ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ රෝහල් ගත කළා ද ?

International Political Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නිරන්තරයෙන් ලොව පුරා කතාබහට ලක්වන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෝල්ටර් රීඩ් රෝහල වෙත රැගෙන ගොස් ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සහ තවත් සටහන් රැසක් හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts) :

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෝල්ටර් රීඩ් රෝහලට ඇතුළත් කළ බවට වාර්තා පළවන බවත්, රෝහල අවට මාර්ග මේ වන විට වසා දමා ඇති බවත්, ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව ජනාධිපතිවරයාගේ ඉදිරි සැලසුම් කිහිපයක් අවලංගු කර ඇති බවත්, දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook |Archived Link

මේ සම්බන්ධයෙන් සටහන් සහ අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්,

Facebook Facebook Facebook Facebook

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අප්‍රේල් 4 වන සෙනසුරාදා පෙ.ව. 11:08 ට ධවල මන්දිරය විසින් ජනපති ට්‍රම්ප් එදින ප්‍රසිද්ධියේ පෙනී නොසිටින බව දක්වා නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වීම ආරම්භ වී තිබෙනවා. 

ඉරාන යුද්ධය පිළිබඳ බදාදා රාත්‍රියේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් පසු ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර අතර එම තත්වය සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි පුවතක් සංසරණය වීම කෙරෙහි බලපා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කිරීමක් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් පුවත් වාර්තාකරණයන් සිදු කර තිබිය යුතුයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කර ඇති බව තහවුරු කළ මූලාශ්‍ර හෝ නිල ප්‍රකාශ කිසිවක් ධවල මන්දිරය විසින් හෝ ට්‍රම්ප් ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ හෝ පල කර නොමැති බව අප විසින් සිදු කළ මූලික පරීක්ෂාවේදී තහවුරු වුණා.

ට්‍රම්ප් රෝහල්  ගත කළ බවට පැතිර යන කටකතා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි.

පැතිර යන කටකතා සම්බන්ධයෙන් ධවල මන්දිරයේ Rapid Response 47 ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබුණා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැය 12ක කාලයක් මාධ්‍ය වෙත ප්‍රතිචාර නොදක්වා ඇති අතර මෙම කාලය තුළ ඔහු රෝහල් ගත කර ඇති බවට අසත්‍ය පුවතක් නිර්මාණය කර ඇති බවත්, ජෝ  බයිඩන් ජනාධිපතිව සිටි සමයේ පුරුද්දක් ලෙස බයිඩන් දින 12 ක කාලයක් මාධ්‍ය වෙත ප්‍රතිචාර නොදක්වා සිටියත් ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් නොපවසන බවත්, ජනතාවට බිය නොවන ලෙසත් ජනාධිපති ට්‍රම්ප් එලෙස කිසිදා තම වැඩ කටයුතු නවත්වන්නේ නැති බවත් අදාළ සටහනෙහි අන්තර්ගතව තිබෙනවා.

X

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුන්ග් විසින්, “ජනාධිපති ට්‍රම්ප් තරම් ඇමරිකානු ජනතාව වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ ජනාධිපතිවරයෙකු කිසිදා සිට නැත. මෙම පාස්කු සති අන්තයේ ඔහු ධවල මන්දිරයේ සහ ඕවල් කාර්යාලයේ නොනවත්වා වැඩ කරමින් සිටී.” යනුවෙන් සිය X ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

X

එසේම අප්‍රේල් 04 සෙනසුරාදා පස්වරු 1:50 ට ධවල මන්දිරයේ බටහිර අංශයේ දොරටුව අසල මුරකරුවෙකු ලෙස සිටින නාවික හමුදා සෙබළෙකුගේ ඡායාරූපයක් CBS මාධ්‍යවේදියකු විසින් ලබා ගෙන පල කර තිබෙනවා. එය ජනාධිපතිවරයා ධවල මන්දිරය තුළ සිටින බවට සංඥාවක් ලෙස දක්වා ඇත්තේ මෙලෙසින්. 

X

ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කර ඇති බවට වන ප්‍රකාශයන් ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය විසින් පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

එසේම මාධ්‍යවේදී ඇන්ඩෲ ලේඩන් විසින් ඔහුගේ නිල X ගිණුමෙහි සටහනක් තබමින් තහවුරු කර ඇත්තේ 2026 අප්‍රේල් 4 වන සෙනසුරාදා. ප.ව. 1:50 වන විට වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටත මෝටර් රථ පෙළපාළියක් නොමැති බවත් මාර්ග විවෘතව පවතින බවත් ය.

X

එසේම ඉරාන ගැටුම් සහ තවත් විවිධ දේ සම්බන්ධයෙන් ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සෙනසුරාදා දිනයේ Truth Social හි නව වතාවක් සටහන් පළ කර තිබෙනවා.

අප්‍රේල් 5 දින, ට්‍රම්ප් වර්ජිනියාවේ පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා සමාජයට (Trump National Golf Club) ගොස් නැවත ධවල මන්දිරයට පැමිණෙනු දක්නට ලැබුණු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

එසේම ඉරානයේදී අතුරුදහන් වූ ඇමරිකානු ගුවන් නියමුවෙකු බේරාගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් අද එනම් අප්‍රේල් 06 සඳුදා පස්වරු 1:00 ට (ET) ධවල මන්දිරයේදී විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානමින් සිටින බව දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

2024 වසරේ වීඩියෝවක්

ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කරන අවස්ථාවේ වීඩියෝවක් ලෙස දක්වමින් හුවමාරු වී තිබූ වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට ද අප කටයුතු කළා. අදාළ වීඩියෝව 2024 වසරේදී ඇමරිකානු දේශපාලන ක්‍රියාකාරිකයකු වන චාලි කර්ක් විසින් X හි පළ කර තිබුණේ මෙලෙසින්.

X

X

මෙම වීඩියෝව 2024 වසරේ ජූලි මාසයේදී පෙන්සිල්වේනියාවේ රෝහලක් ආසන්නයේ ගමන් ගන්නා මෝටර් රථ පෙළක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්ති වාර්තාකරණයක් සමග සමාන වනවා. 2024 වසරේ මැතිවරණ ප්‍රචාරක රැලියකදී ඝාතනයට තැත් කිරීම හේතුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ආසන්න රෝහළකට ගෙන යන ආකාරය දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය විසින් අදාල ප්‍රවෘත්ති වාර්තාකරණය සිදු කර තිබුණේ මෙලෙසින්.

ABC News Australia

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කර ඇති බව දක්වමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් ධවල මන්දිරය විසින් තහවුරු කර තිබෙනවා. හුවමාරු වන වීඩියෝව 2024 වසරේ මැතිවරණ රැලියකදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට තැත් කළ අවස්ථාවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ඔහුව රෝහලකට රැගෙන යන අවස්ථාවේ වීඩියෝවකි.

Result Stamp

Title: ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ රෝහල් ගත කළා ද ?

Fact Check By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *