ඔස්ට්‍රේලියානු රජය විසින් මැදපෙරදිග රටවල් අතර ශ්‍රී ලංකාව ද, සංචාරයට අවදානම් රටක් ලෙස නම් කරලද?

Internatioanl Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

අමෙරිකාවේ ප්‍රහාරයට ලක් වූ ඉරාන නැවේ මගීන් ගලවා ගැනීමට යුහුසුළුව කටයුතු කිරීම ජාත්‍යන්තරයේ අවදානයට ලක් වූ අතර බොහෝ දෙනා ඒ පිළිබඳව පැසසුම ලක් කළ අතර තව ත්, පිරිසක් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කළේ, මෙම ක්‍රියාකලාපය හේතුවෙන් අමෙරිකාව ඇතුළු අමෙරිකාවට සහය දක්වන අනෙක් රටවලින් ශ්‍රී ලංකාවට අනවශ්‍ය කරදර පැමිණෙන බවයි. මේ අතර මැදපෙරදිග යුදමය තත්ත්වයට මැදි නොවුණු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරයට අවදානමක් පවතින රටක් ලෙස මැදපෙරදිග රටවල් සමග නම් කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය කතා බහක් ඇති වී තිබුණා. මෙම අවදානම සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා බැලීමට Factcrescendo අප පියවර ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ, එම රටවල් සමගින් ශ්‍රී ලංකාව ද, සංචාරය සඳහා අධි අවදානම් සහිත කලාපයක් ලෙස හඳුන්වමින් ඕස්ට්‍රේලියානු මාධ්‍ය ජාලයක් විසින් පළ කළ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන් බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්

Facebook | Facebook | Facebook 

මෙහි නිර්වද්‍යතාව සොයා බලන ලෙස බොහෝ දෙනෙකු අප වෙත කළ ඉල්ලීම් මුල් කර ගනිමින් අප මේ පිළිබඳ සොයා බැලීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

ඕස්ට්‍රේලියානු පුවත් නාලිකාවක් වන 7NEWS ඉහත දක්වා ඇති ලෙස ශ්‍රී ලංකාව සංචාරය සඳහා අධි අවදානම් සහිත කලාපයක් ලෙස හඳුන්වා දුන්නා ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් පරීක්ෂා කරනු ලැබුවා. 

අප කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, 7NEWS නාලිකාවේ, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ  මැද පෙරදිග ගැටුමට ප්‍රධාන වශයෙන් සම්බන්ධ ගෝලීය ගුවන් ගමන් බාධා සහ ගමන් අවදානම් කලාප පිළිබඳ සාකච්ඡා කරන අතර ඒ හේතුවෙන් සංචාරය කිරීම නොකළ යුතු රටවල් ලෙස ශ්‍රී ලංකාව ද, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා ඇති පරිදි සිතියමේ ලකුණු කර ඇති බව හා ඒ පිළිබඳව පුවත් නිවේදක නිවේදිකය ද, සඳහන් කරන බවයි.

https://www.youtube.com/watch?v=CqsvY_FZTXk&t=78s

ඕස්ට්‍රේලියානු වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරාවල ශ්‍රී ලංකාව පිළිබඳ නව අවදානමක් පිළිබඳ සඳහන් නොවේ

ABC News, SBS News, The Sydney Morning Herald සහ The Guardian Australia ඇතුළු ප්‍රධාන ඕස්ට්‍රේලියානු ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා, මැද පෙරදිග ගැටුමට සම්බන්ධ ඉහළ අවදානම් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව අලුතින් වර්ගීකරණය කර ඇති බවට කිසිදු වාර්තා කිරීමටක් නොමැති බව දැක ගන්නට ලැබේ.

2026 මාර්තු 2 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය පෙනී වොන්ග්, මැද පෙරදිග ගැටුම් හේතුවෙන් සංචාරක බාධා සඳහා සූදානම් වන ලෙස ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක් සිදු කරනු ලැබුවා. මෙම ප්‍රකාශය මගින් මැද පෙරදිග රටවල් කිහිපයක ගුවන් ගමන් අවලංගු කිරීම්, ගුවන් අවකාශය වසා දැමීම් සහ ආරක්ෂක අවදානම් ඉස්මතු කර දැක්වුවද, සංචාරක අනතුරු ඇඟවීම් ඉහළ නැංවීමට යටත් වන ගමනාන්ත අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කර නොමැති බව දැක ගන්නට ලැබුණා.

නවතම උපදෙස් සඳහා Smartraveller වෙබ් අඩවිය අනුගමනය කරන ලෙස එහි දන්වා තිබූ අතර Smartraveller මගින් ඕස්ට්‍රේලියානුවන්ට මැද පෙරදිග බොහෝ ගමනාන්තවලට සංචාරය නොකරන ලෙස උපදෙස් ලබා දී තිබුණා..  මෙයට බහරේනය, ඉරානය, ඉරාකය, ඊශ්‍රායලය, කුවේට්, ලෙබනනය, පලස්තීනය, කටාර්, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය ඇතුළත් වී තිබුණා.

ඕස්ට්‍රේලියානුවන්ට ජෝර්දානය, ඕමානය සහ සෞදි අරාබියට සංචාරය කිරීමේ අවශ්‍යතාවය ඇත්නම් ඒ පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව සඳහන් කර තිබුණා. 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය

ශ්‍රී ලංකාව “අධි අවදානම්” ගමනාන්තයක් ලෙස ලේබල් කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සිය සංචාරක උපදේශනය වෙනස් කර ඇති බවට කරන ප්‍රකාශ කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියාව සිය සංචාරක උපදේශන මට්ටම වෙනස් කර නොමැත බව ත්, යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව අධි අවදානම් වර්ගීකරණයකට එකතු කර ඇති බවට අන්තර්ජාලය හරහා සංසරණය වන නොමඟ යවන සුළු බව ත් සඳහන් කරනු ලබනවා.

ඔහු වැඩිදුරටක් පෙන්වා දෙන්නේ, යාවත්කාලීන සහ නිවැරදි සංචාරක මාර්ගෝපදේශ සඳහා සංචාරකයින්, නිල ස්මාර්ට්වෙලර් වෙබ් අඩවිය පමණක් පරිශීලනය කළ යුතු බවයි.

Facebook 

Smartraveller වෙබ් අඩවියේ, ශ්‍රී ලංකාව ගැන ඇති සංචාරක උපදේශය

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරක උපදේශන සේවාව වන Smartraveller වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාව 2 වන මට්ටමේ ඇති අතර ඉන් ඇඟවෙන්නේ සංචාරකයින්  “ඉහළ මට්ටමේ ප්‍රවේශම් විය යුතුය.”යන්නයි.

මෙම අනතුරු ඇඟවීම කලාපීය ගැටුම්වලට නොව මහජන පෙළපාලි සහ සාමාන්‍ය ආරක්ෂක අවදානම්වලට අදාළ වේ.

අවසන් වතාවට එම වෙබ් අඩවිය යාවත් කාලීන කර ඇත්තේ, 2026 වසරේ ජනවාරි 26 වන දා වන අරත එය අද(07) දිනය තෙක් ද, බලපැවැත්වෙන අතර එම යාවත්කාලීනයේ සඳහන් වන්නේ, දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් පසු තත්ත්වය සහ ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට පෙර මාර්ග පිළිසකර කිරීම් සිදු කෙරන බව ත්, සංචාරය කිරීමට පෙර ගමන් කරන ස්ථාන සහ පිළිසකර කිරීම් සිදුවන ස්ථාන පිළිබඳ දේශීය සැපයුම්කරුවන්ගෙන් නිල තොරතුරු ලබා ගෙන ආරක්ෂා වන ලෙසට උපදෙස් මාලාවක් පමණකි.

