දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මැතිවරණ උණුසුමත් සමග පක්ෂ අතර නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් මෑතකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

අපිට අනිවාර්ය සිද්ධ වෙන දේ තමයි ඔය ති‍යෙන රාජ්‍ය ව්‍යාපාර, ආයතන වෙන්දේසි කරලා වගේ විකුණන්න දාලා තියෙන ඒවා විකුණන්න දාන. ඒක එක උත්තරයක්. නැත්තම් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඒ තව උත්තරයක්. බැංකුවල තියෙන තැන්පත්කරුවෙන්ගේ සල්ලි ඒවා ගන්න වෙනවා ආණ්ඩුවට වියදම් කරන්න. ඔය උත්තර 3 තමයි තියෙන්නේ මන් ඉගෙන ගත්ත දේ අනුව” යනුවෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කරන ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived

මෙම වීඩියෝව සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

හඳුනෙත්ති මෙහිදී අදහස් දක්වා සිටින්නේ ජාජබ ආණ්ඩුවක දී සිය පක්ෂය ගෙන ඒමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති බවට කිහිප දෙනෙක්ම අදහස් දක්වා තිබු බැවින්, මේ පිළිබඳ කරුණු පර‍ීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ජාතික ජන බලවේගයේ බලයට පත් වීමෙන් පසු රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කරනු ඇති බවත්, අධික මුදල් මුද්‍රණය සිදු කරන බවටත්, බැංකු තැන්පත්කරුවන්ගේ මුදල් ලබා ගන්නා බවටත් ඉහත වීඩියෝවෙන් ඒත්තු ගන්වා තිබුණා.

ජාජබ විධායක සභික, ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති විසින්, එවැනි ප්‍රකාශයක් සත්‍ය වශයෙන්ම සිදු කර ඇත් නම් එය ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබිය යුතු බැවින් අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ප්‍රථමයෙන් පරීක්ෂා කළා. නමුත් අපට ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති කිසිදු සටහනක් හමු නොවුණි.

ඉන් අනතුරුව අප එම සම්පූර්ණ වීඩියෝව පිළිබඳ අපගේ අවධානය යොමු වූ අතර එය 2023 වසරේ දෙසැම්බර් මස 21 වන දා Neth FM යූ ටියුබ් නාලිකාවේ සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වූ සම්මුඛ සාකච්ඡාවක කොටසක්, නොමග යන සුළු අන්දමින් පළ කර ඇති අවස්ථාවක් බවට අපට අනාවරණ වුණා.

එම වීඩියෝව පහතින්.

මෙහිදී හඳුනෙත්ති මහතා පවසන්නේ ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍ය්හකරණ ක්‍රියාවලිය යටතේ, ලෝක බැංකුව, IMF ඇතුළු පාර්ශව මඟින් ලැබෙන ණය යටතේ වුවද , තවදුරටත් සොයා ගැනීමට අවශ්‍ය වන විශාල ණය මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට අවශ්‍ය වන බවත් ඒ සඳහා වත්මන් රජයට පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොමැති බවයි.
එහිදී “අපිට අනිවාර්ය සිද්ධ වෙන දේ තමයි ඔය ති‍යෙන රාජ්‍ය ව්‍යාපාර, ආයතන වෙන්දේසි කරලා වගේ විකුණන්න දාලා තියෙන ඒවා විකුණන්න දාන. ඒක එක උත්තරයක්. නැත්තම් සල්ලි අච්චු ගහන්න වෙනවා. ඒ තව උත්තරයක්. බැංකුවල තියෙන තැන්පත්කරුවෙන්ගේ සල්ලි ඒවා ගන්න වෙනවා ආණ්ඩුවට වියදම් කරන්න. ඔය උත්තර 3 තමයි ” යනාදී වශයෙන්
හඳුනෙත්ති පවසන්නේ රජයකට මෙවැනි අවස්ථාවක දී යොමු විය හැකි ක්‍රම බවයි. එසේම එම ක්‍රම විවේචනය කරමින් හඳුනෙත්ති පවසන්නේ උදාහරණයක් ලෙස ආණ්ඩුව බැංකුවලින් මුදල් ගන්නවානම්, එහි තිබෙන්නේ ජනතාවගේ ව්‍යාපාරවට කර්මාන්තවලට ලබාදීමට මුදල් බවත්, එවැනි අවස්ථාවක දී රජයට ව්‍යාපාර හරහා අයකරගැනීමට බලාපොරොත්තු වන බදු මුදල් ලබාගැනීමේ අවස්තාව අහිමි වන බවත්, මේ හේතුවෙන් එම ක්‍රම පරස්පර විරෝධී බවයි.

