දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ගංවතුර, නායයෑම් සමඟ ඇති වූ ආපදා තත්වය දේව කෝපයෙන් ඇති වූවක් බවටත්, එම දේව කෝපයට හේතුව පවත්නා ආණ්ඩුව බවටත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කරන ආකාරයක් හැඟවෙන අයුරින් වීඩියෝවක් ආපදා සමයේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ,
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“ලංකාවට මේ අපරාධය උනේ ජනාධිපති අනුර දිසානායක බලෙන් දළදා වහන්සේ පෙන්නපු නිසා දේව කෝපය වැදිලා” යනුවෙන් දක්වමින් කෙටි වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.
Facebook | Archived Link FB | Archived
අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

අදාළ වීඩියෝ පටය හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පවත්නා රජයට දොස් පවරන වීඩියෝවක් ලෙස වටහා ගත් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින්, ඒ සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයා ගේ වීඩියෝවේ දැක්වෙන අදහසට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

සත්‍ය ලෙසම මෙම ප්‍රකාශය හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය කාලසීමාවේ පැවති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් රජයට දොස් පවරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ විට අපට දැකගන්නට ලැබුනේ මෙම කෙටි වීඩියෝව ඇතුළත් මුල් වීඩියෝව මෑතක දී ලබාගත් වීඩියෝවක් නොව, මීට මාස 7කට පෙර, එනම් 2025 අප්‍රේල් මාසයේදී , රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබු Iraj Show නමැති යූ ටියුබ් චැනලය ඔස්සේ පවත්වන ලද වැඩසටහනකට සම්බන්ධ වීඩියෝවක ඇතුළත් කොටසක් බවයි.

හිටපු ජනපති රනිල් මෙම ප්‍රකාශය සිදුකර තිබෙන්නේ වත්මන් රජය පවත්වන ලද විශේෂ දළදා දැක්ම සම්බන්ධයෙන් බව එම සම්පූර්ණ වීඩියෝව නැරඹීමෙන් පැහැදිලි වනවා.
එහිදී ඉරාජ් වීරරත්න මහතා විසින් දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ සංවිධානාත්මක බව, කළමණාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරන අතර, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු දෙමින් දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් රජයේ භූමිකාව සම්බන්ධයෙන් දැක්වූ අදහස මෙලෙස දැක්විය හැකියි.
රනිල් වික්‍රමසිංහ මහතා : “මේ දේව කෝපෙ. මාලිගාවට ගැහුව මිනිස්සුන්ට දැන් දෙනව නම් මෙහෙම කරන්න ඒක, දෙවියන්ගෙ කෝපය. අනික මේක සංවිධානය කරනකොට බෞද්ධකම ලේවලින් තියෙන්න ඕන. ඒකයි ඔය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු එක හරි ගියේ” යනාදී වශයෙනි.
ඒ අනුව මෙහිදී රනිල් වික්‍රසිංහ මහතා දළදා ප්‍රදර්ශන පැවැත්වීමේ දී ඇතිවූ අපහසුතා ගැන සඳහන් කරමින් අදහස් කරන්නේ, දළදා මන්දිරයට ප්‍රහාර එල්ල කළ පිරිසට මෙසේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට දෙනවා නම්, දෙවියන් එයට කෝප වන බවත්, එහි ප්‍රතිවිපාක අත්විඳිමට සිදුවූ බවයි.
එම සාකච්ඡාව ඇතුළත් වීඩියෝ කොටස පහතින්.
හිටපු ජනපතිවරයා මෙම ප්‍රකාශය සිදු කරන ලද සමයේ පොදු ජනතාව වෙනුවෙන් විශේෂ දළදා දැක්මක් වත්මන් ජාතික ජන බලවේගය රජය විසින් සංවිධානය කර තිබුණා. අප්‍රේල් 18 – 27 දක්වා එම දළදා ප්‍රදර්ශනය පැවැත්වුණා. ප්‍රධාන මාධ්‍ය විසින් දළදා වන්දනාව සජීවී විකාශය සිදු කර තිබුණේ මෙලෙසින්. දළදා ප්‍රදර්ශනය පිළිබඳව මාධ්‍ය විසින් සිදුකරන ලද වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
වසර 16 කට පසුව පැවැත්වුණු මෙම දළදා ප්‍රදර්ශනය සඳහා අතිවිශාල ජනකායක් මහනුවර නගරයට ඇදී ආ අතර දළදා වන්දනාව සඳහා දිගු පෝළිම් වල රැඳී සිටින ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.
දළදා ප්‍රදර්ශනය පැවැත්වුණු සමයේ ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිමින් අපහසුතාවයන්ට ලක් වූ බවටත්, එය සිදු වූයේ රජයේ කළමනාකාරිත්වයේ පැවති අඩුපාඩු හේතුවෙන් බවටත් රජයට විවිධ චෝදනා එල්ල වී තිබුණා. ඒ මෙලෙසින්.
සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්වය, රජය කෙරෙහි දේව කෝපයක් නිසා සිදුවූ බවට හිටපු ජනපති ප්‍රකාශයක් සිදුකර තිබුනේ නැහැ
එසේම වත්මන් දිට්වා සුළි කුණාටුව හමුවේ රට මුහුණපාමින් සිටින තත්වය හමුවේ එය දේව කෝපයක් නිසා සිදුවූ දෙයක් ලෙස හිටපු ජනපති අදහස් දැක්වූවා ද යන්න පිළිබඳව අප පරික්ෂා කළ අතර එවැන්නක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, පසුගිය සමයේ ඇතිවූ ආපදා තත්ත්වය, දේව කෝපය නිසා සිදුවූ දෙයක් බවට, මෑතක දී ප්‍රකාශයක් සිදුකර නැති බවයි.
ආපදා තත්වය ඇති වීමට මාස 7කට පෙර පෙර, එනම් 2025 අප්‍රේල් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ යූටියුබ් වැඩසටහනක දී සිදු කරන ලද ප්‍රකාශයක් අතුලත් වීඩියෝ පටයක කොටසක්, මෑතක සිදුවූ අදහස් දැක්වීමක් ලෙස නොමඟ යවන සුළු කෝණයකින් හුවමාරු වී තිබු අවස්ථාවකි.
එම වීඩියෝ පටය තුළ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් නොව, අප්‍රේල් මාසයේදී රජය විසින් සංවිධානය කර තිබූ දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් බව පැහැදිලිය.
Title:ආපදා තත්ත්වය ඇති වූයේ රජය පිළිබඳ ඇති වූ දේව කෝපයක් නිසාවෙන් බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා ද ?
Fact Check By: Pavithra HansaniResult: Misleading


