මංගල සමරවීර මහතා පසුගිය දිනෙක මන්ත්‍රී දේශපාලනයට සමු දෙන බවක් ප්‍රකාශ කල අතර එය ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සියල්ලකම පාහේ පලව තිබුනා. ඔහු නිකුත් කල විශේෂ ප්‍රකාශයට අනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ශකයෙකු ලෙස ඡන්ද නාමලේඛනයේ ඔහුගේ නම සටහන්ව තිබුනද ඔහුට ඡන්දය නොදෙන ලෙස මංගල සමරවීර මහතා විසින් ජන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියා.

මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමුගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි අවධාරණය කර සිටි මංගල සමරවීර මහතා, අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශීර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කර තිබුනා.

මෙම පුවතත් සමග මුහුනු පොතේ හුවමාරු වූ පුවතකින් කියවුනේ මංගල සමරවීර මහතාගේ මැතිවරණ කටයුතු සඳහා තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුනට පරිත්‍යාග කරන බවකි. වෙල්මා නම් ෆේස්බුක් පි‍ටුවකින් පල කර තිබූ පුවත උපුටාගෙන තිබුනේ මංගල සමරවීර මහතා නිකුත් කලා යැයි පැවසුන ට්විටර් පනිවිඩයක් මූලික කර ගනිමින්.

"මගේ මැතිවරණ කටයුතු සඳහා තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කටයුතු සදහා පරිත්‍යාග කරමි. I will donate my election campaign money and sponcers to the JVP” යනුවෙන් පළකර තිබු සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එම සටහන පහතින්.

Facebook LinkArchived Link

සමාජ මාධ්‍ය තුල හුවමාරුවන ට්විටර් සටහනක් පහතින්.

Twitter LinkArchived Link

එමෙන්ම මෙම පුවතට සම්බන්ධව JVP papua new guinea නම් ෆේස්බුක් පි‍ටුවකින් පල කල සටහනකට අදාලව කියවුනේ මංගල සමරවීර මහතා මැතිවරනයට වෙන් කරන ලද මුදල් ජවිපෙට ලබා දීම වෙනුවෙන් ඔවුන් ස්තූතිවන්ත වන බවක්.

Facebook LinkArchived Link

මංගල සමරවීර මහතා මන්ත්‍රී දේශපාලනයෙන් සමුගන්නා බවට ප්‍රකාශ කිරීමත් සමග එම පුවතට අදාලව පලවූ මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය පිලිබඳව සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පලවන පුවත සම්බන්ධයෙන් අපි Google News හරහා නිරීක්ෂණය කළෙමු. එහිදී එම පුවත සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිදු පුවතක් වාර්තාකර නොතිබුණු බව පැහැදිලිවිය.

Google News Search

මංගල සමරවීර මහතා ඔහුගේ මැතිවරනයට වැය කිරීමට තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුණට ලබා දුන් බව පැවසූවා යයි ඔහුගේ ට්විටර් ගිනුමේ සටහන් කල බව දක්වා තිබූ නිසා අප මංගල සමරවීර මහතාගේ ට්විටර් ගිනුමේ මෙවැනි ප්‍රකාශයක් පල කර ඇත්දැයි පරීක්ශා කර බැලුවා. එහිදී අපට නිරීක්ශනය වුනේ එවැනි ප්‍රකාශයක් පසුගිය මාස තුනට අදාලව සිදු කර නොමැති බවයි.

Twitter Link

මෙසේ පලකල ෆේස්බුක් සටහනට අදාල ට්විටර් සටහන පිලිබඳව හොඳින් විමර්ශනය කලහොත් එම පුවතට අදාල දිනය ලෙස පෙන්නුම් කරන්නේ 2019 වසරේ අප්‍රේල් 13 දිනයක ඔහු කරන ලද්දක් බවයි. නමුත් මෙම පුවත අදාල වන්නේ 2020 මහ මැතිවරණයටයි. එලෙස සලකා බලන විට මෙම ට්විටර් පනිවිඩය සංස්කරනය කරන ලද්හක් බව හොඳින් පැහැදිලි වෙනවා. ට්විටර් පණිවුඩයේ පෙන්වා ඇති ආකාරය අනුව මෙය සංස්කරණයක් බව පැහැදිලිය.

මංගල සමරවීර මහතා 2019 වසරේ අප්‍රේල් 13 දින නිකුත් කල ට්විටර් සටහන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කල පණිවිඩයක් වේ.

Twitter Link

මංගල සමරවීර මහතා තමා මන්ත්‍රී දේශපාලනයට සමුදෙන බව ප්‍රකාශ කරමින් ඔහුගේ නමින් නිකුත් කරන ලද ප්‍රකාශනය පිලිබඳව අප මීලඟට සලකා බැලුවා.එහිද ඔහු මංත්‍රී දේශපාලනයෙන් සමුගන්නා බව පැහැදිලිව දක්වා තිබුනත් ඔහු මැතිවරනයට වෙන් කල මුදල් ජනතා විමුක්ති පෙරමුනට ලබා දෙන බවට එහි කොතනක වත් සටහන් වන්නේ නෑ.

එම ලිපිය පහතින්.

මේ අතර මංගල සමරවීර මහතා සම්බන්දව තවත් පුවතක් 2020 ජූනි මස 11 වන දින දිවයින පුවත්පතේ පලව තිබෙනවා.එමගින් කියවුනේ "මංගලට එජාප ජාතික ලයිස්තු මංත්‍රී ධූරයක්" යනුවෙන්. එබඳු ඉල්ලීමක් ඉදිරිපත්ව නැති අතර එවැනි සූදානමක්ද නොමැති බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටි බව වාර්තා වෙනවා.

ඉහත පුවත සම්බන්ධයෙන් ජාතික ජන බලවෙගයෙන්ද විමසා සිටිය අතර එබඳු කිසිඳු ප්‍රකාශයක් ඔවුන් කර නොමැති බවත් ඔවුන් පවසා සිටියා.

Conclusion: (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ " මගේ මැතිවරණ කටයුතු සඳහා තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කටයුතු සදහා පරිත්‍යාග කරමි” යනුවෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරු වන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

ඉහත කරුනු හා සලකා බලන කල මංගල සමරවීර මහතා ඔහුගේ මන්ත්‍රී දේශපාලන්යෙන් සමුගන්නා බවට පල කල ප්‍රකාශය සත්‍ය එකක් නමුත් ඔහු මහ මැතිවරනයට යොදවන්නට බලාපොරොත්තු වූ මුදල් ජනතා විමුක්ති පෙරමුනට පරිත්‍යාග කල බවට පැතිර යන ප්‍රකාශයේ  කිසිඳු සත්‍යතාවයක් නොමැති බව තහවුරු කල හැකියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:මංගල සමරවීර මහතා මහ මැතිවරනයට යෙදවීමට තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන බවට පළවූ ව්‍යාජ සටහනක්!

Fact Check By: Sahan Perera

Result: False