දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.


දස දහස් සංඛ්‍යාත ශ්‍රාවකයන් පිරිසක් සතු මහමෙව්නාව, ලංකාවේ තිබෙන ප්‍රධානතම අසපු ජාලයක්. මේ දහස් සංඛ්‍යාත ශ්‍රාවක පිරිස නිසාම එම අසපුවේ ස්ථාවරය පිළිබඳව ද බොහෝ දෙනා විමසිලිමත් වෙනවා.

මෙම අසපු සංචිතය සහ එහි නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඉලක්ක කර ගනිමින් මෙම ජනාධිපතිවරණ සමය තුල විවිධාකාරයේ සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

“මහමෙව්නා සංඝ සභාවේ ආශිර්වාදයත් මාලිමාවට” යු ටියුබ් තුල පැතිරෙන වීඩියෝවක් මගින් දැක්වෙන්නේ මහමෙවුනාවේ සහාය සහ ආශිර්වාදය හිමිවන්නේ මාලිමාව ලකුණින් ජනාධිපතිවරණයට තරග වදින ජාතික ජන බලවේගයට බවයි. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දැක්වීමත් සමඟ අගෝස්තු මස අග පළකර තිබු එම වීඩියෝවේ දී එම අදහස් දක්වන්නේ පුජ්‍ය පන්නල සුමනවංශ නමැති මාළඹේ මහමෙව්නා විහාරයේ අනුශාසක ස්වාමින් වහන්සේ නමක්.


You Tube | Archived

තවද ෆේස්බුක් හි පැතිරෙන තවත් වීඩියෝවක් මගින් දැක්වෙන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජාතික ජන බලවේගයේ ප්‍රධාන පාර්ශ්වකරු වන ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරන ආකාරයක්.


Facebook | Archived

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (කරුණු විමසා බැලීම)

Claim 1: ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දැක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වා තිබු ඉහත පළමු වීඩියෝව සම්බන්ධයෙන් අප මහමෙව්නා අසපු පරිශ්‍රයේ අදාළ ස්වාමින් වහන්සේව සම්බන්ධ කරගැනීම උත්සහ කළා.

එහිදී උන්වහන්ස් වෙනුවෙන් අදහස් දක්වමින්, මහමෙව්නාවට සම්බන්ධ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රකාශකයෙක්ගෙන් අපට කරුණු දක්වමින් පවසා සිටියේ, මහමෙවුනාව අසපු ජාලය මගින් ජාතික ජන බලවේගයට ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමක් අදාළ වීඩියෝව මගින් ගම්‍ය නොවන බවත්, එහිදී එකී ස්වාමින් වහන්සේ අදහස් කරන්නේ, තමන් වහන්සේට අදාළ ප්‍රකාශනය පිළිගැන්වූ පුද්ගලයන්ට ආශිර්වාද කිරීමක් පමණක් බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් පැහැදිලි කළේ, ජාතික ජන බලවේගය මෙන්ම, අනෙකුත් ජනපති අපේක්ෂකයින් වෙනුවෙන් ද ඔවුන්ගේ නියෝජිතයින් මහමෙව්නාවට පැමිණ සිය ප්‍රතිපත්ති ප්‍රකාශ ලබදීමට කටයුතු කර තිබු බවයි.

කුමන පක්ෂයකට සම්බන්ධ කණ්ඩායම් පැමිණියත් ඒ ආකාරයට ආශිර්වාද කිරීම සාමාන්‍ය දෙයක් පමණක් බවත් පැවසූ ඔහු වැඩිදුරටත් පැවසුවේ නොමගයවන සුළු ශීර්ෂපාඨයක් සහිතව අදාළ වීඩියෝව යු ටියුබ් හරහා හුවමාරුවන බවයි.

සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනස්‍යක මහතා විසින්, ඉහත පරිදිම මාලඹේ මහමෙව්නාව බුදු පසේ බුදු අරහන්තක මහා විහාරස්ථානයේ ගරු අනුශාසක පුජ්‍ය පන්නල සුමණවංශ හිමියන් ඇතුලු මහා සංඝරත්නයට පිලිගන්වා තිබු අවස්ථාවක් ද අපට මෙසේ දැක ගන්නට ලැබුණි.

Claim 2: එසේම ඉහත අප දෙවනුව පෙන්වා තිබෙන, මහමෙවුනාවේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරන බව පෙන්වන වීඩියෝව වසර කිහිපයක් පැරණි වීඩියෝවක්. මීට වසර 5 කට පෙර, 2019 මැයි මාසයේ දී පළවී තිබු එම වීඩියෝව කොටස ද ඇතුළත්, සම්පුර්ණ ධර්ම දේශනාව පහතින්.



එම ප්‍රකාශය මෙම මැතිවරණයට සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශයක් නොවන බව සඳහන් කරමින් මහමෙව්නාවේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබුණා.

සමාජ ජාලාවල පැතිරෙන ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් පලකරන මහමෙවුනාවේ නිල යු ටියුබ් චැනලය, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේව උපුටා දක්වමින් පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයේදී මහමෙවුනාව ස්වාධීනව කටයුතු කරන අතර කිසිදු පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමක් හෝ වෙනත් පක්ෂයක් විවේචනය කිරීමක් හෝ විරුද්ධ වීමක් සිදු නොකරන බවයි.එම නිවේදනය පහතින්.



Archived

ඒ අනුව පැහැදිලි වන කාරණය නම් මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීනව සිටීමට මහමෙවුනාව තීරණය කර ඇති අතර කිසිදු අපේක්ෂකයෙක්ට විරුද්ධ වීමට හෝ සහාය පලකිරීමට ඔවුන් විසින් තීරණයක් ගෙන නොමැති බවයි.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok



Claim Review :   මහමෙවුනාවේ සහාය මාලිමාවට !!
Claimed By :  Social Media Users
Fact Check :  MISSING CONTEXT