ජනපතිට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි, කාදිනල් හිමි ප්‍රකාශයක් කළා ද? 

False Religious Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

දේශපාලනික, ආගමික හෝ සමාජීය වශයෙන් රටේ සමාජයේ වඩාත් පිිළිගැනීමක් පුද්ගල නාමයන් භාවිත කරමින් සමාජ ය නොමග යවන සුළු ආකාරයෙන් සකසක ලද සටහන් පළ කිරීම අද්‍යතනයේ සමාජ මාධ්‍ය ජලාවල බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්. මේ එලෙස අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ අප සිදු කළ විමසා බැලීමක්. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ඉල්ලා අස්වෙන ලෙස ආණ්ඩුවෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව කියමින් මෙම ෆේස්බුක් සටහන පළ වී තිබේ. අද දෙරණ පුවත් නිල ලාංඡනය සහිතව පළ කර ඇති කාදිනල් හිමිපාණන් විසින් සිදු කළ බව කියන මෙම ප්‍රකාශයට අදාළව වැඩිවිස්තර කිසිවක් හෝ විස්තර සඳහා වන සබැඳියක් හෝ මෙම සටහන තුළ දැකගත නොහැක. 

Facebook | Archived Link

කාදිනල් හිමිපාණන් සත්‍ය ලෙසම මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවට විශ්වාස කරමින් බොහෝ පිරිසක් සිය ගිණුම් වෙත ද  මෙම සටහන හුවමාරු කරගෙන තිබූ අතර තවත් බොහෝ පිරිසක් එය සත්‍යක් යැයි සිතමින් සිය අදහස් ද ඊට එක් කර තිබුණේ මෙලෙසිනි. 

මෙහි නිරවද්‍යතාව විමසමින් බොහෝ පිරිසක් සිදුකර තිබූ ඉල්ලීම් වෙත ද අවධානය යොමු කරමින් අප මේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට මෙලෙස පියවර ගත්තා. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අද දෙරණ පුවත් නිල ෆේස්බුක් පිටුවේ, ඉහත සමාජ මාධ්‍ය සටහනේ සඳහන් පරිදි කාදිනල් හිමිපාණන් විසින් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි, ප්‍රකාශ කළ බවට වන සටහනක් පළ කර තිබේ දැයි පරීක්ෂා පරීක්ෂාකර බැලූ අතර එම ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළ කර තිබූ බවක් දැකගත නොහැකි විය. තව ද  අද දෙරණ නිල පුවත් වෙබ් අඩවියේ සහ ඔවුන්ගේ අනෙකුත් සමාජ මාධ්‍ය ජලා කිසිවක හෝ කාදිනල් හිමිපාණන් සිදු කළ බව කියන මෙවැනි ප්‍රකාශයක් පිළිබඳ පුවතක් වාර්තා කර නොමැති බව අපගේ කරුණු පරීක්ෂාවේදී තහවුරු විය. 

තවද කාදිනල් හිමිපාණන් විසින් දේශපාලනික වශයෙන් මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණේ නම්, මෙරට අනෙකුත් පිළිගත් මාධ්‍ය ධාරාවන් ද එය ශීර්ෂපාඨ සහිතව වාර්තා කරනු ඇත. කෙසේ වෙතත් අප සිදුකළ සොයා බැලීමේදී අනෙකුත් ධාරාවේ කිසිදු මාධ්‍යක් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙසට කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළ බවට වන පුවතක්  වාර්තා කර නොමැත. ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍ය සටහනක් බවට වන සැකය තවදුරටත් තහවුරු වේ.

ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා – ජාතික සහ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ 

කෙසේ වෙතත් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන සටහන පිළිබඳව කරණු තහවුරුකර දැන ගැනීම සඳහා ජාතික සහ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමාගෙන් අප මේ පිළිබඳව විමසීමක්  සිදු කළේ ය. ඒ අනුව ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ, කාදිනල් හිමිපාණන්ගේ ඡායාරූපයක් ද යොදා ගනිමින් උන්වහන්සේ සිදු කළ බව කියමින් සමාජ මාධ්‍ය ජලාවල සංසරණය වන සටහන ව්‍යාජ සටහනක් බවයි. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට වන ප්‍රකාශයක් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් සිදු කර නොමැති බව ද ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ ය. 

