ජොස් බට්ලර් ශ්‍රී ලංකාවේ තණතීරුව සහ එක්දින ක්‍රිකට් පිළිබඳ දැඩි විවේචනයක් කළාද?

Misleading Sports

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍යවල මේ දිනවල එංගලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් ශ්‍රී ලංකාවේ තණතීරුව පිළිබඳ සහ එක්දින ලෝක කුසලානවල ශ්‍රී ලංකාවේ අසාර්ථකත්වය පිළිබඳ දැඩි විවේචනයක් කළ බවට සටහනක් පළ වන අතර ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පරීක්ෂා කිරීම අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් විසින් ශ්‍රී ලංකාවේ තණතීරු දැඩිව විවේචනය කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණා.

ඔහු විසින් කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය වල උපුටා දැක්වීම් කර තිබුණේ මෙලෙසින්.

 වර්තමාන එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට නොගැලපෙන ආකාරයට තන තීරුව සකස් කිරීම ගැන නම් මට ඇත්තේ නොසතුටක්.. නමුත් අපි තෙවන තරගය සදහා ඉතා හොදින් සූදානම් උනා… ශ්‍රී ලංකාව තරමක් හොද කණ්ඩායමක් නමුත් ඔවුන් වසර 11 කින් ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට නොපැමිනීමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ මෙවැනි අහිතකර තණතිලි සකසාගෙන නිවසේදී ජය ගෙන තමන්වම රවටාගැනීමයි.. ඔවුන් රටෙන් පිට පැවති පසු ගිය ලෝක කුසලාන දෙකෙහිම බන්ගලාදේශය හමුවේ පවා පරාජය වනවා අප දුටුවා.. කෙසේ නමුත් අප අද මේ අභියෝගයට මුහුණ දීමට සූදානම් !

Facebook | Archived Link

මෙම උපුටා දැක්වීම ජොස් බට්ලර් විසින් ශ්‍රී ලංකාවේ තණතීරු තත්වයන් විවේචනය කරමින් සහ එම තත්වයන් ලෝක කුසලාන තරඟවලදී ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වයට සම්බන්ධ කරමින් සෘජු ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කර තිබුණා. ඒ හේතුවෙන් මෙහි නිර්වද්‍යතා විමසා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

බට්ලර්ගේ ප්‍රකාශය  සඳහා විශ්වාසදායක මූලාශ්‍රයක් නැහැ

ජොස් බට්ලර් යනු ඉංග්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායකයෙක් වන අතර, ඔහුගේ ප්‍රකාශ සාමාන්‍යයෙන් විශ්වාසදායක ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා වේ.

එවැනි දැඩි විවේචනයක් සිදු කර තිබුණේ නම්, එය ප්‍රධාන ක්‍රීඩා මාධ්‍යවල අනිවාර්යයෙන් වාර්තා වී තිබිය යුතුය. නමුත් බට්ලර් විසින් මෙවැනි ප්‍රකාශයක් කළ බවට BBC Sport, ESPNcricinfo වැනි කිසිදු ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොතිබුණි.

බට්ලර්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලින් හෝ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයෙන් (ECB) කළ කිසිදු ප්‍රකාශයකින් හෝ බට්ලර් විසින් මෙවැනි ප්‍රකාශයක් කර ඇති බවට දැක ගන්නට නොලැබේ.

මෙවැනි ප්‍රකාශයක් කර ඇත්තේ කවුරුන්ද?

2026 ජනවාරි මාසයේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියෙන් පසුව, එංගලන්ත පිතිකරුවන් වන හැරී බෲක් සහ ජෝ රූට් කොළඹ තණතීරුව ප්‍රසිද්ධියේ විවේචනය කළ අතර, බෲක් එය ඔහු ” මෙතෙක් ක්‍රීඩා කළ නරකම තණතීරුව විය හැකි” යනුවෙන් පැවසුවා. එමෙන් ම පිතිකරුවන්ට එය මන්දගාමී සහ දඟ පන්දු යවන්නන්ට හිතකර බැවින් අනුවර්තනය වීමට සිදු වූ බව ද, සඳහන් කරනු ලැබුවා.

මෙම අදහස් ESPNcricinfo ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබූ අතර බට්ලර් විසින් ඒ ආකාරයෙන් ප්‍රකාශයක් කළ බවට වාර්තා කර නොමැති බැවින් තවදුරටත් තහවුරු වන්නේ ඔහු විසින් මේ ආකාරයෙන් ප්‍රකාශයක් කර නොමැති බවයි. 

මෙරට ක්‍රීඩා ජනමාධ්‍යවේදීන්

මෙරට ක්‍රීඩා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන් ද, අප විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් විසින් මෙවැනි ප්‍රකාශයක් කර නොමැති බව ත්, හැරී බෲක් සහ ජෝ රූට් කොළඹ තණතීරුව විවේචනය කළ බව ත් ය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් විසින් ශ්‍රී ලංකාවේ තණතීරු දැඩිව විවේචනය කළ බවට හෝ ලෝක කුසලාන අසාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන අසත්‍ය සටහනක් බවයි. 

නමුත් එංගලන්ත නායක හැරී බෲක් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ජෝ රූට් පසුගිය 22 වනදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවන එක්දින තරගය සඳහා භාවිතා කළ කොළඹ තණතීරුව විවේචනය කර තිබුණු අතර නමුත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අසාර්ථක වීමට හේතු දක්වමින් ප්‍රකාශයක් කර නොතිබුණි.

Avatar

Title:ජොස් බට්ලර් ශ්‍රී ලංකාවේ තණතීරුව සහ එක්දින ක්‍රිකට් පිළිබඳ දැඩි විවේචනයක් කළාද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *