පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ‘අහු’ ශාක නිස්සාර යොදාගන්නා ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වල දේශීය පළතුරු සහ ශාකමය කොටස් යනාදිය සම්බන්ධ කර ගනිමින්, ඒවායෙහි විශේෂිත ගුණ පෙන්වා දෙමින්, බරපතල රෝගීන් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර වශයෙන් භාවිත කළ හැකි ක්‍රම ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වනවා. මේ අතර පිළිකා සඳහා ප්‍රතිකර්ම ලෙස අත්බෙහෙත් වර්ග රැසක් […]

Continue Reading

ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශයේ පැතිරෙන බවට පළවන Listeria බැක්ටීරියා ආසාදනය පිලිබදව කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අප මේ ගත කරමින් පවතින්නේ ශ්‍රී පාද වන්දනා සමයයි. බෞද්ධ වන්දනා ස්ථානයක් ලෙස පවත්වාගෙන ගියත් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සදහා වෙනත් ආගම්වල බැතිමතුන් ද ඇතුළු දස දහස් සංඛ්‍යාත ජනකායක් නිරන්තයෙන් පැමිණෙමින් සිටිනවා. ඒ සමඟම බැතිමතුන්ගේ සෞඛ්‍ය පිළිබඳව ද දැඩි අවධානයක් මේ දිනවල යොමුවෙමින් තිබෙනවා.  ඒ Listreia […]

Continue Reading

කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතදී චීනයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමත් සමඟම, COVID-19 සම්බන්ධයෙන් ලාංකේය සමාජ ජාලා අවකාශය තුළ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය පැතිර ගිය පසුගිය වකවානුවේදී සිදුවූ ආකාරයටම නැවතත් වැරදි තොරතුරු වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යන බවක් දක්නට ලැබෙනවා. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදයේම වෙනස් මාදිලියක් වන XBB සම්බන්ධයෙන් […]

Continue Reading

ඖෂධ හිඟ වීම නිසා අංශභාග සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ, කෑගල්ල රෝහලේ පමණක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අංශභාග සඳහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව කෑගල්ලේ රෝහලට පමණක් සීමා වී ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අංශභාග රෝගය සෑදී කෑගල්ල මහ රෝහලට ආවොත් සම්පූර්ණ සුවය” – කෑගල්ල  […]

Continue Reading

ජංගම දුරකථන රිචාර්ජ් කාඩ්පත නිසා ඔබට චර්ම පිළිකා අවදානමක් නැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අද කාලයේ ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නේ නැති කෙනෙක් සොයාගැනීමටත් අපහසුයි. මේ අතර පෙර ගෙවුම් සම්බන්ධතා භාවිතා කරන බොහෝ දෙනා ජංගම දුරකතනයට මුදල් දමාගැනීම සදහා පාවිච්චි කරන්නේ රිචාර්ජ් කාඩ්පත්. මෙම රිචාර්ජ් කාඩ්පත් වෙළඳසැලින් මිලට ගෙන එහි ඇති රිදී පැහැති ස්ථරය සූරා, ඉන් අනතුරුව එම කාඩ්පතේ දිස්වන අංක […]

Continue Reading

කුඩා දරුවන්ව ආදරයට ඒ මේ අත සෙමින් සොලවමින් හුරතල් කිරීමෙන් Shaken Baby Syndrome තත්වයට මුහුණ පෑමට සිදුවේ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. කුඩා දරුවන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි සමාජයේ දැඩි අවධානය නිතරම යොමුවෙනවා. කුඩා දරුවන්ව ආරක්ෂා කරගන්නේ කෙසේද ? ඔවුන්ගේ යහපැවැත්මට ඇති තර්ජන මොනවාද යන්න සම්බන්ධයෙන් නිතර නිතර කතාබහක් ඇතිවෙනවා. කුඩා බිළින්දන් සොලවමින් හුරතල් කිරීමේදී Shaken Baby Sydrome නම් රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බවත් ඒ […]

Continue Reading

බයිපාස් සැත්කමකට යොමු නොවී සුව වෙන අත්බෙහෙතක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් රෝග සඳහා අත්බෙහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්දේශ කිරීම් අපට බහුලව දක්නට ලැබෙනවා. නමුත් මෙවැනි ප්‍රතිකාර වලට යොමු වීම ඇත්තට ම සුදුසු ද? හෘද රෝග වැනි රෝගී තත්ත්වයන්ට ත් භාවිත කළ හැකි අත්බෙහෙතක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳව අප සිදු කරන ලද කරුණු […]

Continue Reading

‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?

පිළිකාව හා සම්බන්ධ රෝගී තත්වයන් සඳහා කළ හැකි දේශිය ප්‍රතිකාර ක්‍රම ලෙසට වෛද්‍යවරයෙකුගේ අනුදැනුමක් නොමැතිව පළ වන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි විධි ක්‍රම සඳහා ද වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා යොමු වෙනවා. මෙවැනි ප්‍රතිකාර අත්හදා බැලීම තුළින් ඔබගේ ජීවිතය ද අවධානමකට දැමීම පිළිබඳව ඔබ නොසිතනවා වන්නට පුළුවන්. මේ හේතුවෙන් එවැනි […]

Continue Reading

අන්නාසි කැබලි උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පිළිකා වැනි දරුණු රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර ක්‍රමයන් ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් බහුලව සංසරණය වනවා. ඇතැම් අවස්ථාවලදී එම රෝගයන්හි බරපතල කම හේතුවෙන්ම මෙවැනි සටහන් තුළ දැක්වෙන කරුණු විමසා බැලීමකින් තොරව අදාළ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම පවා අද සමාජයේ සුලබව දක්නට ලැබෙන […]

Continue Reading

උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණු පොල් වතුර පානය කිරීම මගින් පිළිකා සෛල විනාශ වන බවට TATA අනුස්මරණ රෝහලේ වෛද්‍ය රාජේන්ද්‍ර පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් වුණා. මෙම සටහනේ දැක්වෙන කරුණු සත්‍යක්ද යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “උණු පොල් වතුර කරුණාකර ඉදිරියට යොමු […]

Continue Reading

FACT CHECK: අම්පාර කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයකුගේ ඡායාරූපයක්ද?

කලු දිලීර රෝගය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වුණා. ඒ අම්පාර රෝහලේදී කලු දිලීර රෝගය වැළඳුනු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පුවතක් වාර්තා වීම තුළින්.  එමෙන්ම මෙසේ කලු දිලීර රෝගය වැළඳී මියගිය පුද්ගලයා බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක්ද හුවමාරු වුණා. එම ඡායාරූපයේ සිටින්නේ කලු දිලීර රෝගිවූ පුද්ගලයා අම්පාරේ හමු වූ රෝගියාද […]

Continue Reading

FACT CHECK: කෙසෙල් ගෙඩියේ නැට්ටේ පැහැයෙන් රසායන ද්‍රව්‍ය ඇතුලත් කර ඇති බවට කිව හැකිද?

කෙසෙල් හෙවත් Musa යන උද්භිත නාමයෙන් හඳුන්වන මෙම පළතුර මෙරට මෙන්ම ලොව සියලු දෙනා අතරද ජනප්‍රිය පළතුරක්. ලංකාවේ බොහෝ උත්සවවලදී කෙසෙල් පළතුරට ප්‍රධාන තැනක් හිමි වනවා දැකගන්නට පුළුවන්.  මේ අලුත් අවුරුදු සමයේදී ද කැවිලි මේසයට නැතුව බැරි පළතුරක් වන කෙසෙල් සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වී තිබු‍ණේ, කෙසෙල් මිලදී ගැනීමට පෙර එහි රසායනික ද්‍රව්‍ය […]

Continue Reading

FACT CHECK: සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටි වල සත්ව මේදය සහ පාම් තෙල් අන්තර්ගත බවට සමාජ මාධ්‍යයහි සැරිසරන නොමඟ යවන සුළු සටහන්!

ආහාර වල ගුණාත්මක භාවය පිළිබඳව කරුණු විමසමින් පලකරන සටහන් බොහොමයක් දැකගන්නට පුළුවන්. කිරිපිටි සම්බන්ධයෙන් ද මෙවැනි සටහන් බොහෝ ලෙස හුවමාරු වන අතර ආනයනික කිරිපිටි වල ඩයිසයිනමයිඩ් (DCD) රසායනික සංයෝගය අඩංගු බවට ඉදිරිපත්ව තිබු නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප සිදුකල විමර්ශන වාර්තාව මෙතනින්.  එසේම ලංකාවට ආනයනය කරන සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවල සත්ව මේදය […]

Continue Reading

FACT CHECK: සමාජ මාධ්‍ය තුල මේ දිනවල හුවමාරු වන දේශීය බෙහෙත් වට්ටෝරු අත්හදා බැලීමෙන් වළකින ලෙස උපදෙස්!

ලොව පුරා ඖෂධ සමාගම් කොරෝනා ආසාදනයට එන්නතක් නිර්මාණය කිරීමට පරීක්ෂණ ආරම්භ කළ අතර රටවල් කිහිපයක් ම එසේ අත්හදා බල ඇති එන්නත් භාවිතා කිරීම ආරම්භ කර තිබේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙම ආසදනයට ප්‍රතිකාරක ඇති බවට සමාජ මාධ්‍ය සටහන් දක්නට ලැබුණද, අපගේ මීට පෙර කරුණු විමර්ශනවලදී තහවුරු වුයේ ඒවා මඟින් ප්‍රතිශක්තිකරණය ඉහළ යාහැකි  වුවද මෙතෙක් කොරෝනා මර්දනය […]

Continue Reading

FACT CHECK: ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා?

‍කොරෝනා වෛරස් ආසදනයට ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් පසුගිය කාලය මුළුල්ලේම යුහුසුළු වූ අතර මේ වන විට එන්නත් කිහිපයක් ම ලොව විවිධ රටවල ලබාදීම ද ආරම්හ කර තිබු බවට පුවත් වාර්තා විය.  මේ අතර  දේශීය වෛද්‍යවරයෙක් බවට පවසන කෑගල්ල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර නමැති පුද්ගලයකු විසින් කොරෝනා රෝගය නිට්ටාවටම සුව කළ […]

Continue Reading

FACT CHECK : ලංකාවේ තරුණයෙකු HIV ඒඩ්ස් ආසාදනය සුව කිරීමට එන්නතක් සොයා ගත්තා ද?

කලින් කලට HIV ඒඩ්ස් රෝගය වෙනුවෙන් බෙහෙත් සොයා ගත් බවට පුවත් සමාජ ජාලා වල හුවමාරු වන බව අපට දැකගනන්ට පුළුවන්. විවිධ මට්ටමෙන් පර්යේෂණ රැසක් වසර ගණනාවක් පුරා සිදුවුණද දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යා පර්යේෂකයින්ට ද ඒඩ්ස් රෝගය මැඩලීමට සාර්ථක එන්නතක් මේ වනතෙක් සොයා ගණනට හැකිවී නැහැ.ඇමරිකානු ජනපති පසුගිය ජුනි මාසයේ ඒඩ්ස් එන්නතක් පිලිබඳ සිදුකළ සාවද්‍ය […]

Continue Reading

FACT CHECK: ක්ෂණික නූඩ්ල්ස් නො ඇලී පවත්වා ගැනීමට සෘජුෆෝම් බඳුන් සෑදීමට යොදා ගන්න වැක්ස් එකතු කරන්නේ නැත!

අප ආහාරයට ගන්නා ඇතැම් දෑ අපගේ ශරීරයට අහිතකර සංයෝග එකතු කරමින් නිපදවා ඇති බවට විවිධ අවස්ථාවලදී දැනගන්නට ලැබෙනවා. බොහෝවිට ක්ෂණික ආහාර ද්‍රව්‍ය වල ශරීරයට අයහපත් සංඝටක ඇති බව අපට විටින් විට අසන්නට ලැබෙනවා. මේ ආකාරයට පසුගිය දින වල බොහෝ ලෙස ෆේස්බුක් හරහා හුවමාරු වූ පුවතකින් කියවුනේ ක්ෂණික නුඩ්ල්ස් සැකසීමේදී ඒවා නො ඇලී වෙන්ව පවත්වා ගැනීමට […]

Continue Reading

දුරකථනය පුපුරා තරුණියක් මියයාමේ සිද්ධියක් පෙන්වාදීමට යොදාගත් නිරුපිකවකගේ ඡායාරුපයක්! (PHOTO)

වැඩිපුර ජංගම දුරකථන භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය තර්ජන පිළිබඳව විවිධාකාරයේ මත සහ පුවත් සටහන් කලින් කලට වාර්තා වෙයි. නින්දට යැමේදී ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් හේතුවෙන් සිදු වූ මරණයක් පිළිබඳව ඡායාරූපයක් සහිත සටහනක් පසුගියදා බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසිනි. සමාජ මාධ්‍ය සටහන්: “මේ 14 හැවිරිදි දැරිය සංගීතයට සවන් දෙමින් නින්දට ගොස් සිටියද, කොට්ටය […]

Continue Reading

GMOA හා PHI සංගමය විසින් ආරක්‍ෂිත ඇඳුම් කට්ටලවල හිඟතාවයක් පිලිබඳ කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැත!

අප්‍රේල් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දැක ගැනීමට ලැබුණි. ඒ හා සමඟම මෙසේ වීමට හේතුව බොහෝ පිරිස් විසින් ප්‍රශ්න නැඟූ අතර ඇතැම් අය වෙසෙන් කොරෝනා ආසාදිත සහ සැකකටයුතු පුද්ගලයන් සිටින ප්‍රදේශවල දී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම ත්‍රිවිධ හමුදාව ඒ සඳහා නිර්දේශිත ඇඳුම් කට්ටල භාවිතා කළේද යන්න පිළිබඳව ප්‍රශ්න නඟා […]

Continue Reading

ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් නොවේ!

කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා ව්‍යාප්ත වී යත්ම, ක්ෂේත්‍රයේ සේවකයන් වෙත සෑම කෙනෙකුගේ ම අවධානය යොමුවිය. සිය ජීවිත පවා නොතකමින් ඔවුන් කළ කැප වීම සෑම කෙනෙකුගේම ප්‍රසාදය දිනා ගති. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන්ගේ කැපවීම ලංකාවාසීන්ගේ ද ප්‍රසාදයට හේතුවී ඇත. මොවුන්ගේ කැපවීම, වෙහෙස අගය කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ […]

Continue Reading