දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මැතිවරණ දිනයට තව ත් සුළු මොහොතක් තිබියදී මැතිවරණයට සහභාගී නොවී මැතිවරණ ජයග්‍රහණයට බියවී රටින් පලා යන පුද්ගලයින් යනුවෙන් සඳහන් කරමින් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා. මෙහි විශේෂත්වය ජාතික ජන බලවේගය විරෝධීන් පිරිසකගේ නම් පමණක් මෙලෙසින් රටින් පිටවී ඇති බවට පළ වී තිබීමයි. මෙහි සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Claim 1 :

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ රටින් පිටවී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

මෙය සත්‍ය පුවතක් බවට බොහෝ දෙනා උපකල්පනය කරමින් ප්‍රතිචාර දක්වා තිබුණා.

Fact-Check:

හෙට දිනයේ(21 ජනාධිපතිවරණය ට තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයින් අතරින් හිටපු ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා ප්‍රථම වතාවට ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදිනු ලබනවා.

එවැනි අවස්ථාවක ඔහුගේ බිරිඳ රටින් පිටවීමේ සම්භාවිතාව අඩු බැවින් අප මේ පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, තම බිරිඳ රටින් පැන ගිය බවට සඳහන් කරමින් පළ වන කටකතා සියල්ල අසත්‍ය බවයි.

සිය බිරිඳ මේ වන විටත් ඔහු ත් සමග රැඳී සිටින බව ත් පවසා සිටියා.

අද(20) දිනයේ ඔහුගේ WhatsApp ගිණුමේ Status හරහාද, ඔහු සහ බිරිඳ දැක්වෙන ඡායාරූපයක් උදෑසන 11.00ට ආසන්න වේලාවේදී පළ කර තිබුණේ මෙලෙසින්.

මේ පිළිබඳ වැඩි දුරටත් තොරතුරු තහවුරු වූයේ, අද (20) දිනයේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නාමල් රාජපක්ෂ මහතා ට වීඩියෝ ඇමතුමක් ලබා ගත් අතර එහි නාමල් රාජපක්ෂ මහතා සමගින් ඔහුගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ මහත්මිය ද, සිටින බවට දැක ගන්නට ලැබුණි.

Facebook

Claim 2 :

එමෙන් ම තව ත් කලාකරුවන් වන ඉරාජ් වීරරත්න, පේශල මනෝජ්, භාතිය. සන්තුෂ් ද රටින් පිටව ගිය බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ මෙලෙසින්.

WhatsApp ඔස්සේ හුවමාරු වූ පණිවිඩයක් පහතින්.

Facebook | Archived Link

Fact -Check:

ඉරාජ් ඇතුළු අනෙක් ගායන කලාකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, ඔවුන්ට ලබන ඉරිදා දින(22) ජපානයේ ප්‍රසංගයකට සහභාගී වීමට ඇති බවයි.

ජපානය පැවැත්වීමට නියමිත ව ඇති මේ ප්‍රසංගය සැප්තැම්බර් 22 වන දා පැවැත් වීමට නියමිත බවට මෙම ප්‍රසංගය සංවිධානයක මණ්ඩලයේ ෆේස්බුක් පිටුව විසින් පසුගිය අප්‍රේල් 12 වන දා පළ කර තිබුණේ මෙලෙසින්.

එමෙන් ම මෙම සංගීත ප්‍රසංගයට සහභාගී වන ඉහත කී නම් ඇතුළු අනෙක් කලාකරුවන් නම් දක්වමින් තව ත් සටහනක් එම ෆේස්බුක් පිටුව හරහා ම, පසුගිය අප්‍රේල් 22වන දා දක්වා තිබුණේ මෙලෙසින්.

එනම් මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වන දා ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කරමින් ගැසට් පත්‍රයක් යොමු කළ දිනය වන පසුගිය ජූලි 26 වන දාට පෙර මෙම ප්‍රසංගයේ දින සහ ගායක ගායිකාවන් පිළිබඳ දක්වා තිබුණි.

ඒ අනුව ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දුන් පරිදි මෙය හදිසියේ සංවිධානය කළ ප්‍රසංගයක් නොවන බවට පැහැදිලි වේ.

මෙම ප්‍රසංගය සඳහා ජපානයට ගිය අනෙක් කලාකරුවන්ගේ ආගමනයයේ වීඩියෝ ද, එම ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

තමන් මැතිවරණට බිය වී රටින් පළා නොගිය බවට දක්වමින් ඉරාජ් වීරරත්න විසින් අද දිනයේ සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබූ වීඩියෝව පහතින්.

පේශල මනෝජ් විසින් මේ සම්බන්ධයෙන් පළ කර තිබූ වීඩියෝවක් මෙතනින්.

Updated 21/09/24

Claim 3 :

මේ අතර උමන්දාවේ සමන්ත භද්‍ර හිමියන් ද, රටින් පිටව ගොස් ඇති බව ට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.


Fact-Check :

මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, අද(21) දිනයේ සවස 5.00 සිට කොරියාවේ කිිමේ හල්ලිම් සිසන්නි ජොංඅම්සා විහාරස්ථානයේදී එම හිමියන්ගේ සදහම් දේශනයක් පැවැත්වෙන බවයි.

එම දේශනය සඳහා කොරියානු ආපදා කළමණාකරන ඒකකයේ සභාපති චෝ සන් ලී මහතාගේ ආරාධනය හා සංවිධානය මත සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්ස ඇතුළු පිරිස පසුගිය 18 වන දින කොරියාවේ සෝල් නුවරට වැඩම කළ බවට ද, කොරියාවේ ශ්‍රී සදහම් ආශ්‍රයමේ ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

ඒ අනුව පැහැදිලි වන්නේ, මැතිවරණය හේතුවෙන් සමන්තභද්‍ර හිමියන් ඇතුළු සෙසු ස්වාමින් වහන්සේලා රටින් පලා ගිය නොගිය බවයි.

අප මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තා.

Claim 4 :

"කථානායක මහින්ද යාපා සිය පවුලත් සමගින් රට පනී" යනුවෙන් සඳහන් කරමින් ඔහු ගුවන් තොටුපළින් සිටින අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් ද, සංසරණය වූයේ මෙලෙසින්.

Facebook

මේ සම්බන්ධයෙන් පළ වූ තව ත් සටහනක් පහතින්.


Facebook | Archived Link

Fact-Check :

කතානායකවරයා අද(21) දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාකඳුරේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අවස්ථා ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණේ මෙලෙසින්.

තව ත් වීඩියෝවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Claim Review :   ජනාධිපතිවරණය හමුවේ රටින් පලා ගිය පුද්ගලයන් ද?
Claimed By :  Social Media User
Fact Check :  FALSE