දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ගුරුවරියක් හා සමාජ ක්‍රියාකාරිනියක් වන තිළිණි ශැල්වින් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රකාශයන් කතා බහට ලක් වනවා. මේ අතර ඇය විසින් සිදු නොකරන ප්‍රකාශත් ඇය කළබ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ, විශේෂයෙන් ම පාසල් සම්බන්ධ උණුසුම් මාතෘකා කරලියට පැමිණි අවස්ථාවන් වලදී බව ද, දැක ගන්නට ලැබෙනවා. මේ දිනවල ශැල්වින් විසින් කළ බවට දක්වමින් පළ වන සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
තිළිණි ශැල්වින් විසින් කළ ප්‍රකාශයක් ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
“ගොඩක් වෙලාවට මේ සාරිය කියන ඇඳුම නිසා තමයි ගුරුවරියන් වෙතට තරුණ පිරිමි ළමයි ආකර්ශනය වෙන්නේ..සාරිය කියන්නේ පිරිමියා පොළඹවන සුළු ඇඳුමක්..මටත් ගොඩක් උසස්පෙල පන්තිවල ළමයි විවිධ යෝජනා කරලා තියනවා..නමුත් තරුණ ගුරුවරියන් විදියට අපි දැනගන්න ඕන අපේ තත්වය ආරක්ෂා කර ගන්න..”

මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්






මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
කොළඹ ප්‍රධාන පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා හා ගුරුවරියන් තිදෙනෙකුගේ නුසුදුසු වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී ඇති පසුබිමක සහ ගුරුවරියන්ගේ සාරිය වෙනුවට වෙනත් විකල්ප ඇඳුම් භාවිතය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ හඬ නැගූ ගුරුවරියක් ලෙසට හඳුනා ගත් තිළිණි ශැල්වින් ගුරුවරිය විසින් මේ ආකාරයෙන් ප්‍රකාශයක් කළ බවට දක්වා තිබුණේ. ඇය විසින් සත්‍ය වශයෙන් ම එවැනි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න ඇයගේ නිල ෆේස්බුක් ගිණුම හරහා අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුවා. නමුත් ඇය විසින් ඒ ආකාරයෙන් ප්‍රකාශයක් කළ බවට සටහනක් දැක ගන්නට නොලැබේ.
එමෙන් ම මෙම සටහන පළ කර ඇති බවට දක්වා තිබූ ‘සුන්දරි’ ෆේස්බුක් පිටුවේ ද, ඉහත සමාජ මාධ්‍යවල පෙන්වා දෙන පරිදි සටහනක් පළ කර නොතිබුණු බව අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබේ. මේ හේතුවෙන් අප එම ෆේස්බුක් පිටුවේ ඇඩ්මින්ගෙන් විමසීමක් කරනු ලැබුවා. ඔහු ද, තහවුරු කළේ, තිලිණි ශැල්වින් සම්බන්ධ හුවමාරු වන සටහන එම ෆේස්බුක් පිටුව මගින් පළ කර නොමැති බවයි.
එමෙන් ම මෙම සටහන් සඳහා යොදා ගෙන තිබුණු තිළිණි ශැල්වින්ගේ සත්‍ය ඡායාරූපය, විකෘති කර ඇති අවස්ථාවක් බව ද, දැක ගන්නට ලැබේ.

තිළිණි ශැල්වින් ගුරුවරිය
ඉහත සමාජ මාධ්‍ය සටහන පිළිබඳ අප තිළිණි ශැල්වින් ගුරුවරියගෙන් විමසීමක් කළ අතර ඇය පවසා සිටියේ, තමන් විසින් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක්, සටහනක් පළ කර නොමැති බවයි. මේ හේතුවෙන් තමන් සේවය කරන පාසල මෙන් ම, පාසලේ උසස්පෙළ සිසුන්ගේ කීර්ති නාමයට ද, හානි වන බවයි. මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය සටහනක් බව ත්, තමන් කිසිදු අවස්ථාවක මේ ආකාරයෙන් ප්‍රකාශයක් කර නොමැති බවයි.
ඇය සිය ෆේස්බුක් ගිණුමේ ද, මෙම ව්‍යාජ සටහන පිළිබව සඳහන් කර තිබුණේ මෙලෙසින්.
ගුරුවරියන්ගේ සාරිය වෙනුවට වෙනත් විකල්ප ඇඳුම් භාවිතය හඬ නැගීම පිළිබඳ ඇය සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථා වල විවේචනයට ලක් වුවද, සමාජයේ ඇය ගැන ප්‍රථම වරට කතා බහ ඇති වන්නේ, ශැල්වින් ගුරුවරියට දුෂ්කර සේවය සඳහා යොමු කර තිබූ උඩුදුම්බර, කහටලියැද්දේ චූලාභය ද්විතීයික හා ප්‍රාථමික පාසලට පානය කිරීමට ජලය ලබා ගත හැකි පද්ධතියක් නොමැති බැවින් ඇය ඒ ගැන පවසා මුහුණු පොත මාර්ගයෙන් ජලනළ පද්ධතියක් සැපයීමේ ව්‍යාපෘතියකට ආධාර ඉල්ලා ඒ වෙනුවෙන් ක්‍රියා මාර්ග ගැනීම හේතුවෙන්. පසුව 2017 අද දෙරණ Sri Lankan of The Year සම්මාන රාත්‍රියේදී ලෙස්ට ජේම්ස් පීරිස්, අයිරාංගනී සේරසිංහ, මුත්තයියා මුරලිදරන්, මහාචාර්යචන්ද්‍ර වික්‍රමසිංහ වැනි ලංකාවේ කීර්තිමත් පෞරෂයන් සමඟ තිලිණි ශැල්වින් ඇගයීමට පාත්‍ර වන්නේ ‘Unsung Hero’ කාණ්ඩය යටතේ. ඒ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඇයගේ කැපවීම මතයි. මේ පිළිබඳ ලිපියක් මෙතනින්. Archived Link
මීට පෙර ඇය සම්බන්ධ පළ වූ අසත්‍ය සටහන් පෙළක් පිළිබඳ Factcrescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
තිලිනි ෂැල්වින් සිදු කළ ප්‍රකාශ බවට හුවමාරු වන නොමඟ යවන සුළු හා ව්‍යාජ සටහන් පෙළක් !
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන ලෙස තිළිණි ශැල්වින් ගුරුවරිය විසින් ප්‍රකාශයක් හෝ සටහනක් හෝ පළ කර නොමැති බවයි. ඇය විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට හැඟවීමට, සුන්දරි ෆේස්බුක් පිටුවේ පෝස්ට් ආකෘතිය ව්‍යාජව යොදාගෙන මේ ආකාරයෙන් ව්‍යාජ සංස්කරණයක් කර තිබේ.
Title:සාරිය නිසා උසස්පෙළ සිසුන්ගෙන් යෝජනා එන බවට තිළිණි ශැල්වින් ප්‍රකාශයක් කළා ද?
Fact Check By: Pavithra SandamaliResult: False


