]() | ![]() |
මිලින්ද – ඉරාජ් සමඟ පාඨලී මීට මාස කිහිපයකට පෙර සහභාගී වූ වැඩසටහන
2025 මැයි 10 වනදා Iraj Show යූටියුබ් චැනලය ඔස්සේ විකාශය කර තිබූ ‘බයි තක්සලාව’ වැඩසටහන සඳහා හිටපු ඇමති පාඨලී චම්පික මහතා සහභාගී වී තිබුණා. එම වැඩසටහන පහතින්.
කෙසේ වෙතත් මෙම වැඩසටහනේ දී හිටපු අමාත්‍යවරයා විශ්වවිද්‍යාල පද්ධතියේ නවක වදය, යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය මෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුළු දේශපාලන කරුණු පිළිබඳව අදහස් පළ කළ ද , සිය දේශපාලන ස්ථාවරයේ වෙනසක් හෝ පොදුජන පෙරමුණ හා එක්වන බවට හෝ ඉඟි පළ කිරීමක් සිදු නොකරයි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය පිළිබඳව අප හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් ද විමසීමක් සිදු කළා. හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය සංස්කරණය කරන ලද ව්‍යාජ ඡායාරූපයක් බවයි.
මීට මාස කිහිපයකට ඉහතදී, ඉරාජ් වීරරත්න සහ මිලින්ද රාජපක්ෂ මෙහෙයවන වැඩසටහනක් සඳහා තමන් සහභාගී වුව ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ඡායාරූපයකට තමන් පෙනී නොසිටි බව හිටපු අමාත්‍යවරයා තහවුරු කර කියා සිටියා.
එසේම, තමාගේ දේශපාලන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවත් අවම වශයෙන් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබූ නොවැම්බර් 21 නුගේගොඩ රැළියට හෝ තමන් සහභාගී නොවූ බව හිටපු අමාත්‍යවරයා කියා සිටියා.
ඒ අනුව මෙවැනි ව්‍යාජ ඡායාරූප සමාජගත කිරීම හරහා තමන් නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමේ උත්සාහයක් ඇති බවට මතයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බවත් මෙය ඉතාමත් පහත් ක්‍රියාවක් ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, මිලින්ද රාජපක්ෂ සහ ඉරාජ් වීරරත්න හිටපු අමාත්‍ය පාඨලී චම්පික වැළඳගන්නා ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය සැබෑ ඡායාරූපයක් නොව, කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවයි.
මීට මාස 7කට පමණ ඉහතදී මිලින්ද – ඉරාජ් විසින් මෙහෙයවන ‘බයි තක්සලාව, වැඩසටහනට පාඨලී චම්පික මහතා සහභාගී වී ඇති අතර මොවුන් තිදෙනා එකට පෙනී සිටි ඡායාරූපයක් යොදාගනිමින්, ඔවුන් වැලඳගෙන සිටින අයුරු බව දැක්වීමට සිදුකළ ඡායාරූප සංස්කරණයකි.
Title:ඉරාජ් – මිලින්ද හිටපු ඇමති පාඨලී වැළඳගන්නා අයුරු ලෙස සිදුකළ ඡායාරුප සංස්කරණයක්!
Fact Check By: Sagarika ChathumaliResult: Altered






