දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති බවට සමාජ මාධ්‍ය වේදිකාවල පළවූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
උණුසුම් පුවතක් ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් පළ කර ඇති මෙම සටහන මගින් පවසා ඇත්තේ, පාකිස්ථාන ක්‍රිකට ක්‍රීඩක බාබර් අසාම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති බවයි.

තවත් සටහනක පළ වූයේ, ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩිකා එලීස් පෙරී (Ellyse Perry) විසින් පාකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම්ට (Babar Azam) විවාහ යෝජනාවක් සිදු කර ඇති බවයි. එම අවස්ථාවේ ඡායාරූපයක් බවට ඡායාරූපයක් ද, පළ කර තිබුණා.

මෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට අප මෙලෙස පියවර ගත්තා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවට නිවේදනය කර තිබුණේ නම්, ජාත්‍යන්තර මෙන්ම මෙරට පිළිගත් මාධ්‍ය නාලිකා විසින් ද එවැනි පුවතක් සිය ක්‍රීඩා පුවත් අතර ප්‍රමුඛත්වයේ තබා වාර්තා කර තිබිය යුතු ය. එහෙත් ජාත්‍යන්තර මාධ්‍ය, පාකිස්ථාන මාධ්‍ය හෝ මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මෑතකාලීනව එවැනි පුවතක් වාර්තා කර නොමැත. ඒ අනුව අප ක්‍රීඩක බාබර් අසාම්ගේ Facebook | Archived Link, X | Archived Link , instagram| Archived Link ඇතුළු නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂාවට ලක් කළා. එහෙත් එකී කිසිදු ගිණුමක හෝ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට අසාම් ප්‍රකාශ කර නොමැත.
සමාජ මාධ්‍ය සටහන්වල නිර්වද්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) නිල වෙබ් අඩවිය සහ එහි සමාජ මාධ්‍ය ගිණුම් Facebook , X ද පරීක්ෂාවට ලක් කළා. නිල වෙබ් අඩවියේ හෝ එහි සමාජ මාධ්‍ය ගිණුම්වල හෝ බාබර් අසාම් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණයක් පිළිබඳව නිවේදනය කර නොමැත. මේ අතර පාකිස්ථාන වෙබ් අඩවියට අනුව බාබර් අසාම් පාකිස්ථාන ටෙස්ට්, එක්දින සහ T20 සංචිත තුනම නියෝජනය කරන ක්‍රීඩකයෙකු වන අතර පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන Men’s Centrally Contracted Players 2025-26 ලැයිස්තුව මගින් ද ඔහු තවදුරටත් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකු බව සඳහන් කර තිබේ.

තව ද බාබර් අසාම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බවට වන වාර්තා අස්‍ය බව ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙලෙස වාර්තා කර තිබුණා.
අසාම් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට 2025 වසරේදීත් ව්‍යාජ සටහන්
මේ අතර 2025 වසරේදී ද තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට බාබර් අසාම් සිය X ගිණුම ඔස්සේ නිවේදනය කර ඇති බව කියමින් ව්‍යාජ සටහනක් මෙලෙස, සහ මෙලෙස හුවමාරු වී තිබුණා.
එලීස් පෙරී බාබර් අසාම්ට කළ විවාහ යෝජනාව
මෙවැනි විවාහ යෝජනාවක් සිදු වූයේ නම් එය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තිබිය යුතු නමුත්, කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් විසින් පළ කරපු ඡායාරූප, වීඩියෝ දක්නට ලැබිය යුතු නමුත්, මේ සම්බන්ධ කිසිදු පිළිගත් මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොමැත. මෙම ඡායාරූපයට අමතර වෙනත් කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් සමාජ මාධය තුළ ද, දැක ගන්නට නොලැබේ.
මෙම ඡායාරූපය මේ වසරේ ජනවාරි මස සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වී තිබුණා. එම වකවාණුවේ, බාබර් ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩා කරමින් කාර්යබහුල වී තිබූ අතර, පෙරී, කාන්තා ප්‍රිමියර් ලීගය අවසන් කර ආපසු නිවසට ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙම ඡායරූපය සංසරණය වන අවස්ථාවේ, ඔවුන් එකම නගරයේවත් නොසිට තරගය අතරතුර යෝජනාවක් කළබවට පළ වීම හාස්‍යයට ලක් වන කරුණුක් වේ.
කෙසේ වෙතත් මෙම ඡායාරූපයේ ඇති අස්වාභාවික බව මත අප මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කර ඇත්ද යන්න, ඒවා පරීක්ෂා කිරීමේ මෙවලමක් හරහා පරීක්ෂා කළ අතර මෙම ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කර ඇති බවට ප්‍රතිඵල ලැබී තිබුණේ මෙලෙසින්.

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම්
2017 වසරේ සිට පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරු ලෙස සියලුම ප්‍රධාන තරගාවලි නියෝජනය කළ බාබර් අසාම් එක්දින සහ T20 ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි දිගු කලක් පෙරමුණේ පසුවූ වූ අතර 2022 වසරේදී ICC වසරේ ක්‍රීඩකයා සහ 2021 සහ 2022 වසරවලදී වසරේ එක්දින ක්‍රීඩකයා යන සම්මාන රැසකින් ඔහු පිදුම් ලබා ඇත.
2026 T20 ලෝක කුසලානයේදී බාබර් අසාම්ට සුපුරුදු දක්ෂතා පෙන්වීමට නොහැකි වූ අතර සහභාගී වූ සියලු තරගවලදී ඔහුට රැස් කර ගත හැකිවූයේ, ලකුණු 91 ක් පමණි. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවති තීරණාත්මක Super 8 තරගය නියෝජනය කළ පකිස්ථාන කණ්ඩායමෙන් ඔහු ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබුණා.
මේ අතර සුපිරි 8 දෙනාගෙන් වටයෙන් T20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වූ පාකිස්ථාන කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පාකිස්ථාන රුපියල් මිලියන 5ක (අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 18,000ක් පමණ) දඩයක් නියම කිරීමට තීරණය කර තිබේ. මේ අනුව බාබර් අසාම් ද අදාළ දඩයට යටත්වන ක්‍රීඩකයෙකි. වැඩි විස්තර මෙතැනින්, මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර නොමැති බවයි. අසාම් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් කිසිදු නිර්වද්‍යතාවක් නොමැති අසත්‍ය සටහන්වේ.
Title:පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් ජාත්‍යන්තර පිටියට සමුදුන්නා ද? එලීස් පෙරීගෙන් මංගල යෝජනාවක්?
Fact Check By: Sagarika ChathumaliResult: False


