පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින විවිධ දේශපාලන සහ පක්ෂ සහ දේශපාලන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුලින් නොයෙකුත් තේමාවන්ගෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ.

Ramesh Perera නමැත්තෙකු “ජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නෑ සජිත් ආපු ගමන් බුද්ධි අංශ විසුරුවනවා” තේමාවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබූ සටහනක් ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් හාරසියයකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived Link

ඔව් උඹ දිනුම්. හැබැයි නපුංසකයෝ රජ කරනකල් විතරයි තේමාවෙන් වඳ දොස්තර සාෆි සජිත්ගෙ වේදිකාවෙ යන වදන රෝපණය කර සේයාරුවක් සහිතව Kapila Suriyapperuma නමැත්තකු විසින් ඉදිරිපත් කර තිබූ සටහනක්ද ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් පේස්බුක් පරිශීලනය කරන්නන් තුන්සියයකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණි. මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර රැසක්ම සඳහන් කර තිබුණේ සේයාරුවේ දැක්වෙන්නේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊෂාක් රහුමන් මහතා බව නිසාත්, පෙර සටහනේ රවුෆ් හකීම් මහතාගේ එවැනි ප්‍රකාශයක් වාර්තා වී තිබෙනු දක්නට නොලැබීම නිසාත්, මෙම සටහන් යුගල පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

Ramesh Perera නමැත්තා “ජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නෑ සජිත් ආපු ගමන් බුද්ධි අංශ විසුරුවනවා” තේමාවෙන් ඉදිරිපත් කර තිබු සටහන පිළිබඳව කරුණු සනාථ කර ගැනීම පිණිස ගූගල් සෙවීමක් කළෙමු. ලංකාවේ කිසිදු ප්‍රධාන විද්යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි රවුෆ් හකීම් මහතා එවැනි ප්‍රකාශයක් කළ බවට වාර්තාවක් නොවීය.

අප එම සටහනේ ඡායාරූපය පරීක්ෂා කිරීමේදි එය 2019 ඔක්තෝබර් මස වෙබ් අඩවියක සටහනක් බවට දිස්වු නිසා, අප 2019 ඔක්තෝබර් මස ප්‍රවෘත්ති විකාශයන් පරීක්ෂා කළද රවුෆ් හකීම් මහතා එවැනි ප්‍රකාශයක් කළ බවට වාර්තාවක් නොවීය. අනතුරුව අප රවුෆ් හකීම් මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වී එවැනිජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නෑ සජිත් ආපු ගමන් බුද්ධි අංශ විසුරුවනවාකර ඇත්දැයි විමසුවෙමු. තමන් කිසිදු දිනෙක එවැනි ප්‍රකාශයක් කර නොමැති බවත්, දේශපාලන වාසි තකා ප්‍රතිවාදී පක්ෂ විසින්ද දියත් කර ඇති අසත්‍ය ප්‍රකාශයක් බව අවධාරණය කළේය.

වඳ දොස්තර සාෆි සජිත්ගෙ වේදිකාවෙ යන වදන රෝපණය කර Kapila Suriyapperuma නමැත්තා ඉදිරිපත් කර තිබු සටහන කරුණු තහවුරු කර ගැනීම පිණිස අප එක්සත් ජාතික පක්ෂය අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊෂාක් රහුමන් මහතාගේ නිල ෆෙස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. 2019 ඔක්තෝබර් මස 10 දින එක්සත් ජාතික පක්ෂ මහා රැලිය ලෙස Kapila Suriyapperuma නමැත්ගේ සටහනේ වු ඡායාරූපය සහිත සටහන එහිවිය.

LinkArchived Link

දොස්තර සාෆිත් සජිත්ගෙ වේදිකාවේ ? තේමාවෙන් 2019 ඔක්තොබර් මස 11 දින අප කළ විමර්ශනයකදීද මෙම ඡායාරූපය යොදා ඉදිරිපත් කළ සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් ලෙස වාර්තා කර තිබුණි.

Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ රවුෆ් හකීම් මහතාජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නෑ සජිත් ආපු ගමන් බුද්ධි අංශ විසුරුවනවා” ලෙස නොපවසා ඇති බවයි.

එබැවින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා “ජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නෑ සජිත් ආපු ගමන් බුද්ධි අංශ විසුරුවනවා” ලෙස ප්‍රකාශ කළ බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය සටහන් බව නිගමනය කරමු.

වඳ දොස්තර සාෆි සජිත්ගෙ වේදිකාවෙ අරුත් දෙමින් ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහනේ ඇත්ත වශයෙන්ම සිටින්නේ  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊෂාක් රහුමන් මහතා ද බැවින් එම සටහන් පෙලද සම්පූර්ණයෙන්ම අසත්‍යය සහ සාවද්‍ය සටහන් බව නිගමනය කරමු.

Avatar

Title:රවුෆ් හකීම් , ඊෂාක් රහුමාන් සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්

Fact Check By: Sahan Perera

Result: False