
කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමිදානය නොකර ආදාහනය කිරීමට ගත් තීරණය, මෙරට කොරෝනා රෝගය මුලින්ම පැතිර යන අවස්ථාවේද විශාල කතා බහකට ලක්විය. කෙසේ නමුත් මෙරට සෞඛ්‍ය අංශ වල නිර්දේශ මත කොරෝනා රෝගය වැලඳීමෙන් සිදුවන මරණ සියල්ලක්ම ආදාහනය කිරීමට එම අවධියේදී තීරණය කෙරුණු අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආදාහනයට මෙන්ම භුමිදානය සඳහා විධිවිධාන ලබාදී තිබුනද ලංකාවේ එය සිදු නොවීම පිලිබඳ විවිධ පාර්ශව අදහස් ඉදිරිපත් කර තිබුණා
පසුගිය දා නැවත වරක් මේ පිලිබඳ කතිකාවතක් ඇතිවී තිබුණා. කොවිඩ්-19 ආසාදනය වී මිය යන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමිදානය කිරීමට අවසර රජය විසින් ලබාදුන් බවට හුවමාරු වූ පුවත් සලකා බැලීමේදී අපට පෙනී ගියේ මෙතෙක් එබඳු නිල තීරණයක් ගෙන නොමැති බවයි.
සමාජ මාධ්‍ය සටහන් :
“මානසික් Manasik” නම් ෆේස්බුක් පිටුවක් විසින් කොරෝනා රෝගය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීම සදහා අවසර ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබු බව සඳහන් කරමින් ෆේස්බුක් සටහනක් එකතු කර තිබුනා.

මුස්ලිම් දේහයන් භූමදානයට කැබිනට් අනුමැතිය “වසංගතය දඬුවමක් නොවන බව පමා වී හෝ වටහා ගැනීම” ලෙස සඳහන් කරමින් දීර්ඝ සටහනක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනේ පහත අයුරින්.
මෙම පුවත ඇතැම් වෙබ් අඩවි කිහිපයක් ද වාර්තා කර තිබුනා.headlinenews.lk වෙබ් අඩවිය “මුස්ලිම් මෘතදේහ භූමදානයට රජය අවසර ලබා දෙයි” ලෙස සඳහන් කරමින් මේ පුවත වාර්තා කර තිබුනේ පහත පරිදියි.

එසේම ඉහත සටහන් සහ ලිපි බොහොමයක් සඳහා Ceylon Thawheed Jamath (සිලෝන් තව්හිද් ජමාත් සංවිදානය) විසින් පළකලා යයි සඳහන් ලිපියක් පාදක වී තිබුනා. පහත දැක්වෙන එම ලිපිය වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් හුවමරු වී තිබුනා. එහි සඳහන් වුනේ මුස්ලිම් ජනතාවගේ හැඟීම් අවබෝධ කරගෙන මුස්ලිම් මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබා දුන් ජනාධිපතිතුමා ඇතුලු වත්මන් රජයට ස්තුතිවන්ත වන බවයි. එම ලිපිය පහතින්

මේ අතර එම ලිපිය සංස්කරණය කරන ලද ලිපියක් බවට මෙවැනි සටහන් ද පලවී තිබෙනු දැකගනන්ට ලැබුණා
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම සටහන් මුලින්ම ඔක්තෝබර් මස නව වැනිදා සවස් වරුවේ සිට හුවමාරු වී තිබු අතර Ceylon Thawheed Jamath ෆේස්බුක් පිටුවේ ඉහත ලිපිය එම අවස්ථාවේ මෙසේ පලවී තිබෙනු අපට දැකගනන්ට ලැබුණා
එම ලිපිය පළකිරීමට හේතුව වශයෙන් සිලෝන් තව්හිද් ජමාත් සංවිදානයේ නායක අබ්දුල් රාසික් මහතා පවසා තිබුනේ උලමා සංවිධානයේ නායකතුමා හරහා ලැබුණු පණිවුඩයක් අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පාර්ශව කිහිපයක් සමඟ තහවුරු කරගෙන වෙනත් මාධ්‍ය කිහිපයක් හරහා ද අදාළ පුවත පළවූ පසු එසේ මුස්ලිම් දේහ භූමිදානය සඳහා අවසර ලබාදීමේ තීරණයට ස්තුතිය කරමින් උක්ත ලිපිය සකස්කොට පලකළ බවයි. ඔහු හා යෙදුණු සංවාදයක් මෙලෙසින් යුටියුබ් වෙත එකතු කර තිබුණා.
Ceylon Thawheed Jamath – CTJ හි අබ්දුල් රාසික් මහතාව අප ඔක්තෝබර් 10 වැනිදා උදෑසන දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. ඉහත කරුණුම අප සමඟ ද පවසා සිටි අතර නිල අවසරයක් මෙතෙක් ලැබී නැති බවක් වාර්තා වන බැවින් එම ලිපිය ඉවත් කරගන්නා බවත් ඒ පිලිබඳ පැහැදිලි කිරීමක් ෆේස්බුක් පිටුවේ පලකරන බවත්ය.
සිලෝන් තව්හිද් ජමාත් සංවිදානය පළකර තිබු පැහැදිලි කිරීම අපට මෙසේ දැකගනන්ට ලැබුණා
කොරෝනා අසාදිත දේහයන් භූමිදානය කිරීමට රජයෙන් මෙතෙක් නිල අවසර දී ලබාදී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයද පැහැදිලි කර තිබුණා. කොරෝනා අසාදිත දේහයන් භූමිදානය කිරීමට රජයෙන් අවසර දුන් බවට පලවන වාර්තා අසත්‍ය බව පවසන සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශයක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා, වර්තමානයේ පවතින විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පදනම් කරගනිමින් තවමත් යම් අයෙකු මියගියහොත් සිදු කරනු ලබන්නේ ආදාහනය කිරීම පමණක් බව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනු අපට දැකගනන්ට ලැබුණා. (8 වැනි මිනිත්තුවේ)
මේ අතර මුස්ලිම් දේහ භූමදානය කිරීමට කැබිනට් මණ්ඩලය අවසර දුන් බවට පළවන පුවත් අසත්‍ය බවට කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද ප්‍රකාශ කර සිටියා.
කොරෝනා ආසාදනයට ලක්ව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානයට කැබිනට් මණ්ඩලය අනුමැතියක් දී ඇති බවට වැරදි මතයක් හුවමාරු වන බවත් මෙතෙක් එවැනි නිල අනුමැතියක් හෝ අවසරයක් කැබිනට් මණ්ඩලය ලබා දී නොමැති බවත් ජනමධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියා.
කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර පවතින නීති රීති යටතේ මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදාන කටයුතු වියළි කලාපයේ ප්‍රදේශයක සිදුකිරීමේ හැකියාව පිළිබඳව යෝජනාවක් අමාත්‍ය අලි සබ්රි විසින් ඉදිරිපත් වූ බව පවසා සිටියා. එම යෝජනාවට අදාළ කරුණු සියල්ල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔවුන්ගේ නිර්දේශ මත ඉදිරි කටුයුතු සිදුවනු ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා පැහැදිලි කර තිබුනේ මෙලෙසින්
තවද මුස්ලිම් දේහයන් භූමිදානය කිරීමේ අවසන් තීරනයක් තවමත් ගෙන නැති බවත් ඒ කරුනු පුළුල්ව සාකච්ඡා කෙරුණු අතර භූගත ජල මට්ටමට හානියක් නොවන පරිදි හුදකලා හා වියළි ප්‍රදේශක ඒ සඳහා තෝරාගත් භූමියක එම භූමිදාන කටයුතු කිරීමට අවසර ලබාදීමේ කරුණු සලකා බලා අවසන් තීරණය අදාළ සෞඛ්‍ය අංශ මඟින් ඉදිරියේදී දැනුම්දෙනු ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණා. නමුත් මේ සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වී තිබු අතර ඒවා පහත වීඩියෝවෙන්
මුස්ලිම් ජනතාවගේ ඉල්ලීම පරිදි කොරෝනා රෝගය වැලඳීමෙන් මිය යන අයගේ සිරුරු භූමිදානය කිරීමට ඇති හැකියාව පිලිබඳව සොයා බැලීමට අදාල අංශ වෙත ඉල්ලීමක් කර ඇති බව ප්‍රධාන පෙලේ මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුනේ මෙලෙසින්.
Aruna.lk Link | Lankaadepa.lk Link
Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුනු අනුව සලකා බලන කල කොරෝනා රෝගය හේතුවෙන් මිය යන මුස්ලිම් පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය කිරීමට නිල වශයෙන් තීරනයක් රජය විසින් මෙතෙක් ගෙන නොමැති අබව පැහැදිලියි.කෙසේ නමුත් මෙම කාරණය කැබිනට් මණ්ඩලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර පරිසරට බලපෑමක් අවම වන පරිදි එම භූමිදාන කටයුතු හුදකලා හා වියළි ප්‍රදේශක සිදුකිරීමේ හැකියාව පිලිබඳ ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් කරුණු සලකා බලා අදාළ නිර්දේශ සෞඛ්‍ය හා තාක්ෂණික කමිටුව විසින් ඉදිරියේදී ලබාදෙනු ඇත
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:කොරෝනා ආසදිතව මියයන මුස්ලිම් මෘතදේහ භූමිදානය කිරීමට රජය අවසර ලබා දුන්නා ද?
Fact Check By: Nelson ManiResult: Misleading
