දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අනුර කුමාර දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලද ජයග්‍රහණයත් සමගම රටේ පාලන බලය පිහිටුවගත්තේ ජාතික ජන බලවේගයයි. ඔවුන්ව ඉලක්ක කරගනිමින්, විශේෂයන්ම ප්‍රභූ වාහන සමුහයක් යොදා ගැනීම බව හඟවමින්, විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක් .
සමාජ ජාලා සටහන්
මිල අධික සුපිරි වාහන කිහිපයක් ද සහිත වාහන පෙළක් මාර්ගයක ගමන් ගන්නා වීඩියෝවක් නැරඹුම් වාර මිලියනයකටත් වැඩි සංඛ්‍යාවක් සමඟ හුවමාරු වී තිබු අතර එහි පසුබිමින් ඇසෙන්නේ අනුර කුමාර දිසානායකගේ මැතිවරණ තේමා ගීතයයි. එම වීඩියෝ සටහනින් දැක්වෙන්නේ “ජනතාවගේ බදු මුදල් “ යනුවෙන්.
https://www.awesomescreenshot.com/video/32052350?key=141f3ca1572b1a3b31107aceee7f8663
පෙර පාලනයේ මැති ඇමතිවරුන් ගමන්ගත් රථ පෙළපාලි, සංදර්ශන ආදිය විවේචනය කර තමන්ගේ රජයක් තුල ඒවා නොපවත්වන බවට පොරොන්දු ලබාදී බලයට පැමිණි අනුර දිසානායකගේ රජයද මෙවැනි දේ පවත්වන බවට ඉගියක් මෙම සමාජ ජාලා සටහන් මගින් පෙන්වා දී තිබුණා.
මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදුකිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )
Invid We Verify ඔස්සේ අප මෙම වීඩියෝව Reverse Image සෙවුමක් වෙත යොමු කළ අතර එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය මැති ඇමතිවරුන්, රජය හෝ අනුර කුමාර දිසානායක ගේ රජය යටතේ පැවති වාහන පෙළපාලියක් නොවන බවයි. එමෙන්ම ඔවුන්ගේ ජයග්‍රහණය සැමරීමට පැවැත්වූ එකක්ද නොවෙයි. මෙය මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙර Raptor Squad නම්, විශේෂයෙන්ම ජීප් රථ වැනි මෝටර් රථවලට උනන්දුවක් දක්වන පිරිසක් විසින් සිදුකළ සවාරියක දී, කතරගම ප්‍රදේශයේ ගමන් ගත් අවස්ථාවක දී ලබාගත් දර්ශන පෙළක් . එය ඔවුන් සිය සමාජ ජාලා පිටුවලද පළකර තිබුණා.
https://www.facebook.com/watch/?v=859649779452475
ටික්ටෝක් සමාජ ජාලා වල ඔවුන් පළකර තිබු සටහන් පහතින්.
සමාජ ජාලාවල බහුලව පැතිර ඇති වීඩියෝවේ සිදු කර ඇත්තේ ඉහත සදහන් වීඩියෝ සංස්කරණය කර එයට පසුබිම් සංගීතය ලෙස අනුර කුමාර දිසානායකගේ මැතිවරණ තේමා ගීතය භාවිතා කර ගනිමින්, එය නව ජනපතිට අයත් රථ පෙළක් බව හඟවමින්.
Read also: ජනපති අනුර කුමාර දිසානායක භාවිත කරන VIP වාහන වල වීඩියෝවක් ද?
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය
අනුර කුමාර දිසානායක හෝ මාලිමාවට සම්බන්ධ වාහන පෙළපාලියක් ලෙස සමාජ ජාලාවල සංසරණය වන්නේ මෝටර් රථ පිළිබද උනන්දුවක් දක්වන සමුහයක් විසින්, ජනාධිපතිවරණයට ද සති කිහිපයකට පෙර මාර්ගයක සිය වාහනවලින් ගමන්ගන්නා අවස්ථාවේදී ලබාගන්නා ලද වීඩියෝවක් වන අතර මෙය ජාතික ජන බලවේගය හෝ අනුර දිසානායක සමග සම්බන්ධයක් නොමැත .මෙම වීඩියෝව පළමුවරට පළකර ඇත්තේ ඔවුන් බලයට පත්වීමටත් පෙරාතුවය .
Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,