පසුගිය අවුරුදු දෙක තුළ ශ්‍රී ලංකා රජය විදෙස් ණය ලබා ගත්තේ නැත්ද?

දේශපාලන වේදිකාවේදී බොහෝ අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් නොමග යවන සුළුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සෙවීම සඳහා අප කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ප්‍රර්ථනා කරනවා මීට පස්සේ මේ රට වහන්න අවස්ථාවක් එළඹ නොවේවා!”. විපක්ෂය ඇත්ත තොරතුරු ජනතාවට ලබා දෙන්නෙ නෑ. මම සතයක් වත් […]

Continue Reading

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගැනීමේ තීරණය ඉල්ලා අස් කරගෙන?

Update :  ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(13) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පැවසූවා. srilankacricket.lk| Archived Link ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් මේ පිළිබඳව අප කළ විමසීමේදී ඔහු විසින් ද මෙම තොරතුර තහවුරු කරනු ලැබුවා. […]

Continue Reading

Explainer: Google Map හි ජුබිලි කණුව හන්දිය, පිස්සට හූ කියපු හන්දිය ලෙස වෙනස් වුණාද?

දේශාපලන වේදිකාවේ මෙන්ම දේශපාලනය හා ඈඳෙන කාලීන සිදුවීම් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. එවන් සිදුවීමක් මුල් කොටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : නුගේගොඩ, ජුබිලි කණුව හන්දිය, Google Map හි දක්වා ඇත්තේ, ‘Jubilee Post (පිස්සට හූ […]

Continue Reading

ඇමැති ප්‍රසන්න රණතුංගට තලවතුගොඩ හෝටලයකදී ජනතාවගෙන් හූ ප්‍රහාරයක්?

ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන්ට වැඩිවන ජීවන වියදම හමුවේ ජනතාව විවිධාකාරයෙන් විරෝධය පළ කරන බවට වන ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් සිදුවීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණුසොයා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමැති ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් සමගින් සටහනක් එක්කරමින් සදහන් කර තිබුණේ තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක රාත්‍රී ආහාරය සදහා ගිය […]

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතුවීමට අකමැත්තක් නැති බවට අනුර කුමාරගෙන් ප්‍රකාශයක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.ඉන් ඇතැම් ප්‍රචාර අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවන් සටහනක් සම්බන්ධව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  “AKD ඉදිරියට එනවට නන්දසේනගෙ 250 ට කහින උන්ගෙ වැඩ. තව ඉස්සරහට  බලාපොරොත්තු වෙයි මේවා .” යන තේමාවෙන් පළකර තිබු සටහනකින් […]

Continue Reading

වෛද්‍ය ෂාෆි යළි සේවය පිහිටුවීමේ තීරණයක්?

වඳ සැත්කම් කළ බවට චෝදනා ලබා සිටින විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා යළි සේවයේ පිහිටුවා ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කිරීමත් සමගම සමාජයෙන් යළි දෝෂාරෝපණය වත්මන් ආණ්ඩුව දෙසට එල්ල වුණා. සත්‍ය වශයෙන්ම මෙලෙස තීන්දුවක් ලබා දුන්නා ද යන්න පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දෙසැම්බර් […]

Continue Reading

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස විවෘත වන්නේ කවදා ද?

Update : මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය (ඇතුගල්පුර පිවිසුම ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම අද (2022 ජනවාරි 15) සිදු කෙරුණා. මධ්‍යම අධිවේගි මාර්ගයේ 2 වන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මාර්ගය විවෘත කෙරෙන දින වකවාණුව දිනෙන් දින මාධ්‍ය විසින් වාර්තා කරත් මෙතෙක් එම ප්‍රකාශ කළ […]

Continue Reading

ගෑස් සිලින්ඩර් පිපිරීමේ අවධානම අවම කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂණ උපදෙස් මාලාවක්!

ගෑස් ලිප්, ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව දිවයිනේ ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ පිපිරීම් දිගින් දිගටම වාර්තා වීමත් සමඟම ඒ සම්බන්ධයෙන් විශාල කතිකාවතක් මේ දින වල දැක ගන්නට ලැබෙනවා. තවමත් නිසියාකාරව මේ පිළබඳ තහවුරු වූ තොරතුරු නොමැති වීම හේතුවෙන් ජනතාව පසු වන්නේ ඒ පිළිබඳව විමසිල්ලෙන්. මෙවන් පසුබිමක ලංකාවේ මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද ගෑස් සිලින්ඩර් […]

Continue Reading

Facebook ඔස්සේ Viarl වුණේ කුමාර ධර්මසේනගේ සටහනක්ද?

බොහෝ අවස්ථා වලදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පරිශීලකයින් අතර සංසරණය කර ගනු ලබන්නේ, එම සටහන් තමන්ගේ ජීවිතයට මොනයම් විදියකින් සම්බන්ධ නම් හෝ එම සටහනින් දැක්වෙන කරුණු පිළිබඳ තව කෙනෙකු දැනුවත් කිරීමේ අරමුණින් නැතහොත් හාස්‍ය උපදවන සුළු බව නිසායි. ඇතමුන් දේශපාලනික වාසි උදෙසාද ඇතැමුන්, වෙනත් වාසි උදෙසාද අසත්‍ය කරුණුද සමාජ ගත කිරීමට සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: නව කැලණි පාලම වසා දමයි?

මහත් හරසරන් යුතුව ඊයේ දිනයේදී විවෘත කළ “ කල්‍යාණි රන් පිවිසුම” හෙවත් නව කැලණි පාලම කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින අධික රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගෙන නව තාක්ෂණය යොදා ගනිමින් අධිවේගී මාර්ග තුනක් යා කරමින් ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරුණු පාලමයි. අද වන විට මෙම නව පාලම වසා දමා ඇති බවට […]

Continue Reading

සිංහයන් සමග නොබියව සටන් කරන Honey Badger සත්වයින්?

ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණ ගැන කතා කිරීමේදී සත්ත්ව ලෝකය සඳහා හිමි වන්නේ වැඩි ඉඩකි. සතුන් පිළිබඳ අප නිගමන වලට බොහෝ අවස්ථාවලදී පැමිණෙන්නේ ඔවුන්ට සිතීමේ ශක්තිය නොමැති බවට උපකල්පනය කරමින්. නමුත් ශරීරයෙන් කුඩා Honey Badger සත්ත්වයන් නුවණක්කාර කමින් සහ නිර්භීතකමින් පොහොසත් බවට සිතීමට පවා නොහැකි සටහනක් ඔස්සේ අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : දකුණු […]

Continue Reading

කාබුල්හි ජාතික කෞතුකාගාරයේ ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේද?

බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් මෙන්ම උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධ දේ පිළිබඳව සොයාබැලීමට බොහෝ දෙනා තුළ ඇත්තේ ඉමහත් උනන්දුවක්. මේ හේතුවෙන් බුද්ධ කාලීන සිදුවීම් සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සහ උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ කරුණු ද සමාජ ජාලාවලද පළවෙනවා. මේ, බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පාත්‍ර ධාතූන් වහන්සේ පිළිබඳව සමාජ ජාලාවල පළවූ සටහන් සම්බන්ධයෙන් අප සිදුකළ විමසුමක්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ආරක්ෂක නිලධාරියාට බැංකුවේ ඉහළ තනතුරක් ලබා දුන් පුවතේ සත්‍ය කතාව!

තමන් සමාජයේ කුමන තරාතිරමක ජීවත් වූවත් නිසි අධ්‍යාපන‍යක් ලැබීමේ වටිනාකම මනාව පිළිඹිඹු වන සිදුවීමක් විදේශීය රටකින් වාර්තා වී තිබෙනවා. එනම් මූල්‍ය ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු එහි කාර්ය මණ්ඩලයේ තනතුරුක රැකියාවක් ලැබීමට සමත් වීමයි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත සම්බන්ධයෙන් වාර්තා කර තිබූ ඇතැම් කරුණු නොමග යවන සුළු වූවා. ඒ හේතුවෙන් මෙහි සත්‍ය කරුණු සොයා අප කළ […]

Continue Reading

රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට?

අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටින බවත්, ඒ ඔස්සේ ඔහු ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සූදානම් තිබෙන බවත් හඟවමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග බෙහෝ දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබුණා. මේ හේතුවෙන් මෙහි වැඩිදුර කරුණු සොයා අප කළ නිරීක්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඉදිරියේ […]

Continue Reading

ගලබොඩ අත්තේ ඥාණසාර හිමි ජපානයේ ගිහියකු ලෙස සිටින ඡායාරූපයක් ද?

සමාජ මාධ්‍ය ඔස්සේ ද, ප්‍රධාන මාධ්‍ය ඔස්සේ විටින් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ ද නිකුත් කරමින් සමාජයේ කතිකාවත් ඇති කිරීම සඳහාම පසුගිය කාලයේ ද මුල්වූ කැපී පෙනෙන චරිතයක් වන ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් කලින් කලට අසත්‍ය සහ නොමඟ යන සුළු සටහන් පළවෙනු දැකගනන්ට පුළුවන්. වසර ගණනාවක සිට මෙසේ හුවමාරු වන ඡායාරුප සටහනක පෙන්වා දෙන්නේ ඥාණසාර හිමියන් ගිහියෙකු […]

Continue Reading

එන්නත්කරණයට ලක්වූ සහ එන්නත්කරණයට ලක්නොවූ දරුවන් දෙදෙනෙක් වසූරිය රෝගයට මුහුණදුන් ආකාරය දැක්වෙන ඡායාරූපයක්!

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟම ලොව වටා ජනතාව සමාජ දුරස්ථතාවය රඳවා ගනිමින් මුව ආවරණ පැලැදීම,  වැනි විවිධ සෞඛ්‍යාරක්ෂණ විධික්‍රම අනුගමනය කරනවා. මීට අමතරව කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බටහිර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර සිටින්නේ එන්නත්කරණය සම්බන්ධයෙනි. විවිධාකාරයේ වෛරස රෝගවලට සාර්ථකව මුහුණදීම සදහා එන්නත් භාවිතය සියවස් ගණනාවක් ඈතට විහිද යනවා.  කෙසේනමුත් කොවිඩ්19 ගෝලීය […]

Continue Reading

8 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට සාමාන්‍ය පෙළ ලියන්න පුළුවන්ද?

පාසලක 8 වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ පාසල් සිසුවා පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව කතා බහට ලක්වන්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් A සාමාර්ථ 5ක්, B සාමාර්ථ 2 ක් සහ C සාමාර්ථයක් ලබා ගෙන අ.පො.ස (සා.පෙළ) පත්‍ර විභාගය සමත් වී තිබු බවට සටහන් පළවීමත් සමඟයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව […]

Continue Reading

Explainer: නව කැලණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

එක් එක් කාල වකවාණුවලදී පවත්නා රජයන් යටතේ ආරම්භ කරනු ලබන ව්‍යාපෘති, අදාළ රජයන් මාරු වීමේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා මෙන්ම ඇතැම් ව්‍යාපෘති අතර මග ඇන හිටින අයුරු ද අපට දැකගන්නට ලැබෙනවා. විදේශ ආධාර, විදේශ ණය මත ලබා ගන්නා මුදල් වලින් ආරම්භ කෙරෙන මෙවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් සඳහා එළැඹීම හේතුවෙන් මQලික සැලසුම් වෙනත් රජයක් මූලිකත්වයෙන් […]

Continue Reading

රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ කට්ටල ජෝර්ජ් ස්ටුවට් සමාගම වැඩි මිලකට විකුණුවා ද?

කොවිඩ් ආසාදිත රෝගියෙකු දැයි හඳුනාගැනීම සඳහා දැනට ලෝකයේ ප්‍රසිද්ධ ක්‍රම දෙකක් වන්නේ PCR පරීක්ෂාව සහ රැපිඩ් අන්ටිජන් (Rapid Antigen Test) පරීක්ශාවයි. කෙටි කාලයක දී ප්‍රතිඵල ලබාගත හැකිවීම හේතුවෙන් රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවන් ලංකාවේ ද විවිධ අවස්ථාවල දී සෞඛ්‍ය අංශ හරහා සිදුකෙරෙනවා. මෙසේ සිදුවන රැපිඩ් අන්ටිජන් පරීක්ෂාවන් සඳහා උපයෝගී කරගනු ලබන Rapid Antigen Test Kit හි මිල […]

Continue Reading

Explainer: එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයට නව ප්‍රධානියෙක්?

ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු දමිළ ජාතිකයෙකු වෙත ලබා දී ඇති බව දක්වන පුවතක් ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බොහෝ ලෙස හුවමාරු වී තිබුණා. මෙයට හේතුව වී තිබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ කරුණු ඇතුළත් පුවත් වාර්තා වීමයි.  මේ ආකාරයෙන් ඇත්ත වශයෙන්ම නව මාධ්‍ය ප්‍රධානියෙකු එක්සත් ජාතික […]

Continue Reading