අගෝස්තු මස 11 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමග ඔහු සිදුකළා යයි කෙරෙන ප්‍රකාශ බොහොමයක් සමාජ ජාලා ඔස්සේ පසුගිය දින කිහිපය පුරාවටම සැරිසරනු දැක ගැනීමට හැකි විය. මෙබදු එක් පුවතක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිල්කා සමන්මලී මාධ්‍යවේදිනිය සමග “දෙරණ 360” වැඩසටහනේ සිදුවූ සාකච්ඡාවේ කොටසක් දැක්විය හැක.

Final Cut යන ෆේස්බුක් පිටුට මඟින් " නිහඩ ගෝඨා කථා කරයි" යන තේමාව යටතේ, දැනට මසකට පමණ ඉහතදී අප විසින් සිදුකරන ලද අනාවරණයට අදාළ වීඩියෝ පටයම "අනාගතයේ ජනාධිපති වෙන්න හීන දකින මිනිහෙක් ප්‍රශ්න වලට පිළිතුරු දෙන හැටි" යනුවෙන් පහත පරිදි පළකර තිබෙනු දක්නට ලැබුණි.

Final Cut Facebook LinkArchived Link

අසේල හේවගේ යන අයගේ ෆේස් බුක් පිටුව ඔස්සේ මෙම වීඩියෝ පටය, “ගෝඨාභය ගොතේ..” යනුවෙන් මුලින්ම මුදා හැර ඇති බව දක්නට ලැබුණු අතර පසුව එම වීඩියෝ පටය බොහෝ පිරිස් සමග බෙදී ගොස් තිබෙනු ද දක්නට ලැබුණි.

අසේල හේවගේ - “ගෝඨාගේ ගොතේ..”Archived LinkArchived Video

මෙම පුවතම රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද තම නිල ෆේස් බුක් පිටුවේ සදහන් කර තිබුණේ, “ ප්‍රශ්නය ?ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට පඩි ගෙව්වේ කවුද? උත්තරය: බ,බ,බ,බ,බ,” යනුවෙනි.

රන්ජන් රාමනායක - “ ප්‍රශ්නය ?ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ 26 දෙනෙකුට පඩි ගෙව්වේ කවුද? උත්තරය, බ,බ,බ,බ,බ,”Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙකී වීඩියෝ පටය විමර්ශන කිරීමේ දී බැලු බැල්මටම පෙනී යන්නේ මෙම වීඩියෝව සම්පුර්ණ සාකච්ඡාවක කොටසක් බවයි. මෙහි දී මුලික වශයෙන් දිල්කා සමන්මලි මාධ්‍යවේදිනිය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න 3 කට ගෝඨභය රාජපක්ෂ මහතා පිළිතුරු දිමේ දී ගොත ගසන බව පෙනී යි. එබැවින් සැබවින්ම මුල් සාකච්ඡවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු දී ඇත්තේ මෙලෙසදයි නිර්ණය කර ගැනීම සදහා පහත පරිදි දත්ත ගවේෂණ කිරීමක් සිදුවිණි. මුලින්ම ඉහත වීඩියෝව රූප රාමු කිහිපයකට වෙන් කර ගැනුණි.

මෙලෙසින් ලැබුණු රූප රාමු Google Reverse Image සෙවුම් මගින් පරීක්ෂා කිරීමේ දී මෙහි මුල් වීඩියෝ පටය වූ දෙරණ 360 වැඩසටහන ඔස්සේ සජීවීව පළ වූ වැඩසටහන සොයා ගැනීමට හැකි විය.

මුල් වීඩියෝ පටය (Original video) අපට මෙසේ සොයා ගැනීමට හැකිවිය.

මෙම වීඩියෝ පටයේ දිල්කා සමන්මලී මාධ්‍යවේදිනී ඇසු ප්‍රශ්න නිරීක්ෂණය කිරීමේ දී පහත කරුණු දක්නට ලැබුණි.

ප්‍රශ්නය 1 : කෙනෙක්ට ප්‍රශ්නයක් නගන්න පුළුවන් ජාතික තව්හීඩ් ජමාත් (NTJ : National Thowheed Jamaath) සංවිධානය වැනි සංවිධානයක් ගොඩනැගෙන්නේ 2015 න් පසුවද?

මේ සඳහා ලැබුණු මුල් වීඩියෝ පටයේ පිළිතුරු පහත පරිදි වේ.

Fcat Check 2 Vimeo.

ප්‍රශ්නය 2 : ඩි. කේ. පී. දසනායක වැනි මහත්මයෙකු අත්අඩංගුවට ගන්නේ දරුවන් 11 දෙනෙකු පැහැර ගැනීම යන චෝදනාවට ....

ප්‍රශ්නය 3 : හමුදාවේ නිලධාරීන් හමුදාවේ කටයුතුවලට ... ඒවා සිදු කරනවා යයි ඒවාට මුවා වෙලා මෙවැනි කටයුතු සිද්ධ වුනා නම්.. කවුද ඒවාට වග කියන්නේ ?

මේ ප්‍රශ්න දෙක සඳහා ලැබුණු මුල් වීඩියෝ පටයේ පිළිතුරු පහත පරිදි වේ.

Fact Check 1 Vimeo.

මෙමගින් පැහැදිලි වන්නේ ගෝඨභය රාජපක්ෂ මහතා ඉහත සියලු පැනයන්ට පිළිතුරු ලබා දී ඇති බවත් සමාජ ජාලා ඔස්සේ බෙදාහැරෙන වීඩියෝව සංස්කරණය කළ වීඩියෝවක් බවත්ය.

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ගෝඨභය රාජපක්ෂ මහතා යම් අවස්ථාවන්හි දී තරමක් ගොත ගැසුව ද ඉහත ප්‍රශ්න සියල්ලන්ටම පිළිතුරු ලබාදෙන බවත්, වීඩියෝ පටයේ සදහන් පරිදි දිල්කා සමන්මලී මාධ්‍යවේදිනි අසන ප්‍රශ්න වලට ගොත ගැසීමෙන් පිළිතුරු නොදෙන බවත් ඉහත වීඩියෝව මුල් පිටපතේ කොටස් යොදා සංස්කරණ කර ඇති බවත්ය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ගෝඨාභය රාජපක්ෂ මහතා දිල්කා සමන්මලී මාධ්‍යවේදිනිය ඇසු ප්‍රශ්න ඉදිරියේ දී ගොත ගැසුවේද?

Fact Check By: Sathyajith Subasinghe

Result: False