දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුධමය තත්ත්වය හමුවේ ඉදිරියේ දී ඇති විය හැකි ඉන්ධන හිඟයට මුහුණ දීම සඳහා මෙරට පැවති පැරණි QR ක්රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙවන් පසුබිමකදී පවත්නා ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් රජයේ අමාත්යවරුන් සහ සිවිල් සමාජ ක්රියාකරුවන් විසින් සිදු කරන ලද ප්රකාශ ලෙස දක්වමින් ව්යාජ ප්රකාශ රැසක් සමාජ මාධ්ය තුළ හුවමාරු වී තිබුණා. එවැනි සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂණයක් පහතින්.
Claim 1:සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“තෙල් කෝටාව මදි නම් වෛද්යවරුන්ට පාපැදි වලින් රෝහල්වලට යන්න පුළුවන්. ඒක සෞඛ්යයටත් හොඳයි – සෞඛ්ය ඇමති නලින්ද ජයතිස්ස.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

එසේම එම සටහන සමාජ මාධ්ය තුළ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.


සෞඛ්ය අමාත්ය නලින්ද ජයතිස්ස විසින් මෙවැනි ප්රකාශයක් සිදු කර ඇත් ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මැදපෙරදිග යුද තත්වය හමුවේ බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් හමුවේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් වාහන සඳහා QR කේත භාවිතයෙන් ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්යාංශය විසින් 2026.03.14 වන දින විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. 2026.03.15 වන දින උදෑසන 06 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිලදී ගැනීම සඳහා QR කේත ක්රමය බලාත්මක කරන බව එහි දක්වා තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය මෙතනින්.
ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය සාකච්ඡාවන් ඇතුළු විවිධ අවස්ථාවන් වලදී මාධ්ය වෙත ප්රකාශ ලබා දී ඇති අතර මෑතකදී අමාත්යවරයා විසින් සහභාගී වූ මාධ්ය සාකච්ජා සහ මාධ්ය වෙත අදහස් දැක්වීම් මෙතනින් මෙතනින් මෙතනින් සහ මෙතනින්.
“අනවශ්ය බලශක්ති පරිභෝජනය අවම කරමින් ලෝකයේ පවතින තත්වය තේරුම් ගෙන මෙම කෙටි කාලය තුළ කටයුතු කරන ලෙස” සමස්තයක් ලෙස අදාළ ප්රකාශ හරහා අමාත්යවරයා විසින් පවසා ඇති අතර සමාජ මාධ්ය තුළ සංසරණය වන ආකාරයේ ප්රකාශයක් සිදු කර ඇති බව හඳුනාගන්නට ලැබෙන්නේ නැහැ.
කැබිනට් ප්රකාශක සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යවරයා විසින් සිදු කරනු ලබන ප්රකාශයන් නිරන්තරයෙන් ප්රධාන ධාරාවේ මාධ්ය තුළ වර්තා කරනු ලබන අතර ඒ හේතුවෙන් අප විසින් අමාත්යවරයා විසින් සමාජ මාධ්ය තුළ සංසරණය වන ආකාරයේ ප්රකාශයක් සිදු කර ඇති බවට ප්රධාන ධාරාවේ මාධ්ය විසින් වාර්තා කර ඇත් ද යන්න පරීක්ෂා කළත් එවැනි කිසිවක් හමු වුණේ නැහැ.
මාධ්ය ලේකම් – සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස
මේ සම්බන්ධයෙන් සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස මහතාගේ මාධ්යය ලේකම් විසින් ප්රකාශ කර සිටියේ මෙවැනි ප්රකාශයක් අමාත්යවරයා විසින් සිදු කර නොමැති බවත් අදාල සමාජ මාධ්ය සටහන ව්යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බවත් ය.
Claim 2: සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
” හැමෝම පාවිච්චි කරපු වාහන ගන්නෙ නැතුව අළුත්ම වාහන ගත්තනම් අද QR ගැටළුවට මුහුණ දෙන්න වෙන්නෙ නෑ. නි. ඇමති නලින් හේවගේ” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්ය සටහනක් පල වී තිබුණේ මෙලෙසින්.

සැබෑ ලෙසම වෘත්තිය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතා විසින් මෙවැනි ප්රකාශයක් සිදු කට ඇතිද යන්න සහ මෙහි සත්ය අසත්යභාවය පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඉන්ධන මිලදී ගැනීම සඳහා QR කේත ක්රමය බලාත්මක කිරීමත් සමග පරණ වාහන මිලදී ගත් පුද්ගලයන් QR කේතය ලබා ගැනීමට යාමේදී “වාහනය දැනටමත් ලියාපදිංචි කර ඇත” යනුවෙන් පණිවිඩයක් ලැබීමත් සමග QR කේතය ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්වයක්ද නිර්මාණය වී තිබුණා. කෙසේ නමුත් තාක්ෂණික දෝෂ සහිතව පැවති ජාතික ඉන්ධන බලපත්ර පද්ධතිය (National Fuel Pass) හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ QR කේත ක්රියාවලිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බවත්, එය දැනට ක්රියාකාරී මට්ටමේ පවතින බවත් ඒ හරහා මහජනතාව වෙත දැනුම් දී තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය මෙතනින් .නියෝජ්ය අමාත්ය නලින් හේවගේ විසින් මෙවැනි ප්රකාශයක් සිදු කළ බවට පැතිරයන්නේ මෙවන් පසුබිමකදී ය.
නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතා විසින් මෙවන් ප්රකාශය සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්රධාන මාධ්ය හරහා වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළත් නියෝජ්ය අමාත්ය නලින් හේවගේ විසින් එවන් ප්රකාශයක් සිදු කළ බවට කිසිඳු මාධ්ය වාර්තාවක් හමු වුණේ නැහැ. ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෑතකදී නියෝජ්ය අමාත්යවරයා විසින් මාධ්යය වෙත අදහස් දක්වා තිබූ වීඩියෝවක් ප්රධාන ධාරාවේ මාධ්ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්. අදාළ වීඩියෝව තුළ ද නියෝජ්ය අමාත්යවරයා විසින් මෙවන් ප්රකාශයක් සිදු කර තිබුණේ නැහැ.
මාධ්ය ලේකම් – නියෝජ්ය අමාත්ය නලින් හේවගේ
අප විසින් මේ සම්බන්ධයෙන් නියෝජ්ය අමාත්යවරයාගේ මාධ්ය ලේකම් ගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ එවැනි ආකාරයේ ප්රකාශයක් නියෝජ්ය අමාත්යවරයා විසින් සිදු කර නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතා විසින් මෙම සමාජ මාධ්ය සටහන සහ එහි දක්වා තිබෙන ප්රකාශය ව්යාජ සටහනක් වන බවට තහවුරු කර තිබෙනවා.

Claim 3 :සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“QR කෝඩ් ක්රමය හඳුන්වාදීම ඉන්ධනවලට පමණක් නොවෙයි අනෙකුත් අත්යවශ්ය සියලුම භාණ්ඩවලටත් කරන්න ඕන – ජනපති ඩිජිටල් කටයුතු උපදේශක චමීර ජීවන්ත දේද්දුවගේ කියයි”. යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්ය සටහනක් පළ වී තිබුණා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවේ අත්යවශ්ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට සිදු විය හැකි බලපෑම සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමුව තිබෙනවා. ඉන්ධන වලට මෙන්ම අත්යවශ්ය භාණ්ඩවලට QR ක්රමය හඳුන්වාදිය යුතු බවට චමීර ජීවන්ත මහතා විසින් ප්රකාශ කළ බව දක්වමින් සමාජ මාධ්ය සටහනක් හුවමාරු වී තිබෙන්නේ මෙවන් පසුබිමකදී ය.
චමීර ජීවන්ත මහතා විසින් මෙවැනි ආකාරයේ ප්රකාශයක් සිදු කර ඇත්ද යන්න පරීක්ෂා කිරීම් සඳහා අප ඔහුගේ ෆේස්බුක් ගිණුම සහ ප්රධාන මාධ්ය ධාරාවන් ඔස්සේ ඒ පිළිබඳව වාර්තා කර ඇත් ද යන්න පරීක්ෂා කළත් එවැන්නක් හමු වුණේ නැහැ.
ජනාධිපති මාධ්ය අංශය
එසේම චමීර ජීවන්ත දේද්දුවගේ මහතා ජනාධිපති ඩිජිටල් කටයුතු උපදේශකවරයකු ලෙස කටයුතු කරන්නේද යන්න තහවුරු කරගැනීම සඳහා අප විසින් ජනාධිපති මාධ්ය අංශයෙන් විමසීමක් කළ අතර එහිදී ජනාධිපති මාධ්ය අංශය මගින් තහවුරු කළේ චමීර ජීවන්ත මහතා ජනාධිපතිවරයාගේ ඩිජිටල් කටයුතු උපදේශකවරයකු වශයෙන් කටයුතු නොකරන බවයි.
චමීර ජීවන්ත දේද්දුවගේ මහතා
එසේම මේ සම්බන්ධයෙන් චමීර ජීවන්ත දේද්දුවගේ මහතා විසින් සඳහන් කළේ මෙවැනි ප්රකාශයක් තමන් විසින් සිදු කර නොමැති බවත් රජය සමග කිසිඳු සම්බන්ධයක් තමාට නොමැති බවත් ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