ඒ අනුව, එම සම්මුඛ සාකච්ඡාවේදී එම වකවාණුවේදී පැනවීමට නියමිතව තිබූ වැට් බදු ප්‍රතිශතය ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර නිවේදක විසින් විමසා සිටින්නේ, වත්මන් ආණ්ඩුවට වැට් බදු ප්‍රතිශතය ඉහළ නැංවීම හැර, විකල්ප පවතිනවාද යන්න මෙහිදී හඳුන්නෙත්ති මහතාට පැනයක් යොමු කරනු ලබයි.

මෙහිදි හඳුනෙත්ති තවදුරටත් ඔහු විසින් පෙන්වා දෙන්නේ, මෙවන් ආර්ථක අර්බුදකාරී අවස්ථාවකදී ආණ්ඩුව යොමු විය හැකිව තිබු එක් පිලියමක් වෙත යොමු වන්නේ නැති බවයි. ඔහු පෙන්වා දෙන්නේ සාමාජිකයන්ට ආරක්ෂක වියදම්, නඩත්තු වියදම්, විශ්‍රාමික මුදල් වැනි අත්හැරීමට හැකි දේවල්, අනවශ්‍ය දේවල් කොටසක් හෝ කැපකිරීමට සිදු වන අතර, එම වර්තාමන ආණ්ඩුවෙන් සිදුනොවන අතර විශාල අනවශ්‍ය වියදම් සම්භාරයක් දැරීමට සිදුව ඇති බවත්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් මෙවැනි අනවශ්‍ය වියදම් කපාහැරීමමේ ක්‍රියාවලියකට යොමුවනු ඇති බවයි.

තවදුරටත් අපට පෙන්වා දිය හැක්කේ, ජනාධිපතිවරණය දැනුම් දීමෙන් අනතුරුව, ජාතික ජන බලවේගය විසින් සිය ප්‍රතිපත්ති මාලාව මෙසේ පළකර තිබෙන අතර එහි කිසි ලෙසත් හෝ ඉහත ආකාරයේ රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම, සල්ලි අච්චු ගැසීම හෝ බැංකුවල තිබෙන සල්ලි ගැනීම වැනි ක්‍රම ඔස්සේ ආර්ථික විසඳුම් ගැන සඳහන් වන්නේ නැති අතර "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යනුවෙන් නම්කර තිබු එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා ඇති අතර, නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේදී සියලු ජාතිකයන්ට එහි කොටස්කරුවන් කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ. ඒ ප්‍රතිපත්ති සම්පුර්ණ ප්‍රකාශය මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගයේ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින්, රටේ පවතින ආර්ථීක අර්බුදය හමුවේ තම පක්ෂය විසින් සිදුකරන අනිවාර්ය ආර්ථික සැලැස්මේ කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක් බවට පෙන්වා දීමට උත්සහ දරා තිබූ වීඩියෝව නොමග යන සුළු වීඩියෝවක් බවයි. සත්‍ය වශයෙන්ම එහි දැක්වෙන්නේ පවත්නා රජය විසින් ආර්ථික ගොඩනැගිීමට සිදු කිරීමට හැකිවන විකල්ප අවස්ථා සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක සිදු කළ ප්‍රකාශයකින් කොටසකි.

මෙහිදී හඳුනෙත්ති පවසන්නේ මෙම මෙම ක්‍රමවලට යොමු වීමට වඩා, සිදුකළ හැකි වියදම් කළමනාකරණ කටයුතුවත්මන් රජය විසින් සිදුකරන්නේ නැති බවත්, ජාජබ ආණ්ඩුවක් යටතේ විදයම් කළමනාකරණ කිරීමට පැහැදිලි වැඩපිළිවෙලක් යොදවන බවයි .

Title:පක්ෂයේ ආර්ථික ප්‍රථිපත්ති වලින් කොටසක් හඳුන්නෙත්ති උපුටා දැක්වූ අවස්ථාවක්ද?

Fact Check By: Fact Crescendo Team

Result: Missing Context

Claim Review :   පක්ෂයේ ආර්ථික ප්‍රථිපත්ති වලින් කොටසක් හඳුන්නෙත්ති උපුටා දැක්වූ අවස්ථාවක්ද
Claimed By :  Social Media Users
Fact Check :  MISSING CONTEXT