මහ මැතිවරනය ආසන්න වීමත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ

විවිධ දේශපාලනික සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරපත් විමට පටන් ගෙන ඇත. මනාප අංක, අපේක්ෂකයන්ට අපහාස, උපහාස රැගත් සටහන් මැතිවරණයට තරඟ කරන සෑම ප්‍රධාන

පක්ෂයක්ම පාහේ අලලා ඉදිරිපත් කර තිබෙන බවක් නිරීක්ෂණය වේ.

නිදහස් දේශයක් වෙනුවෙන් කැපවුනු අපේ මිනිසා” තේමාවෙන්

Камаль Инди නමැති ෆේස්බුක් පිටුවක, සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබු සටහනක ජාතික ජන බලවේගයේ

මනාප අංක 1 බෝම්බ නිශ්ක්‍රීය විශේෂඥ මොහොමඩ් ඊබ්‍රාහිම් ලෙස දක්වා

තිබුණි. මෙම සේයාරුව සහිත සටහනක් “ජවිපෙන් වැඩිම මනාපයෙන් ඊබ්‍රහිම් නානා” තේමාවෙන්

ද ඉදිරිපත් කර තිබුණි. මෙම සටහන්

දෙක, වෙන වෙනම ෆේස්බුක් පරිශීලනය කරන්නන් 700 කට අධික සංඛ්‍යාවක්

අතර සංසරණය වී තිබෙණු නිරීක්ෂණය විය.

Link

Archived Link

Link

Archived Link

එමෙන්ම වන්නියේ අපේ මනාපය මහින්ද හැර නොගිය කර්නල් කරුණා අම්මාන් තේමාවෙන් සේයාරුවක්

සහිතව මනාප අංක5 යටතේ කරුණා අම්මාන් වන්නි මැතිවරණ

දිස්ත්‍රික්කයට තරඟ වදින බව හඟවන සටනක් SJB 1st නමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබෙණුද දක්නට ලැබුණි.

Link

Archived Link

ලංකාදීප පුවත්පතේ ලිපියකද "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්" යනුවෙන් සඳහන් කර තිබෙනු නිරීක්ෂණය විය. Link

මනාප අංක පිළිබඳව පලවු සටහන් කිහිපයක්, අපගේ කරුණු විමර්ශනවලදි අසත්‍ය බවට තහවුරු වීම නිසා මෙම සටහන් පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

Камаль Инди සහ ගෝඨාට රට හදන්න උපදෙස් දෙන්නන්ගේ සංසදය නමැත ෆේස්බුක්

පිටු ඉදිරිපත් කර තිබු සටහන්හි වු සේයාරුව පරීක්ෂා කිරිමේදි මොහොමඩ් ඊබ්‍රාහිම්ට මනාප

අංකයක් පෙන්නා තිබුණද, මැතිවරණ දිිස්ත්‍රික්කය සඳහන් කර නොතිබු නිසා, අප ශ්‍රී

ලංකා මැතිවරණ කොමිසන් සභාවේ වෙබ් අඩවියට පිවිස අපේකෂක ලැයිස්තු පරීක්ෂා කළෙමු. ජනතා

විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය නමැති සන්ධානයකින් මාලිමාව සළකුණෙන් දිවයිනේ සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම

තරඟ කරන බව තහවුරු විය. අප එම දිස්ත්‍රික්ක 22ම ජාතික ජන බලවේගය හරහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ

නම් එකිනෙක පරීක්ෂා කළෙමු. එහි මොහොමඩ් ඊබ්‍රාහිම් නමැති නමක් නොමැති බව සනාථ විය.

Candidate List – Election Commission

CMEV

එසේම

ඔහුගේ නම ජාතික ලැයිස්තුව හරහා ඉදිරිපත් වී තිබේදැයි පරීක්ෂා කිරීමේදී එහිද මෙම නම

සඳහන් නොවී ඇති බව තහවුරු විය.

National List - Election Commission

CMEV - National List

SJB 1st නමැති ෆේස්බුක් පිටුවේ තිබු සේයාරුවෙහි දැක්වෙන කර්නල් කරුණා අම්මාන්ගේ නියම නාමය විනයාගමුර්ති මුරලිදරන් වේ. එම සටහනෙහි දක්වන පරිදි ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයට තරඟ කරන්නේදැයි දක්වා තිබු ප්‍රකාශය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ නිල ෆේස්බුක් පිටුවෙහි ඉදිරිපත් කර තිබු, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව පරීක්ෂා කළෙමු. වන්නි දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ මනාප අංක 5 හිමිව තිබුණේ බසීර් අහමදු ජසාර් නම්වු අපේක්ෂකයාටය

Link

Election

Commission List

කරුණා

අම්මාන්ගේ නැතහොත් විනයාගමුර්ති මුරලිදරන් විසින් පසුගියදා මැතිවරණ රැළියකදී සිදුකල

ප්‍රකාශයක් විශාල වශයෙන් කතාබහට ලක්වූ අතර ඇත්ත වශයෙන්ම මෙවර මැතිවරණයට ඔහු ඉදිරිපත්වන්නේ

කිනම් පක්ෂයක් යටතේද පිලිබඳ විමර්ශනයක්ද සිදු කළෙමු. එහිදී පෙනී ගියේ ඔහු මෙවර මැතිවරණයට

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් (අම්පාර) Akhila Ilankai Tamil Mahasabha (

අඛිල ඉලංකෙයි ද්‍රවිඩ මහසභා ) පක්ෂයෙන් නැව සලකුණින් අංක 9 යටතේ තරඟ වදින බවය.

මේ පිලිබඳ ඔහුගේ නිල ෆේස්බුක් ගිනුමේද ප්‍රවර්ධනය කර තිබෙනු දැකගන්නට හැකිවිය.

Party

FB Page

Muralitharan

Venayagamurthy FB

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මොහොමඩ් ඊබ්‍රාහිම් නමැත්තෙකු මනාප අංක 1 යටතේ ජාතික ජනබලවේගය සන්ධානයෙන් දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් කිසිදු මැතිවරණ දිස්ත්‍රික්කයකට තරඟ නොකරන බවයි. එමෙන්ම වන්නි දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ කර්නල් කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්ගේ නම නොමැති අතර ඔහු ඇත්ත වශයෙන්ම තරඟ කරන්නේ අඛිල ඉලංකෙයි ද්‍රවිඩ මහසභා පක්ෂයෙන් නැව ලකුණ යටතේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙනි.

එබැවින් මොහොමඩ් ඊබ්‍රාහිම් නම් අපේක්ෂයකු මනාප අංක 1 යටතේ ජාතික ජන බලවේගය සන්ධානයෙන් තරඟ වදින බවට සහ කරුණා අම්මාන් පොහොට්ටුව යටතේ තරඟ කරන බවට පලවන සියළුම ෆේස්බුක් සටහන් අසත්‍යය සටහන් බවට නිගමනය කරමු

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:Fact Check : මොහොමඩ් ඊබ්‍රාහිම් ජාතික ජන බලවේගයෙන් සහ කරුණා අම්මාන් පොදු ජන පෙරමුණින් මෙවර මැතිවරණයට?

Fact Check By: Sahan Perera

Result: False