නමුත් එම තත්ත්වය මැද පෙරදිග ගැටුමට අදාළ ඉහළ අවදානමක් පිළිබඳ එහි කිසිදු ස්ථානයක සඳහනක් දැක ගන්නට නොලැබේ. ඕස්ට්‍රේලියානු රජය විසින් මැදපෙරදිග ඇති වී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාව “ඉහළ අවදානම්” රටක් ලෙස නම් කර නොමැති බව එ් අනුව තහවුරු වේ.

www.smartraveller.gov.au| Archived Link

ප්‍රධාන රටවල් අනුව ශ්‍රී ලංකා සංචාරක උපදේශන සංසන්දනය කිරීම

අනෙකුත් රටවල් විසින් හෝ ශ්‍රී ලංකාව මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් සංචාරය කිරීමට අවදානමක් පවතින් රටක් ලෙස නම් කර තිබුණා ද, යන්න පිළිබඳව ද, අප පරීක්ෂා කළ අතර එලෙසින් කිසිදු පුවතක් වාර්තා වී නොතිබුණි.

ඉන්පසුව අනෙක් ප්‍රධාන බටහිර රටවල, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති සංචාරක උපදේශන මොනවාද යන්න පරීක්ෂා කිරීමේදී ඕස්ට්‍රේලියාව, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය ඇතුළු රජයන් කිහිපයක් හරහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රවේශම් මට්ටමක පවතින බව දැක ගන්නට ලැබෙනවා.. මෙම උපදේශන කිසිවක් මැදපෙරදිග ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාව අලුතින් අධි අවදානම් ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර ඇති බව පෙන්නුම් නොකරයි.

රටශ්‍රී ලංකා උපදේශක මට්ටමප්‍රධාන හේතුව
ඕස්ට්‍රේලියාව (ස්මාර්ට්‍රවෙලර් හරහා)2 වන මට්ටම – ඉහළ මට්ටමේ ප්‍රවේශම් වන්නමහජන පෙලපාලි, සාමාන්‍ය ආරක්ෂක ගැටලු
එක්සත් ජනපදය (එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා)2 වන මට්ටම – වැඩි අවධානයක් යොමු කරන්නසාමාන්‍ය ආරක්ෂක අවදානම් සහ  පෙර ගැටුම් ඇති සමහර ප්‍රදේශවල පවතින බිම් බෝම්බ 
කැනඩාව (කැනඩා රජයේ සංචාරක උපදෙස් හරහා)ඉහළ මට්ටමේ ප්‍රවේශම් වන්නඋද්ඝෝෂණ සහ විරෝධතා, ත්‍රස්තවාදී තර්ජනය, සුළු අපරාධ
එක්සත් රාජධානිය (විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය හරහා)සාමාන්‍ය/සම්මත ආරක්ෂක පූර්වාරක්ෂාවන් ක්‍රියාත්මක කරන්නසාමාන්‍ය සංචාරක උපදෙස්, සමහර ගුවන් ගමන් බාධා

එමෙන් ම අප මේ පිළිබඳ ඔස්ට්‍රේලියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ද, විද්‍යුත් ලිපියක් මාර්ගයෙන් විමසීමක් කළ අතර එම පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

මැදපෙරදිග ගැටුම හේතුවෙන් ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව “අධි අවදානම්” ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර ඇති බවට පළ වන සටහන් නොමග යන සුළු වේ.

ශ්‍රී ලංකාව සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරක උපදෙස් නොවෙනස්ව පවතින අතර, ප්‍රධාන වශයෙන් පෙළපාලි සඳහා ඇති හැකියාව සහ සාමාන්‍ය ආරක්ෂක සලකා බැලීම් හේතුවෙන් සංචාරකයින්ට ඉහළ මට්ටමින් ප්‍රවේශම් විය යුතු බවට උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකාව  මැදපෙරදිග ගැටුම අලුතින් අධි අවදානම් ගමනාන්තයක් ලෙස නම් කර ඇති බවට කරන ප්‍රකාශය ඔස්ට්‍රේලියානු රජයේ නිල උපදේශයකක් නොව එරට රූපවාහිනී ප්‍රවෘත්ති අංශයක් විසින් නොමග යන සුළු අන්දමින් සිදු කළ පුවත් වාර්තාවක් බවට පෙන්වා දිය හැක.

Result Stamp

Title: ඔස්ට්‍රේලියානු රජය විසින් මැදපෙරදිග රටවල් අතර ශ්‍රී ලංකාව ද, සංචාරයට අවදානම් රටක් ලෙස නම් කරලද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *