Archives

භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර්ගේ අවසන් වචන පෙළ?

ලොව සුපතල පුද්ගලයන්ගේ අභාවයත් සමග ඔවුන් විසින් සිය අවසන් සමයේදී සඳහන් කළ ප්‍රකාශ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සටහන් සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන් එලෙසින් පසුගියදා අභාවප්‍රාප්ත වූ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්වර් විසින් සිය අවසන් අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශයන් යනුවෙන් පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා  […]

Continue Reading

එක්ස් කිරණ ඡායාරූපයක කැරපොත්තෙකු දැක්වෙන ඡායාරූපයේ ඇත්තේ එක්ස්කිරණ උපකරණය තුළ වූ කැරපොත්තෙක්ද?

මෙරට මෙන්ම ඡාත්‍යන්තරයේද කතා බහට ලක් වුණ උපහාසාත්මක ස්වරූපයෙන් පළ වූ X-ray වාර්තාවක කැරපොත්තෙකු සිටින බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙම රෝගියාගේ X-ray වාර්තාව දැකීමෙන් පසු බංග්ලාදේශයේ වෛද්‍යවරයකු පවසා ඇත්තේ ඔහුගේ පපුව තුළ පණ තියෙන කැරපොත්තෙකු සිරවී සිටින බවය. ඒය ඉවත් කිරීමට ඔපරේෂන් […]

Continue Reading

දමිතා අබේරත්නට නිවුන් දරුවන් ලැබුණාද? ඇයගේ හඬින් (Video)

කලාකරුවන් සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බහුලව සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා. පසුගිය කාල වකවානුවේ අසනීප තත්ත්වයේ පසුවූ ඇතැම් කලාකරුවන් ජීවිතක්ෂයට පත් වූ බවට ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඒ පිළිබඳ සත්‍ය හෙළි කිරීමට අපට හැකියාව ලැබුණා. ප්‍රවීණ රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය තොරතුරක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

බිංදු රහිතව ලකුණු 1000 පසු කළ ලොව පළමු T20 ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල් ද ?

පසුගිය කාලයේ යම් පසුබෑම් වලට ලක්වුවත් අදටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව හැදින්විය හැකියි.එම හේතුව නිසාම ක්‍රිකට් ක්‍රීඩකයන්,ඔවුන්ගේ හැකියාවන්, ඔවුන් තබන ලෝක වාර්තා ආදිය පිළිබද නිරතුරුවම සමාජ ජාලා වල කතාබහට ලක්වෙනවා.මෙම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලුයි.මේ ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිබදව පැතිරගිය එවැනි නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

වයිඩ් පන්දුවක් පිලිබඳ තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විනිසුරු රෝඩ් ටකර් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ගත්තාද?

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවෙමින් පසුවනවා .ඔවුන් සහභාගීවූ දෙවන 20-20 තරගාවලියේදී තියුණු තරඟයකින් පසුව සම ලකුණු සමඟින් අවසන් වූ තරඟය Super Over පන්දු වාරයකින් තීරණය වුයේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි. කෙසේ වෙතත් එම පරාජයට හේතුව ලෙස බොහෝ දෙනා පවසා සිටියේ අවසන් පන්දුවාරයේදී ඕස්ට්‍රේලියානු ජාතික විනිසුරු Rod Tucker විසින් […]

Continue Reading

ලොව වෙසෙන කුඩාම පක්ෂියාගේ ඡායාරූපයක් ද?

ලොව වෙසෙන කුඩාම පක්ෂියා යනුවෙන් ඡායාරූපයක් දක්වමින් මෙරට මෙන්ම විදෙස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර නොමග යවන සුළු ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෘථිවිය මත සිටින කුඩාම පක්ෂියා වන්නේ, ‘Topaz’ නමැති  Humming Bird නැතහොත් මුමුණන කුරුල්න්ගේ වර්ගයේ පක්ෂියෙක් බවත් එම පක්ෂියාගේ බවට ඡායාරූපයක්ද සමගින් ඉංග්‍රීසි බසින් පළ වූ ඡායාරූප සටහනක් […]

Continue Reading

2024 දී ජවිපෙ රජයක් ලබාගත නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවට විජිත හේරත් පැවසුවාද?

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විසින් පළ කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවට අපට දැකගන්නට ලැබෙනවා. එලෙස පුවත් පතක පළ වූ ලිපියක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා […]

Continue Reading

අතිසුඛෝපභෝගී වාහන ගෙන්වා ඇති බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත කතාව!

කුතුහලය දනවන සුළු මහත් සමාජයකට වැදගත් වන තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව සංසරණය කර ගනු ලබන්නේ තවත් පිරිසක් දැනුවත් කිරීමටයි. නමුත් එවැනි තොරතුරු සෑම විටම නිවැරදි නොවන අතර ඇතැම් තහවුරු නොකළ තොරතුරු සත්‍ය තතු මෙන් පලකිරීම හේතුවෙන් හේතුවෙන් ජනතාව මුලා වන අවස්ථා ද බොහෝ අවස්ථාවල දී දැකගත හැක. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක සත්‍ය […]

Continue Reading

ඇඹිලිපිටියට ළඟදීම දුම්රිය ස්ථානයක්?

රටක යටිතල පහසුකම් දියුණු කිරීමේදී එහි දුම්රිය මාර්ග  පද්ධතිය වැඩිදියුණු කිරීම ඉතාමත්ම වැදගත්. සමාජ ජාලා වලද මේ සම්බන්ධ දේ කතාබහට ලක්වෙනවා. ඇතැම් සමාජ ජාලා වල සදහන් කරුණු නොමග යවන සුලුයි.මේ එවැනි නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් දුම්රියක සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද […]

Continue Reading

ඇමෙරිකාවේ පාසල්වල ඉගැන්වීම කටයුතු සඳහා හමුදා සෙබලුන් අනුයුක්ත කර තිබේද?

කොවිඩ් වසන්ගතයේ ව්‍යාප්තියත් සමගම ලෝකයේ සෑම රටක්ම පාහේ මෑත ඉතිහාසයේ අත් නොදුටු අපහසු කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටිනවා. මෙම කාල වකවානුව තුළ ඇතැම් රටවල් හි සන්නද්ධ බලකායේ(මිලිටරි) කාර්‍යභාරයන්ද වෙනසකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය ,නිරෝධායන මධ්‍යස්ථාන ආදිය සදහාද ආරක්ෂක අංශවල මැදිහත්වීමක් අපට දැකගන්නට ලැබෙනවා .කෙසේ  වෙතත් සන්නද්ධ අංශවල මෙම මැදිහත්වීම් පිළිබදව නොමගයවන සුලු  සටහන්ද […]

Continue Reading

IPL තරඟාවලියට, කුසල් මෙන්ඩිස් ඉන්දියානූ රුපියල් කෝටි 8.50 ක මුදලකට ලබාගත්තාද?

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසිය පසුගිය 13 සහ 14 යන දෙදින පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 05 දෙනෙකුද මෙවර IPL සඳහා තරඟ වැදීමට වෙන්දේසියෙන් විවිධ කණ්ඩායම් මඟින් මිලදී ගනු ලැබුවා. මේ අතර එම ක්‍රීඩකයින් 05 දෙනාට අමතර තවත් ක්‍රීඩකයින් තෝරා ගත් බවට පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ […]

Continue Reading

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වුණාද?

ශ්‍රී සිද්ධාර්ත ගෞතම චිත්‍රපටය සඳහනා රංගන දායකත්වය සැපයූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට එළැඹී ඇති බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් වල වාර්තා කර තිබුණා. සැබවින්ම ඔහු පැවිදි දිවියට ඇතුළත් වූවාද? මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඔයාලට මතකද ලංකාවේ නිර්මාණය කරපු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම් Film එක.ආන් ඒකෙ සිදුහත් […]

Continue Reading

නෙල්ලිගල නායක හාමුදුරුවන් මේ දිනවල රෝහල් ගත කළ බවට අසත්‍ය සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය සටහන් ජනතාව අතර බහුලව සංසරණය කරවීම සඳහා බොහෝ ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් විසින් අසත්‍ය සටහන් මෙන්ම පැරණ සිදුවීම් වර්තමාන සිදුවීම් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරනු ලබනවා. නෙල්ලිගල ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් පළ වූ එවැනි නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ දිනවල කූරගල රජමහා විහාරය ගොඩ නැගීමට […]

Continue Reading

අමෙරිකාවේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදයේ ඡායාරූපයක්ද?

ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන කරුණු සත්‍ය වූවත් ඒ සඳහා යොදා ගන්නා ඡායාරූප, වීඩියෝ අසත්‍ය හෝ නොමග යවන සුළු වන්නේ නම් ඒවා ඔස්සේ ද  අසත්‍ය කරුණු සමාජගත කිරීමක් සිදුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ එවැනි ඡායාරුප සටහනක් පිළිබඳ අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ලෝකයේ භයානකම  ස්ථානයන්  අතර සැලකෙන සැන් ඇන්ඩ්‍රියාස්  පැල්ම  ඇමරිකා එක්සත් […]

Continue Reading

බඹරගල රජ මහා විහාරයේ ඇති පෞරාණික සල්ගසේ ඡායාරුපයක් ද? 

බොහෝ පිරිස් තමන්ගේ නොදැනුවත්බව හේතුවෙන් කරුණු හරි හැටි විමර්ශනය නොකොට සමාජ මාධ්‍ය ජාලයන්හි පළ කිරීම තුළින් ජනතාව නොමග යැවීම සිදුවන අයුරු අපට දැක ගන්නට පුළුවන්. ඒ අතර ඇතැම් පිරිස් හිතාමතාම ජනතාව නොමග යැවීමේ අරමුණින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පළ කරනු ලබයි. එවන් අසත්‍ය හා නොමග යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලෝකයෙන්ම 12 වන ස්ථානයේද ?

ඉහල යන බඩු මිල , රාජ්‍ය ණය බර, විදෙස් සංචිත හිගය ආදී සාධක නිසා ශ්‍රී ලංකාව මේ වන විට පසු වන්නේ දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ යන්න බොහෝ දෙනා පොදුවේ පිළිගන්නා කාරණයක් .එවන් වටපිටාවක් තුළ මෙම ආර්ථික අර්බුදය,උද්ධමනය ආදී කාරණා පිළිබදව වැරදි තොරතුරුද සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ එවැනි නොමඟ යවන සුළු කරුණු ඇතුළත් සටහනක් පිළිබදව අප […]

Continue Reading

ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අයුරු දැක්වෙන වීඩියෝවේ සත්‍ය කතාව!

ප්ලාස්ටික් සහල් වෙළඳපොළේ දක්නට ලැබෙන බවට මෙරට මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇතැම් වීඩියෝ දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාල වකවාණුවේදී සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම ප්ලාස්ටික් සහල් නිෂ්පාදනය කරන අවස්ථාවක් බවට දක්වමින් පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප කළ කරුණු අනාවරණයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  Claim 1 : “ප්ලාස්ටික් හාල් කෑවට හදන විදිහ දැකලා තිබේබේ නෑ නේද” […]

Continue Reading

පැනමා පත්‍රිකා මගින් දූෂිතයින් පිළිබද කරුණු හෙළිකල මාධ්‍යවේදිනී ඩැෆ්නි ගලීෂියා මරා දමා තිබු අයුරු?

දැනට වසර කිහිපයකට පෙර ප්‍රකාශයට පත්කළ පැනමා පත්‍රිකා, ලෝකය තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණා. ඒ එමගින් බොහෝ ධන කුවේරයන්ගේ, දේශපාලන නායකයන්ගේ සැගවුණු ධනය පිළිබද කරුණු හෙළිදරව් කිරීම හේතුවෙනි. පැනමා පත්‍රිකා පදනම් කරගත් අසත්‍ය කරුණුද සමාජ ජාලා හරහා වේගයෙන් පැතිරෙනවා. මේ එවන් අසත්‍ය සහ නොමග යවන සුලු සටහනක් පිළිබදව අප විසින් සිදු කළ විමසා […]

Continue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකයේ දූෂිතම ජනාධිපතිවරු 5 දෙනා අතරට?

මෙරට මෙන්ම විදේශීය රාජ්‍යන්හි දේශපාලනයේ නියැලෙන පුද්ගලයන් ගේ නම් නොයෙකුත් වංචාවන් සහ අල්ලස් දූෂණ වලට ඇතුළත් වීම් දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තර සංවිධාන විසින්ද ලෝක බලවතුන්ගේ අයථා වත්කම් පිළිබඳවද වරින් වර සමාජයට හෙළි කරනු ලබනවා. මේ හේතුවෙන් එවන් නම් ලැයිස්තුවල සඳහන් නොවන පුද්ගලයන්ගේ නම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් පළ වනවා අපට දැක ගන්නට පුළුවන්. […]

Continue Reading

මොරොක්කෝවේ නල ලිං කුහරයක සිරවී සිට බේරාගත් රයන්ගේ ඡායාරුපයක් ද?

මොරොක්කෝවේ නල ලිං කුහරයක සිරවී සිටි රයන් නම් කුඩා දරුවා ගලවාගැනීමේ මෙහෙයුම් කටයුතු පිලිබඳ පුවත් ලොව පුරා අවධානය යොමු වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. ලංකාවේ ද මේ පිලිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී තිබු අතර එම මෙහෙයුමේ අවසන් අදියරේ සිටින බවට පුවත් පලවෙමින් පැවති සමයේ මෙම කුඩා දරුවා බේරා ගත් මෙහොත බව දක්වමින් ද ඡායාරුප […]

Continue Reading