දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය දිනවල ඇල්ල ප්‍රදේශයේ ලැව්ගින්නක් ඇතිවුණා .මෙම ගින්න ඇතිවුවේ රාවණා ඇල්ල රක්ෂිතයේ ඇති කදු ප්‍රදේශයේ යි.මෙම රක්ෂිතය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි ඇති අධික ජෛව විවිධත්වය නිසායි. මෙම ගින්න නිසා අක්කර 600 ක භුමි ප්‍රමාණයක් විනාශවූ බවට සහ අදාළ කදුකර ප්‍රදේශයේ සිට ඇල්ල වැල්ලවාය මාර්ගයට ගල් පෙරලීමේ හැකියාවක් පවතින බවට ප්‍රධාන ධාරාවේ පුවත් වාර්තා කර තිබුනේ මෙලෙසින්. මේ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා. සමාජ ජාලා තුලද මේ සම්බන්ධයෙන් විවිධාකාර කතාබහ මතුවුණා. මේ ගින්න මතුවුවේ කෙසේද ? මීට හේතුසාධක වූ කරුණු මොනවාද සම්බන්ධයෙන් අප මේ ලිපිය තුලින් අවධානය යොමුකරනවා.
ලැව් ගින්න ඇතිවූ ආකාරය
ලැව් ගින්න ඇතිවුනේ මිට දින කිහිපයකට පෙරයි. එනම් පෙබරවාරි මස 13 වෙනිදායි. එදින සන්ධ්‍යා කාලයේදී ඇතිවූ ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිසාව බාර ප්‍රධානි උදය කුමාර අප සමග පවසා සිටියා.
මිනිසුන් විසින් ඇතිකරන ලද ගින්නක්
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ගින්න ඇතිවූ ප්‍රදේශය සම්බන්ධයෙන් සලකා බැලූ විට මෙය ස්වභාවිකව ඇතිවූ ගින්නක් නොව මිනිසුන් විසින් සිදුකරන ලද ගින්නක් ලෙස හදුනාගැනීමට හැකිවූ බවයි. කෙසේ වෙතත් මේ ආකාරයේ ගිනි හටගැනීම් ඇල්ල ප්‍රදේශයේ බොහෝ කාලයක සිට සිදුවන බවත් ඔහු සදහන් කර සිටියා. ඔහු වැඩිදුරටත් පැවසුවේ සමහර පුදගලයන්ගේ අපරික්ෂාකාරී ක්‍රියාකාරකම් , සමහර පුද්ගලයන් විසින් සතුන් දඩයම් කිරීම සදහා ඇතිකරන ගිනි මෙන්ම ගොවින් විසින් සමහර අවස්ථාවලදී සිය ගවයන් ට තෘණ බිම් වැවීම සදහා අවශ්‍ය භුමියේ වාතාවරණය සැකසීම සදහා මේ ආකාරයෙන් ගිනි තැබීම් සිදුකරන බවයි. එමෙන්ම ඇතැම් පිරිස් මේ ආකාරයට ගිනි තැබීම මගින් යම් මානසික තෘප්තියක් ලබන බවත් ඔහු සදහන් කර සිටියා.
දේශගුණික විපර්යාස
දේශගුණික විපර්යාස මගින් මෙම ලැව්ගිනි ඇතිවීම සදහා උත්තේජනයක් ඇතිකරන බවද පැවසූ ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ වියලී දේශගුණයක් පැවතීම නිසා සහ ටික කලකින් වැසි නොලැබී තිබීම නිසා ලැව්ගින්න වඩාත් තියුණුව පැතිරීයන බවයි.
ඇල්ලට ලැව්ගිනි අලුත් තත්ත්වයක් නොවේ
ඇල්ල ප්‍රදේශයේ මේ ආකාරයේ ලැව්ගිනි ඇතිවීමේ තත්ත්වයන් ආගන්තුක හෝ දුලබ තත්ත්වයක් නොවේ. පසුගිය වසර 10-15 ක කාල වකවානුන් නිරීක්ෂණය කලත් මේ ආකාරයේ ගිනි ගැනීම් සම්බන්ධ පුවත් වාර්තා අපට දැකගත හැකියි. එවැනි පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්
හෙලිකොප්ටර භාවිතා නොකළේ ඇයි ?
පසුගියදා මේ පිලිබදව අදහස් දැක්වූ සංචාරක නියෝජය අමාත්‍ය රුවන් රණසිංහ පවසා තිබුනේ ගින්න නිවීම සදහා හෙලිකොප්ටර යානා භාවිතා කර නොතිබුනේ පසුගිය අවුරුදුවල මෙම ගිනි ගන්නා තත්ත්වය ඇතිවූ කල හෙලිකොප්ටර යොදාගත්තත් එය එතරම් සාර්ථක ක්‍රියාවලියක් නොවන බව අදාල නිලධාරීන් විසින් තමන්වද දැනුවත්කළ නිසා බවයි. මේ පිළිබදව ද අප බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂකවරයාගෙන් කරුණු විමසා සිටියා. ඔහු සදහන් කර සිටියේ පසුගිය වසර වලදී පවා හෙලිකොප්ටර භාවිතා කලේ වෙනත් විකල්ප නොමැතිව ගින්න උඩු දිවූ අවස්ථාවල බවයි. කෙසේ වෙතත් මෙවර දින 2-3 ක් තුල ගින්න නිවා දැමීමට හෙලිකොප්ටර යානා භාවිතයකින් තොරව අවස්ථාව ලැබුණ බවත් ඔහු සදහන් කර සිටියා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අප සමග පැවසුවේ තමන්ගෙන් කිසිවෙක් හෙලිකොප්ටර් යානා ඉල්ලුවේ නොමැති බවත් යම් හෙයකින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හෝ අදාළ බලධාරීන් ඉල්ලීමක් කර තිබුනේ නම් යානා ලබාදීමේ හැකියාවක් පැවති බවයි.
පෙබරවාරි මස අගදී වියලී කාලගුණ තත්ත්වයේ වෙනසක්
පෙබරවාරි මස අග වනවිට වියලී කාලගුණ තත්ත්වයේ වෙනසක් සිදුවී වැසි ඇතිවන තත්ත්වයක් උදා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥයෙක් ලෙස කටයතු කරන ජනක කුමාරගේ අප සමග පවසා සිටියා . වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කර සිටියේ ඇල්ල ප්‍රදේශයේ ඇතිවූ ගින්න පවතින වියලී කාලගුණික තත්ත්වය මෙන්ම ඉන්දියානු උප මහාද්වීපය හරහා පැමිණෙන වියලී වේගවත් සුලන්ධාරා නිසා වඩාත් පුළුල් ලෙස පැතිර ගිය බවයි.. කෙසේ වෙතත් පෙබරවාරි මස අගවන විට වැසි ඇතිවීමේ තත්ත්වයක් පවතින බවත් ඔහු සදහන් කරා. වර්තමානයේ දිවයින පුරා පවතින වියලී කාලගුණික තත්ත්වය පෙබරවාරි මාසය සදහා ලාක්ෂණික බවත් පැවසූ ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ ගෝලීය දේශගුණික විපර්යාසවල බලපෑම නිසා උණුසුම් කාලගුණික තත්ත්වයේ තියුණු බවත් වඩාත් වැඩිවී ඇති බවයි.
පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි – මේ වන තෙක් කිසිවකුත් අත්ඩංගුවට ගෙන නැහැ
මේ පිලිබදව අප සමග අදහස් දැක්වූ ඇල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා සදහන් කර සිටියේ, මෙය ස්වභාවිකව ඇතිවූ ලැව්ගින්නක් නොව මිනිසුන් විසින් ඇතිකළ ලැව්ගින්නක් බවට විශ්වාස කරන බවයි. කෙසේ වෙතත් මේ දක්වා කිසිවකුත් පොලිස් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් ඔහු සදහන් කර සිටියා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok

Title:ඇල්ල ප්‍රදේශයේ ඇතිවූ ලැව් ගින්න ස්වභාවික හේතු මත ඇතිවුවක් නොවේ! – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
Written By: Kalana KrishanthaResult: Insight

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,