
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ සුවිශේෂ සේවාවක් සිදු කරමින් සිටියි. ජනවාරි 26 වැනි දින ස්ථාපනය කළ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීම් සදහා නිරන්තරයෙන්ම සහභාගිවෙමින්, ජනතාව දැනුවත් කරමින් ඔහු කරනු ලබන සේවාව බොහෝ පාර්ශව මඟින් ඇගයීමට ලක්වී තිබෙනු දක්නට ලැබුණි
එවන් අවස්ථාවක, ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වරයෙකු වශයෙන් පත්කර තිබෙන බව සඳහන් සටහන් සමාජ මාධ්‍ය තුල ඊයේ (අප්‍රේල් 4) සිට එකවරම හුවමාරුවීම ආරම්භවී තිබේ. මෙම පත්වීම සම්බන්දයෙන් බොහෝ පිරිස් ඔහුට සුබපතමින් තම අදහස් දක්වා තිබෙනුද නිරීක්ෂණය විය.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නිහඩ බැවින්, අපි මේ ගෙන සොයා බැලීමක් සිදු කළා.
සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එම සටහනක් පහතින්.
Facebook Link | Archived Link |
“අනිල් ජාසිංහට ලෝකයෙන්ම පැසසුම් – ලෝක සෞඛ්‍යය සංවිධාන විධායක සභාවේ උප සභාපති පුටුවත් හිමිවෙයි” යනුවෙන් වෙබ් අඩවියක්ද මෙම පුවත වාර්තාකළ අයුරු පහතින්.
Website Link | Archived Link |
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම පුවත සම්බන්දයෙන් අපි Google Search හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ මෙම පුවත සම්බන්ධයෙන් පැරණි links ඇති බවයි. එබැවින් අපි තවදුරටත් එම links සම්බන්දයෙන් සොයා බැලීමක් සිදු කරන ලදී.
එහිදී පැහැදිලිවුයේ මෙම පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය මුල්වරට වාර්තාකර ඇත්තේ මෙම වසරේම පෙබරවාරි 6 හෝ ඊට අසන්න දිනයකදී බවයි. පුවත වාර්තා කර ඇති ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, මෙම පුවත වාර්තා කර ඇත්තේ පෙබරවාරි 6, 7, 8 හෝ 9 යන දිනයන්හිදිය.
Google Search (Eng) | Google Search (සිංහල) |
රජයේ නිල පුවත් වෙබ් අඩවිය මෙම පුවත 2020 පෙබරවාරි 6 වන දින පළකර තිබිණ.
Website Link | Link |
ලෝක සෞඛ්‍යය සංවිධානයේ නිල වෙබ් අඩවිය පරික්ෂාකල අතර එහි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක කමිටුවේ උප සභාපති ධූරය දරන බවට සදහන්ව තිබිණ.
Website Link |
Conclusion: (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්වෙයි ” යන මාතෘකාව යටතේ සමාජ මාධ්‍ය තුල හුවමාරු වන සටහන නිවැරදි වුවද, එම පත්වීම පිළිබඳව මුල්වරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබෙන්නේ ඇත්තේ මෙම වසරේම පෙබරවාරි මස මුල් සතියේදී බවය.

Title:වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වශයෙන් අප්‍රේල් මාසයේ පත්වුවාද?
Fact Check By: Sahan PereraResult: Misleading
