දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ඔක්තෝම්බර් 1 වන දා ලෝක ළමා දිනය සෑම රටකම පාහේ දරුවන්ට ඉතා සුවිශේෂි වන දිනයක්. ඒ ඔවුන්ට වෙන් වූ දිනයක එම දිනයට සමගාමීව දරුවන් සැමරීම සිදු කරන බැවින්. නමුත් එදිනම තායිලන්තයෙන් වාර්තා වූ අවාසනාවන්ත පුවතක සඳහන් වුනේ කුඩා දරුවන් රැගත් පාසල් බස් රියක් ගිනි ඇවිලීම හේතුවෙන් එහි සිටි දරුවන් කිහිප දෙනෙකු ඉතිරිව අනෙක් සියලුම දරුවන් මිය ගිය බවටයි. බස් රථය ගිනි ඇවිලෙන අයුරුත්, මියගොස් සිටි දරුවන්ගේ මළ සිරුරු බස් රථයෙන් ඉවතට ගන්නා අයුරුත් මුළු ලොවකගේ හදවත කම්පා කරවීය.

මේ අතර අනතුරට පෙර මෙම දරුවන් බස් රථයේ විනෝද වෙමින් සිටි අවස්ථාවක් ලෙස පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් බහුලව සංසරණය වූ අතර මෙහි ඇත්ත සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

තායිලන්තයේ, පාසල් දරුවන් රැගත් ගිනිගෙන දැවුණු බස් රථ අනතුරේ එම අනතුරට මුහුණ පෑමට පෙර එහි සිටි දරුවන් බස් රථයේ ගමන් ගත් අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වී තිබුණා.

Facebook

මෙම වීඩියෝව බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

තායිලන්තයේ බැංකොක් අගනුවරට නුදුරින් ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා සිසුන් සහ ගුරුවරුන් 40 කට වැඩි පිරිසක් රැගත් පාසල් බස් රථයක් ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගිය බව එරට පොලීසිය පසුගිය අඟහරුවාදා සඳහන් කළ බවට විදෙස් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළා.

මෙම ඛේදවාචකයෙන් බේරා ගැනුණු සිසුන් 16 දෙනෙකු සහ ගුරුවරුන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලකට යවා ඇති බව එරට ප්‍රවාහන අමාත්‍ය Suriya Juangroongruangkit පවසා තිබුණා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම දරුවන් අනතුරට මුහුණ පෑමට පෙර ලබා ගත් වීඩියෝවක් බවට එරට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් මෙන් ම ජාත්‍යන්තර අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ධාරා හෝ වාර්තා කර නොතිබුණි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම වීඩියෝවේ මුල් වීඩියෝව පිළිබඳ අප නිරීක්ෂණය කිරීමට පියවර ගත්තත් එම වීඩියෝව ද, මෙතෙක් සොයා ගැනීමට නොහැකි වුණි.

නමුත්, මෙම අනතුර සම්බන්ධයෙන් එරට ප්‍රාදේශීය ප්‍රවෘත්ති ආයතන වාර්තා කර තිබූ ඔවුන් විසින් පළ කර තිබූ එම අවස්ථාවේ ඡායාරූප, වීඩියෝ අතර එම අනතුරින් දිවි ගලවා ගත් සිසුන්ගේ ඡායාරූප, වීඩියෝ ද විය.

ඒ අනුව කළ පරීක්ෂාවේදී, එම සිසුන් ඇඳ සිටි පාසල් නිල ඇඳුම සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ වීඩියෝවේ කුඩා දරුවන් ඇඳ සිටි නිල ඇඳුම ට වෙනස් වර්ණයක් බවට දැක ගන්නට ලැබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ වීඩියෝවේ එම දරුවන් ඇඳ සිටි වර්ණය වූයේ, කළු සහ සුදු පැහැයක්.

නමුත් තායිලන්තයේ බස් රථ අනතුර සිදු වූ පාසල් සිසුවන් ඇඳි සිටි වර්ණය වූයේ තැඹිලි සහ කළු පැහැයයි.

BBC

Dailymail

මෙම බස් රථය උතුරු බැංකොක්හි විද්‍යා කෞතුකාගාරයක් වෙත ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා Uthai Thani හි උතුරු පළාතේ Wat Khao Phraya Sangkharam පාසලේ, පෙර පාසල් වයසේ සිට තරුණ යොවුන් වියේ දරුවන් දක්වා ළමුන් 38 දෙනෙකු සහ ගුරුවරුන් හය දෙනෙකු සහභාගි වී තිබුණි. ඒ සම්බන්ධ වාර්තාවක් මෙතනින්.

ඛේදවාචකයට පැය කිහිපයකට පෙර එම පාසලේ ෆේස්බුක් පිටුවේ පළ කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ තැඹිලි පැහැති නිල ඇඳුම් කමිසවලින් සැරසුණු මෙම දරුවන් තායිලන්තයේ පැරණි අගනුවර වන අයුත්යා හි ක්ෂේත්‍ර චාරිකාවේ නිරත වන අයුරුයි. එම වීඩියෝව එරට මාධ්‍ය පළ කර තිබුණේ මෙලෙසින්.

Factcrescendo තායිලන්ත කණ්ඩායමේ තහවුරු කිරීම :

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව මෙම අනතුරට සම්බන්ධ සිසුවන්ගේ වීඩියෝවක් නොවන බවට ඔවුන් තහවුරු කරනවා. එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව පළ කරන ලද්දේ අනතුරට පෙර බව ත්, එම වීඩියෝවේ දැක්වෙන්නේ, Nakhon Sri Thammarat හි පෙර පාසල් සිසුවන්ගේ චාරිකාවක් බව ත්, එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද එම පෙර පාසල් ගුරුවරිය විසින් අප තායිලන්ත කණ්ඩායමට තහවුරු කර තිබෙනවා.

ඒ පිළිබඳව පැහැදිලි කරමින් ඇය TikTok හි පළකිරීමක් සිදුකර තිබුනේ මෙලෙසින්.


මෙම අනතුර සිදුවීමට පෙර TikTok හි පළ කර තිබූ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ මෙම මුල් වීඩියෝව මේ වන විට එම ගිණුමෙන් පිටත අයට නැරඹීම වළක්වා තිබෙනවා. (Private)

අනතුර සිදු වී ඇති ආකාරය:

මෙම අනතුරින් පසු පළා සැඟව සිටි බස් රථ රියැදුර පොලීසියට භාර වී ඇති අතර නොසැලකිලිමත් ලෙස රිය පැදවීම මරණ හා තුවාල සිදුකිරීම, අන් අයට උපකාර කිරීම සඳහා නතර නොකිරීම සහ අනතුර වාර්තා නොකිරීම යන චෝදනා යටතේ මොහුට චෝදනා එල්ල වී ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා.

බස් රථයේ ඉදිරිපස දකුණු ටයරයේ සමබරතාවය නැතිවී, තවත් මෝටර් රථයක ගැටී කොන්ක්‍රීට් අධිවේගී මාර්ග බාධකයක් සීරීමට ලක්ව බස් රථය ගිනි ගත් බවයි එම ගමන සඳහා ධාවනය වූ වෙනත් බස් රථයකින් ගිනි නිවන උපකරණයක් ඉල්ලා ගැනීම සඳහා තම දිගටම ධාවනය කළ ත්, ගින්න නිවා දැමීමට නොහැකි වූ බවත්, බියට පත් වීම නිසා තමා පළ ගිය බව ත් ඔහු එරට පොලීසියට පවසා තිබෙනවා.

ඇසින් දුටුවන් පවසා ඇත්තේ, බස් රථයේ ඉදිරිපස ටයරය පුපුරා යාමෙන් එය කොන්ක්‍රීට් බාධකයේ ගැටීමෙන් ගින්න හටගත් අතර එය ඉක්මනින් මුළු වාහනයම වෙලී ගිය බවයි.

බස්රථ සමාගම සියලු ආරක්‍ෂිත ප්‍රමිතීන් අනුගමනය කළේද යන්න පිළිබඳවද විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්,මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, තායිලන්තයේ බස් රථ අනතුරකින් ළමුන් ජීවිතක්ෂයට පත් වූ ඛේදවාචකය සිදු වීමට පෙර එම බස් රථයේ දරුවන් සිටි අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝව එම අනතුර හා සම්බන්ධ දරුවන්ගේ වීඩියෝවක් නොවන බවයි. එය වෙනත් පෙර පාසලක දරුවන්ගේ වීඩියෝවක් වන බවට අප තායිලන්ත කණ්ඩායම විසින් තහවුරු කරන ලදී.

Claim Review :   තායිලන්තයේ පාසල් දරුවන්ට මරු කැඳවූ බස් රථ අනතුරට පෙර අවස්ථාවක් ලෙසට පළ වන වීඩියෝවේ ඇත්ත නැත්ත!
Claimed By :  Social media user
Fact Check :  FALSE