දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව තහවුරු කරමින් ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් ඔහුගේ ‘Truth Social’ ගිණුමේ සටහනක් තබා තිබුණා. මෙම අත්තඩංගුවට ගැනීම සමග සමාජ මාධ්‍ය පුරා මේ සම්බන්ධයෙන් විවිධ මත පළවූ අතර අසත්‍ය සහ නොමග යවන සුළු සටහන් රැසක් ද හුවමාරු වී තිබුණා. එවැනි සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ,
Claim 1: සමාජමාධ්‍යසටහන්(Social Media Posts) :
ඇමරිකානු හමුදාව වෙනසියුලාවේ ජනාධිපති මන්දිරයට කඩා වැදී එහි ජනාධිපතිවරයා සිය භාරයට ගත් අවස්ථාව දැක්වෙන වීඩියෝවක් බව සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact Check (කරුණුවිමර්ශනයකිරීම) :
මෙම වීඩියෝව සත්‍ය වශයෙන්ම ඇමෙරිකානු හමුදාව වෙනිසියුලාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගන්න අවස්ථාවේ වීඩියෝවක්ද යන්න තහවුරු කර ගැනීම අප මෙම වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් හරහා පරීක්ෂා කරනු ලැබුවා. එහිදී අපට දැකගන්නට ලැබුනේ මෙම වීඩියෝව 2025 ජූනි මස 11 වන දින FOX NEWS නිල ෆේස්බුක් පිටුවේ පල කර ඇති ආකාරයයි. “හමුදා සංවත්සර සැමරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්ගේ කතාවට පෙර එක්සත් ජනපද විශේෂ බලකායන් උතුරු කැරොලිනාවේ ෆෝර්ට් බ්රැග් වෙත ගොඩබසිති.” යනුවෙන් සඳහන් කරමින් අදාල වීඩියෝව පල කර තිබුණා.

එසේම 2025 ජූනි 12 වන දින ධවල මන්දිරයේ නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ පල කර තිබූ වීඩියෝවකද අදාල වීඩියෝ කොටස අන්තර්ගත ව ඇති ආකාරය දැකගන්නට ලැබුනා.

ඒ අනුව අදාල වීඩියෝව පසුගිය වසරේ ජූනි මාසයේදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කැරොලිනාවේ ෆෝර්ට් බ්රැග් වෙත කළ සංචාරයේදී සිදු කළ හමුදා අභ්‍යාසයක් පෙන්වන පැරණි වීඩියෝවක් බව තහවුරු වනවා.
Claim 2: සමාජමාධ්‍යසටහන්(Social Media Posts) :
“වෙනිසියුලාවේ ජනපති මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට ජනතාව” , “මදුරෝ අත්තඩංගුවට ගැනීමෙන් පසු ජනතාව වීදි බසී” යනාදී තේමා ඔස්සේ කෙටි වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.


Facebook | Archived Link | Facebook
Fact Check (කරුණුවිමර්ශනයකිරීම) :
වෙනිසියුලානු ජනපති මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු එරට ජනතාව විසින් ඔහුගේ පෝස්ටර් ඉරා දමන ආකාරය ලෙස දක්වන අදාල වීඩියෝව සැබෑ ලෙසම “මදුරෝ” අඩංගුවට ගැනීමෙන් පසු වීඩියෝවක්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. අප විසින් අදාල වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් හරහා පරීක්ෂාවට ලක් කළ අතර එහිදී හඳුනාගත හැකි වූයේ අදාළ වීඩියෝව 2024 වසරේ ජුලි මස මුල් වරට පල කරන ලද වීඩියෝවක් බවයි.
2024 ජූලි මස 30 පල කරන ලද X සටහනක ද “ජූලි 28 වංචාවට විරෝධය පළ කරමින් බේස් අරගුවා හිදී ඉරා දැමූ මදුරෝ ගේ බැනරයක්” යනුවෙන් සඳහන් කරමින් අදාල වීඩියෝව පල කර තිබුණා.

2024 ජූලි 28 වන දින පැවති 2024 වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකලස් මදුරෝ ජයග්‍රහණය කළ අතර, ඊට පසු දින එරට අගනුවර විරෝධතා වාර්තා වී ඇත. BBC විසින් 2025 ජූලි මස 30 වන දා පල කරන ලද වාර්තාවේ සඳහන් වන කරන ආකාරයට විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට පැමිණීම වැළැක්වීම සඳහා ආරක්ෂක හමුදා යොදවා ඇත. විරෝධතාකරුවන් ජනාධිපති මධුරෝගේ පෝස්ටර් ඉරා දමමින් විරෝධය පල කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.
Also Read: An old video of Venezuelans tearing down a poster of President Maduro goes viral as recent
Claim 3: සමාජමාධ්‍යසටහන්(Social Media Posts) :
“වෙනිසියුලාවේ ජනතාව තම මව්බිම සහ ජනාධිපතිවරයා වෙනුවෙන් එක්සත් ජනපද ආක්‍රමණිකයාට එරෙහිව” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබුණා.

“අධිරාජ්‍යවාදී ආක්‍රමණයට එරෙහිව වෙනිසියුලාවේ කරකාස් අගනුවර දැවැන්ත මහජන විරෝධයක්” යනුවෙන් සඳහන් කරමින් ද අදාල වීඩියෝව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact Check (කරුණුවිමර්ශනයකිරීම):
ඉහත වීඩියෝව වල දැක්වෙන විරෝධතා සැබෑ ලෙසම ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් වෙනිසියුලා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට විරුද්ධව එරට සිදු කරන ලද විරෝධතා වල වීඩියෝ පටද යන්න පරීක්ෂා කිරීම සඳහා අප කටයුතු කළා. ඒ අනුව අප විසින් අදාළ වීඩියෝ පටයේ දර්ශන Reverse Image යෙදුමක් හරහා පරීක්ෂා කළ අතර එහිදී අදාල වීඩියෝ පටය පසුගිය නොවැම්බරයේ, එනම් 2025.11.15 වන දින ටික්ටොක් ගිණුමක පල කර ඇති ආකාරය දැක්වෙන ටිව්ටර් සටහනක් දැක ගැනීමට ලැබුණා.

2025.11.15 වන දින පල කර ඇති මෙම වීඩියෝව නිකොලස් මදුරෝ සමඟ පැවති වෙනිසියුලාවේ තරුණයන්ගේ පාගමනක වීඩියෝවක් ලෙස ශීර්ෂ පාඨයේ සටහන් ව තිබුණා. මෙම වීඩියෝවේ එක් දර්ශනයක නිකොලස් මදුරෝව ද දැක ගත හැකි වනවා.


වීඩියෝව වඩාත් සමීපව නිරීක්ෂණය කිරීමේදී, “i LA ZUVENTUD” යනුවෙන් සටහන් කර ඇති බැනරයක් දැක ගන්නට ලැබුණා. ඒ අනුව තවදුරටත් සිදුකල සොයා බැලීමේදී මෙම වීඩියෝව එය 2025 නොවැම්බර් 13 වන දින වෙනිසියුලාවේ රජයට සහාය දැක්වීම සඳහා පැවති රැලියක දර්ශනයක් බව පැහැදිලි වුණා. එම රැලියේ තවත් දර්ශන මෙතනින් සහ මෙතනින්
කෙසේ වෙතත් වෙනිසියුලානු ජනතාව වෙසින් එරට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දෙයාකාරයකට ප්‍රතිචාර දක්වමින් සිටිනවා. පිරිසක් ඇමරිකාව විසින් තම රටේ ස්වාධීනත්වයට සිදුකරන අත පෙවීම් නවත්වන ලෙස පවසමින් විරෝධතා දක්වන අතර, තවත් පිරිසක් ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුට පල කරමින් සිටිනවා.
Claim 4: සමාජමාධ්‍යසටහන්(Social Media Posts) :
“මධුරෝගේ බිරිඳ නිව්යෝර්ක් අධිකරණයක පෙනී සිටියේ ඇගේ මුහුණේ පහරදීම් සහ තැලීම් පිළිබඳ පැහැදිලි සලකුණු සහිතවය. ඇයගේ නීතිඥයාට අනුව දරුණූ අඩත්තේට්ටම් වලට ලක් වු ඇයගේ ඉළ ඇටයක්ද බිදී තිබේ. ළමා අපයෝජක උම්මන්තකයකුගෙන් වෙනත් සැළකීමක් අපේක්ෂා කළ හැකි ද” යනුවෙන් සඳහන් කරමින් සටහනක් ද සමාජ මාධ්‍යය තුළ පළ වී තිබුණා.

Fact Check (කරුණුවිමර්ශනයකිරීම) :
මදුරෝ සහ ඔහුගේ භාර්යාව වන සීලීයා ෆ්ලෝරස්ව (Cilia Flores), ඇමරිකානු හමුදා විසින් රැගෙන එන වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරික්ෂා කිරීමේ දී දැකගනන්ට ලැබෙන ෆ්ලෝරස් ගේ හිස කෙස් වල පැහැය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී ඇති ඉහත ඡායාරූපයේ ඇගේ හිස කෙස් වල පැහැයේ පැහැදිලි වෙනස්කම් දැකගන්නට ලැබෙනවා.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අස්වාභාවික සම ඇතුළු වෙනත් කෘත්‍රිම අස්වාභාවික කරුණු ද සැලකිල්ලට ගනිමින් අප විසින් අදාළ ඡායාරූපය AI (කෘත්‍රිම බුද්ධි) හඳුනා ගැනීමේ මෙවලම් වෙත යොමු කරනු ලැබුවා. එහිදී පැහැදිලි වූයේ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කළ බවට ඉහළ සම්භාවිතාවයක් ඇති බවයි.


එසේම අධිකරණය තුළ රැඳී සිටින මදුරෝ සහ ඔහුගේ භාර්යාව වන සීලීයා ෆ්ලෝරස් ගේ ජායාරූප කිසිවක් මාධ්‍යයට නිකුත් කර තිබුනේ ද නැහැ.
ෆ්ලෝරස්ට “සැලකිය යුතු තුවාල” සිදු වූ බවත් එහි තත්වය නිර්ණය කිරීමට වෛද්‍ය පරීක්ෂණයක් අවශ්‍ය බවත්, ඇයගේ නීතිඥ මාර්ක් ඩොනලි ඉල්ලා තිබු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. එසේම ෆ්ලරෝස්ගේ නළලේ සහ මුහුණේ දකුණු පැත්තේ ඇස ආසන්නයේ බැන්ඩේජ් පටි දැකගන්නට ලැබී ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබු අතර ඉහත රුපයේ මුහුණේ සිදුවූ පහර දීමක් ලෙස දැක්වෙන්නේ වම් පැත්තේ යි. FOX | AP
Claim 5: සමාජමාධ්‍යසටහන්(Social Media Posts) :
වෙනිසියුලානු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබාගත් පළමු ඡායාරූපය ලෙස දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණා


Fact Check (කරුණුවිමර්ශනයකිරීම) :
නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපදය විසින් තහවුරු කිරීමෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නිල සමාජ මාධ්‍යවල මධුරෝ ගේ නිල රූපයක් පල කර තිබුණා. රූපයේ දැක්වෙන්නේ මධුරෝ එක්සත් ජනපද නෞකාවක ඇස් බැඳ මාංචු දමා ඇති ආකාරයයි. එම ජායාරූපය සහ සමාජ මාධ්‍ය වල සංසරණය වන මෙම ජායාරූපය අතර පැහැදිලි වෙනස් කම් දකින්නට ලැබෙනවා.
ඒ අනුව අප විසින් අදාළ ඡායාරූපය AI කෘත්‍රිම බුද්ධි අන්තර්ගත හඳුනාගැනීමේ මෙවලම් වෙත යොමු කළා. එහිදී පැහැදිලි වූයේ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධි ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.

Google SynthID ඔස්සේ සිදුකළ පරික්ෂාවේ දී ද මෙම ජායාරූපය Google හි AI ආකෘති භාවිතයෙන් ජනනය කරන ලද හෝ සංස්කරණය කරන ලද බව හඳුනාගන්නට ලැබෙනවා.
මේ ගැන වැඩිදුර කරුණු සපයමින් අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ෂණය පහතින්.
Viral Image of Maduro’s Arrest Is AI-Generated, Capture Is Real
ඇමරිකානු හමුදා විසින්වෙ නිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අත්අඩංගුවට ගැනීම
අමෙරිකානු හමුදා විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගත් අතර, ඔහු සහජනපති ආර්යාව අමෙරිකාවට රැගෙන ඒමෙන් පසුව අරාජික වූ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පත්ව ඇත්තේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් ය. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඇය පවසා තිබුණේ තමන් අමෙරිකාව සමඟ දිගුකාලීන සහයෝගීතාවෙන් යුතුව ඉදිරි කටයුතු මෙහෙයවීමට අපේක්ෂා කරන බවයි. රොඩ්රිගස් සමඟ කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් නමුත් යම් හෙයකින් ඇය වැරදි තීන්දු ගතහොත් විශාල වන්දියක් ගෙවීමට වෙනිසියුලාවට සිදුවනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබූ පසුබිමක ඇය මේ බව බව පවසා තිබුණි.
නිව්යෝක් නුවර බෘෘක්ලින්හි මෙට්‍රපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ නිව්යෝක් නුවර මැන්හැට්න්හි ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී තමාට එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
නිකොලස් මදුරෝ වන තමන් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන අතර පසුගිය 3 වන දින සිය නිවසේදී පැහැරගැනීමට ලක් වූ බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. “මම නිර්දෝශී, මම යහපත් මිනිසෙක්, මම කිසිදු වරදක් කර නැහැ” යනුවෙන් වෙනිසියුලානු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තමන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, අවි ආයුධ ජාවාරම් යන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බව ද මදුරෝ අවධාරණය කර ඇති බව සඳහන් වනවා. නිකොලස් මදුරෝගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. මිනිත්තු 40ක පමණ කාලයක් පැවති නඩු විභාගයෙන් අනතුරුව යළි කැඳවීම මාර්තු මස 17 වනදා දක්වා කල් තබා තිබෙනවා.
අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න
Facebook| Twitter| Instagram| Google News| TikTok
Title:වෙනිසියුලානු ජනාධිපති “නිකලස් මදුරෝ” අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන් කිහිපයක්!
Fact Check By: Pavithra HansaniResult: Misleading


