දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලනයක් ඇතිවී තිබෙනන පසුබිමක මැතිවරණ කොමසාරිස්වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවට හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් ප්‍රකාශ කළ බවත්, ඔහු විසින් නැවත මැතිවරණ කොමසාරිස් ධූරය සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවත් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :


Facebook | Archived Link Facebook
මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් මැතිවරණ කොමසාරිස් විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවට ප්‍රකාශයක් සිදු කර ඇත්නම් සහ ඔහු විසින් නැවත මැතිවරණ කොමසාරිස් ධූරය සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදු කර ඇත්නම් මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. නමුත් අප විසින් සිදුකළ පරීක්ෂාවේ දී පැහැදිලි වූයේ එවැන්නක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හෝ නිල විශ්වසනීය මූලාශ්‍රයක් විසින් වාර්තාකර හෝ තහවුරු කර නොමැති බවයි.
Newswire විසින් පල කරන ලද පුවතක් නොවේ
ඉහත සමාජ මාධ්‍ය සටහන Newswire පුවත් ආයතනයෙහි නිල ආකෘතියෙන් නිර්මාණය කර තිබීම නිසා අප විසින් අදාළ සටහන එම පුවත් ආයතනය විසින් පළ කරන ලද්දක් ද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ Newswire නිල සමාජ මාධ්‍ය කිසිවක ඉහත සටහන පල කර නොමැති බවයි.
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ ඉහත සටහන වෙත කමෙන්ටුවක් මගින් අදහස් දක්වමින් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් එම සටහන සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සඳහන් කර තිබේ.

අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් සඳහන් කළේ තමා විසින් මැතිවරණ කොමසාරිස් විශ්‍රාම වයස් දීර්ඝ කළ යුතු බවට කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. එසේම තමාට නැවත මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවයක්ද නොමැති බව ඔහු විසින් සඳහන් කළා. එසේම මැතිවරණ කොමසාරිස් ධූරය මේ වන විට අහෝසි වී ඇති බව වැඩිදුරටත් ඔහු විසින් සඳහන් කළා.
එසේම වෙනත් පාර්ශ්වයක් විසින් හෝ සෘජුවම මැතිවරණ කොමසාරිස් විශ්‍රාම වයස් දීර්ඝ කිරීමක් සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණේ නැහැ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2015 නොවැම්බර් 13 වන දින සිට ‘මැතිවරණ කොමසාරිස්’ ධූරය අහෝසි විය.
මැතිවරණ දෙපාර්තමේන්තුව සහ එහි ප්‍රධානියා වූ මැතිවරණ කොමසාරිස් ධුරය 2015 දී මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමට පෙර ලංකාවේ පැවති රාජ්‍ය ව්‍යුහයයි. මැතිවරණ පැවැත්වීම, ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම ඇතුළු සියලුම තීරණ සහ බලතල පැවරුණේ “මැතිවරණ කොමසාරිස්” නමැති තනි නිලධාරියාට පමණි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2015 නොවැම්බර් 13 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටුවන ලදී. ඒ සමඟම තනි පුද්ගලයෙකුට තිබූ “මැතිවරණ කොමසාරිස්” ධුරය අහෝසි වී, කොමිෂන් සභාවක් ලෙස බලතල ක්‍රියාත්මක වීම ආරම්භ විය. මැතිවරණ දෙපාර්තමේන්තුව වෙනුවට මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීම මඟින් තනි නිලධාරියෙකු සතු වූ සියලු බලතල සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් යුත් ස්වාධීන මණ්ඩලයකට පැවරීම මෙහිදී සිදු වූ ප්‍රධානතම වෙනසයි.
අවසන් මැතිවරණ කොමසාරිස්වරයා වූ මහින්ද දේශප්‍රිය මහතා, 2015 දී පිහිට වූ මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රථම සභාපතිවරයා ලෙස පත් කරන ලදී. කොමිසමේ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල් නමැති නව තනතුරද 2015 දී නිර්මාණය කෙරුණි.
R.M.A.L. රත්නායක මහතා 2023 ජූලි සිට කොමිෂන් සභාපති ලෙසත්, රසික පීරිස් මහතා 2025 නොවැම්බර් 14 සිට මැතිවරණ කොමසාරිස් ජනරාල් ලෙසත් (සමන් ශ්‍රී රත්නායක මහතා 2025 නොවැම්බර් විශ්‍රාම ගැනීමෙන් පසු) කටයුතු කරති
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්.
සමස්ත රාජ්‍ය සේවකයන්ටම විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා තිබේ.
මෙවැනි සටහනක් හුවමාරු වන්නේ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට යෝජනා වීමත් සමඟ, ලක්ෂ 15ක් පමණ වන සමස්ත රාජ්‍ය සේවකයන්ටම වයස අවුරුදු 67 දක්වා විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා ඇති පසුබිකයි. එක් සේවාවකට පමණක් විශ්‍රාම වයස දීර්ඝ කිරීම වෙනුවට, සේවා අවශ්‍යතා මත එවැන්නක් සිදුකරනවා නම් සමස්ත රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයම ආවරණය වන පරිදි විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවට වෘත්තීය සමිති හා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය විසින් මාධ්‍ය හමුවකදී 2026 අගෝස්තු 13 වන දින අදහස් දක්වා තිබේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව මේ වන විට පවතින තත්වය කුමක්ද?
රජය විසින් අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2026 අගෝස්තු 07 වනදා නිල වශයෙන් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනත් කෙටුම්පත 2026 අගෝස්තු 18 වන අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. රජය විසින් පෙන්වා දෙන්නේ මෙය අධිකරණයේ ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම සහ ප්‍රවීණතාවය රැකගැනීම සඳහා ගත් මහජන හිතකාමී පියවරක් බවයි.
කෙසේ වෙතත්, මෙම වෙනස්කම් දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට ද බලපාන පරිදි ක්‍රියාත්මක වීම හේතුවෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් මීට එරෙහිව දැඩි විරෝධය පළ කර ඇත. එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් මහත්මිය ද අගෝස්තු 13 වනදා නිවේදනයක් නිකුත් කරමින්, මෙම සංශෝධනය දැනට සිටින විනිසුරුවන්ට අදාළ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතියට බලපෑම් එල්ල කළ හැකි බවට අවධාරණය කර තිබේ. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් මැතිවරණ කොමසාරිස් විශ්‍රාම වයස දීර්ඝ කළ යුතු බවට ප්‍රකාශයක් සිදුකර ඇති බව දක්වමින් සහ ඔහු විසින් නැවත මැතිවරණ කොමසාරිස් ධුරය ධූරය ඉල්ලා ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන ව්‍යාජ සටහනක් බවයි. තමා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවට හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් තහවුරු කර තිබේ. අදාළ සටහන Newswire පුවත් ආයතනයෙහි ආකෘතියෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ සටහනකි.