2022 වසරේ පළ වූ පුවතක්

ඉහත සමාජ මාධ්‍ය සටහන 2022 වසරේ අද දෙරණ පුවත් නිල ෆේස්බුක් පිටුවේ පළ වී තිබූ සටහනක් බව දැක ගන්නට ලැබේ.

Facebook | Archived Link

එම වකවාණුවේ ජනාධිපති ලෙස ධුරය හොබවනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වේ. කාදිනල් හිමියන් මේ සම්බන්ධයෙන් එවකට නිකුත් කළ නිවේදනය පහතින්.

මෑත කාලීනව කාදිනල් හිමිපාණන් සිදුකළ සුවිශේෂි ප්‍රකාශ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා කුඩා දරුවන්ට අවශ්‍ය නොවන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාකරමින් සිටින බවට අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගිය දා චෝදනා කළහ. මීරිගම, ස්ටෙෆන් මුණිඳුන්ගේ දේවස්ථානයේ උත්සවයකට  එක්වෙමින් පසුගිය (නොවැම්බර් 8) උන්වහන්සේ කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යාංශය ලබන ජනවාරි 27 වැනිදා සිට එකී පාඩම් දරුවන්ට ඉගැන්වීමට සූදානම් වන බවයි. මෙවැනි දේ පිටුපස රට විනාශ මුඛයට ඇඳ දැමීමට  අර අදින ජාත්‍යන්තර සංවිධාන සිටින බව ප්‍රකාශ කළ උන්වහන්සේ ප්‍රශ්න කරන්නේ, මෙවැනි දේ සඳහා ශීලාචාර ආණ්ඩුවක් ඉඩ දෙන්නේ කෙසේ ද යන්නයි. තව ද අධ්‍යාපන අමාත්‍යාශය එවැනි දේ සඳහා කටයුතු කරන්නෙ නම් එය හෙළා දැකිය යුතු බව අවධාරණය කළ උන්වහන්සේ එවැනි දේ අමාත්‍යාංශ නිලධාරීන්ට සහ වෙනත් පාර්ශවලට අවශ්‍ය පරිදි එවැනි දේ සිදු කිරීමට ඉඩ නොදෙන ලෙස එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. 

මේ අතර රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව මෑතකාලීනව කාදිනල් හිමිපාණන් සිදු කළ අදහස් ප්‍රකාශ කිරීම බොහෝ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. පසුගිය අගෝස්තු 14 වැනිදා කොළඹ පැවති උත්සවයක් අමතමින් කාදිනල් හිමිපාණන් පවසා තිබුණේ,  ශ්‍රී ලංකාව තුළ සමලිංගික අයිතිවාසිකම් පිළිබඳ වැඩසටහන් මාලාවක් ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එක්වී පිරිසක් කටයුතු කරමින් සිටින බවයි. ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයින් ද මේ සඳහා සම්බන්ධ වී සිටින බව උන්වහන්සේ එහිදී පවසා තිබුණා. තවත් පුවත් කිහිපයක් මෙතැනින් සහ මෙතැනින් 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට වන  ප්‍රකාශයක්  කිසිදු අවස්ථාවකදී සිදු කර නොමැති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන සමාජය නොමග යැවීමේ අපේක්ෂාවෙන් කාදිනල් හිමිපාණන්ගේ නාමය භාවිත කරමින් නිර්මාණය කරන ලද ව්‍යාජ සටහනකි.  

Avatar

Title:ජනපතිට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි, කාදිනල් හිමි ප්‍රකාශයක් කළා ද?

Fact Check By: Sagarika Chathumali 

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *