දුරකථනය පුපුරා තරුණියක් මියයාමේ සිද්ධියක් පෙන්වාදීමට යොදාගත් නිරුපිකවකගේ ඡායාරුපයක්

Health

වැඩිපුර ජංගම දුරකථන භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය තර්ජන පිළිබඳව විවිධාකාරයේ මත සහ පුවත් සටහන් කලින් කලට වාර්තා වෙයි. නින්දට යැමේදී ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් හේතුවෙන් සිදු වූ මරණයක් පිළිබඳව ඡායාරූපයක් සහිත සටහනක් පසුගියදා බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසිනි.

“මේ 14 හැවිරිදි දැරිය සංගීතයට සවන් දෙමින් නින්දට ගොස් සිටියද, කොට්ටය යට තිබු මොබයිල් ෆෝනය රත් වී පුපුරා යාමෙන් කනට සම්බන්ධ කර තිබු ඉයර් ෆෝනය හරහා ඇතිවූ කම්පනයෙන්මියගොස් සිටියදී උදෑසනදී දෙමව්පියන් හමුවී ඇත. දැනුවත් වීම සහ දැනුවත් කිරීම කාගේත් යුතුකමකි”

C:\Users\Prabuddha Athukorala\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\screenshot-www.facebook.com-2020.06.17-18_35_48.png
LinkArchived Link

මෙබඳු සටහන් රැසක් හුවමාරු වී තිබූ බැවින් මේ පිළිබඳ සත්‍ය කරුණු විමර්ශනය කිරීමට අදහස් කළෙමි

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හොඳින්ම අදාල ඡායාරූපය google reverse image සෙවුමක් හරහා පරික්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ මීට පෙර විවිධ අර්ථකථනයන් යටතේ එම ඡායාරූපය භාවිතා කර තිබූ බවයි.

එහිදී අපට දැකගනන්ට ලැබුනේ Hanna Panchenko නමැති යුක්‍රේන ජාතික ශිල්පිනිය මඟින් තම Instagram ගිණුමේ “ඔබ අසන්නේ කුමන ආකාරයේ සංගීතයටද?” (And what kind of music do you listen ?) යන තේමාව යටතේ පහත ආකාරයෙන් පළකිරීමක් 2019 වසයේ ජනවාරි මාසයේ පළකර තිබුණි.

LinkArchived Link

මෙවැනි වෙනස් ආකාරයේ නිරූපණ සහිත පළකිරීම් සහිත ඡායාරූප රැසක් පළකර තිබු බව ඇයගේ වෙබ් අඩවිය මෙන්ම Instagram ගිණුම පරීක්ෂා කිරීමෙන්ද දැකගැනීමට හැකි විය. Hanna Panchenko ගේ නිර්මාණ පලකරන වෙබ් අඩවියක ඇය පිලිබඳ විස්තරයක් ලබාදී තිබුනේ මෙලෙසිනි.

එසේම Blood Music යනුවෙන් නම් කර තිබු ඉහත ඡායාරූපයේ නිරුපිකාවක් වශයෙන් සිටින්නේ ද ඇය ම  බවද, නිරුපනයක් පමණක් වන අතර සත්‍ය සිදුවීමක් නොවන බවත් පවසා සිටි බව මේ පිලිබඳ අනාවරණයක් සිදුකර තිබු AFP වාර්තාවේද පලවී තිබුණි

එම ඡායාරුප සංසන්දනය පහතින්.

එසේම දිගින් දිගටම ඉයර් ෆෝන් භාවිතා කිරීම හේතුවෙන් සහ සමහර පුද්ගලයින් අධික කම්පනය හේතුවෙන් කනෙන් ලේ වහනය වීම් සිදුවී තිබු බවට වාර්තා වී තිබු අතර විශාල විදුලි ආරෝපණ කාන්දුවීම් හේතුවෙන් නොයෙකුත් අවස්ථාවන්හිදී කුඩා දරුවන් මරණයට පත්වූ සටහන්ද දැකගන්නට ලැබුණි. 2019 වසරේ ඇත්ත වශයෙන්ම කසකස්ථානයේ සිදුවූ එබඳු එක් සිද්ධියක් මෙම සාවද්‍ය ඡායාරුපය සහිත පලකිරීමට හේතුවන්නට ඇතැයිද අනුමාන කල හැක. 

සටහනේ සඳහන් පරිදි 14 හැවිරිදි Alua Asetkyzy Abzalbek නමැති දැරිය ජංගම දුරකථනය පුපුරා යාමෙන් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසිනි. එහිදී ඇය දුරකථනය චාජ් (charge) කරමින් සිටි බවද වාර්තා විය.

මෙසේ දුරකථනය චාජ් කරමින් සිටියදී කතාකිරීමේදී සහ සංගීතයට සවන් දීමෙන් සිදුවූ වෙනත් මරණ පිළිබඳවද වාර්තා පලවී තිබෙන අතර වෛද්‍ය උපදෙස් වන්නේ සංගීතයට සවන් දීමේදී හෝ දුරකථන සංවාදයක දී මේ සෑම විටම දුරකථනය චාජ් (charge) නොකෙරෙන බවට වග බලා ගන්නා බවත් අවශ්‍යම වුවහොත් power bank මේ සඳහා යොදාගන්නා ලෙසත් සහ සම්මත චාජරයක් භාවිතා කරන ලෙසටත්යි. 

Straitstimes

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2019 වසරේදී කසකස්ථානයේ 14 හැවිරිදි දැරියක් තම දුරකථනය චාජ් වෙමින් පවතිද්දී සංගීතයට සවන් දීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ අවාසනාවන්ත සත්‍ය සිද්ධියක් පෙන්වා දීම සඳහා යොදා ගන්නා ලද යුක්රේන නිරූපිකාවක් විසින් පළ කරන ලද ඡායාරූපයක් බවයි. 

දුරකථනය චාජ් වෙමින් පවතිද්දී සංගීතයට සවන් දීම හෝ කතාකිරීමට යොදාගැනීමෙන් වළකින බවට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙන අතර අත්‍යාවශ්‍ය, නොවැලක්විය හැකි අවස්ථාවකදී Power Bank භාවිතා කරන ලෙසද සඳහන් කර තිබේ.

Avatar

Title:දුරකථනය පුපුරා තරුණියක් මියයාමේ සිද්ධියක් පෙන්වාදීමට යොදාගත් නිරුපිකවකගේ ඡායාරුපයක්

Fact Check By: Sahan Perera 

Result: False


Leave a Reply