ජනාධිපති දිසානායකගේ උපදෙස් මත මෑතකදී හඳුන්නෙත්ති, රන්ජන් එක්ව කළ වැටලීමක් ?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත රන්ජන් රාමනායක මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා එක්ව සිදු කළ වැටලීමක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්ස් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“අද උදේ අනුරගේ අණට හඳුන්නෙත්ති රන්ජන් කල් ඉකුත් වූ බෙහෙත් තොගයක් වටලයි” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වි තිබුණේ මේ අයුරින්.

Facebook

මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කර බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳ පරීක්ෂා කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වීමේන් පසු මෙලෙසින් සුනිල් හඳුන්නෙත්ති මහතා සහ රන්ජන් රාමනායක මහතා එක්ව ඖෂධ සම්බන්ධයෙන් වැටලීමක් කළ බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කළා.

නමුත් අප ට මෑතකදී එවන් වැටලීමක් කළ බවට තොරතුරු වාර්තා වී ඇති බව ට දැක ගන්නට නොලැබුණි.

මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමෙන් පසු මෙම වීඩියෝව 2016 වසරේ පළ වූ වීඩියෝවක් බවට දැක ගන්නට ලැබුණි.

පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයෝ කැලණිය මගුරුවිල බෙහෙත් ගබඩාවක් නිරීක්ෂණය කර තිබූ අතර බෙහෙත් නිසි ක්‍රමවේද අනුව ගබඩා කරන්නේද එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය එලෙසින් රැකෙන්නේද යන්න සොයා බැලීමට එවකට කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, රංජන් රාමනායක, අශෝක් අබේසිංහ ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූ බවට ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් පළ කර තිබුණේ මෙලෙසින්. Archived Link

සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මෙය පැරණි වීඩියෝවක් බව ත්, මෑතකදී මෙවන් වැටලීමක් සිදු නොකළ බව ත් ය.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා සහ රන්ජන් රාමනායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත කළ වැටලීමක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව 2016 වසරේ කෝප් කමිටුව විසින් කළ වැටලීමක අවස්ථාවක් බවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *