බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට සිදුවූ විනාශය අලලා නොමඟ යවන සුළු සටහන් පෙළක්

Misleading Social

පෙර රජ දරුවන් මෙන්ම පසුකලක දිවයින පාලනය කළ යටත් විජිත පාලකයින්ගේ ඉතිහාසගත ස්ථාන රාශියක් නගර ආශ්‍රිතවද දක්නට ලැබේ. බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන සංරක්ෂණය වී තිබුණත්, සංවර්ධන කටයුතු සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සමහර පුරාවට පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන විනාශ වූ බවට පසුගිය දිනවල වාර්තා විය. 

මෙවන් පසුබිමක කුරුණෑගල නගරයේ මාර්ග පුළුල් කිරිමේ කටයුත්තක් අරභයා 13 ශත වර්ෂයේ දෙවන බුවනකබාහු රජ සමයේ ඉදිකළ රාජ සභා මණ්ඩපයක පාදම සහිත පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයකට හානි පමුණුවා ඇති බවට ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි වාර්තා  විය. කුරුණෑගල බුවනෙක හෝටලය ලෙසින් පසුකාලීනව පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ලට සිදුව ඇති හානිය පිළිබඳව පරික්ෂා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ විසින් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්ගේ ප්‍රමුඛත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදී. ෆේස්බුක් ජාලයේද මෙම ක්‍රියාව පිළිබඳව විවිධ ආකාරයේ සටහන් පසුගිය දින කිහිපයේම ඉදිරිපත්වී තිබෙණු දක්නට ලදි.

Dias Malinda නමැත්තෙකු බුවනෙකබාහු රජතුමා ලංවා කම්බි සහ සංස්ථා සිමෙන්තිවලින් හැදූ කොන්ක්‍රීට් ස්ලැබ්..ඩෝසර් කර ඇති වසර දාස් ගානක් පරණ පෞරාණික “බුවනෙක වොල් ටයිල්” බිත්ති..ගෝඨා තමුසෙට හෙන ගහනවා මේ කරපු අපරාදෙට..හෙනම ගහනවා.. තේමාවෙන් ඡායාරූප කිහිපයක් සහිත සටහනක් උපහාස්සත්මක කෝණයකින් ඉදිරිපත් කර තිබුණේ මෙලෙසින්

LinkArchived Link

Thilina Jude සහ Lella Hutan නමැති ෆේස්බුක් පිටුද ඡායාරූප සහිතව ඉහත දැක්වු සටහනේ තේමාවෙන්ම සටහන් ඉදිරිපත් කර තිබුණි.

LinkArchived LinkLinkArchived Link

මෙම සිදුවීම අළලා Aragalaya නමැති ෆේස්බුක් පිටුවක් වෙනස් මුහුණූවරකින් සටහනක් ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය.

LinkArchived Link

උපහාසය පිරි ප්‍රතිචාර රැසක් සමඝ ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරනය වෙමින් පවතින මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානයයොමුවිය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

Dias Malinda, Thilina Jude සහ Lella Hutan ෆේස්බුක් සටහන්හි අන්තරගත කර තිබු ඡායාරූපයන්හි කඩාබිඳ දැමු ගොඩනැගිල්ලක කොටස් දක්වා තිබුණි. එම ගොඩනැගිලි සුන්බුන් අතර කම්බි සහිත කොන්ක්‍රීට් කොටස් මෙන්ම පිඟන් ගඩොල් අල්ලා තිබු බිත්තිද දක්වා තිබුණි. අප මෙම ඡායාරූපය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමග සම්බන්ධවී එම ඡායාරූප ඔහු වෙත යොමු කළෙමු. මෙම ඡායාරූප පෙන්වන්නේ කුරුණෑගල මහ නගර සභාව විසින් කඩා බිඳ දැමු ආන්දොලනයකට තුඩු දී ඇති ගොඩනැගිල්ලේ පිටුපස ප්‍රදේශයට වනන්ට පසුකාලීනව ගොඩනැගු කොටසක් ඡයරුපක් බව පෙනී යන බව පවසා සිටියා.

තවදුරටත් කරුණු පැහැදිලි කල ඒ මහතා සඳහන් කර සිටියේ බුවනෙකබාහු රජු සමයේ ඉදිවූ රජ සභාවේ යයි පැවසෙන ගොඩනැගිල්ලේ කොටස්වලින් ඇත්ත වශයෙන්ම ඉතිරිව ඇත්තේ  ගොඩනැගිල්ලේ පාදම පමණක් බවත්  ඉංග්‍රීසී යටත් විජිත පාලකයන් එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරමින් ඉතිරිව තිබු පාදම මත ඉදිකිරීම් කටයුතු කර ඇති බවත්ය.

ඉංග්‍රීසී යටත් විජිත පාලන සමයේ කොන්ක්‍රීට් භාවිතා වී ඇති බැවින්, ඡායාරූපයේ කොටස් ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි සමයේද නැතහොත් මෑතකදී ඉදිවූ කොටස් ද යන්න තහවුරැ කිරීමට නිසි අධ්‍යයනක් සිදු කළ යුතු නමුත් ඡායාරුප වල හුවමාරු වී ඇති කොටස් පැහැදිලිවම බුවනකබාහු රජ සමයේ ඉදිකළ කොටස් නොවන බව පෙනෙන බවත් පවසා සිටියා. ඉංග්‍රීසි සමයේ ඉදිවූ ගොඩනැගිලි රැසක් අදටත් කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකම living heritage යන සංකල්පය යටතේ (උදා. කාර්ගිල්ස් ගොඩනැගිල්ල) එදිනෙදා කටයුතු සඳහා භාවිතා වන බවත් පවසා සිතියා.

එසේම Aragalaya නමැති ෆේස්බුක් පිටුවේ වු සටහන ඉදිරිපත් කර තිබු සේයාරුවේ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්ගේ හිසට පිස්තෝලයක් එල්ලව තිබු අතර ඒක පුරාවිද්‍යාත්මක ස්ථානයක් නොවේ. මට කලින් වැරදීමක් වුනේ යන වදන රෝපනය කර තිබෙනු දක්නා ලදි. එබැවින් අප පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ජූලි මස 21 දින පැවැත්වු මාධ්‍ය සාකච්ඡාව  දෙරන රූපවාහිණි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය තුලින් පරීක්ෂා කළෙමු. 

එහිදි  ඔහු කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් නොකළ අතර ප්‍රකාශ කර තිබුනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව රාත්‍රි කාලයේදි කර ඇති බවත්, මෙම ගොඩනැගිල්ල බුවනකබාහු රජුට සම්බන්ධ බව ජන ප්‍රවාදයක් බවත්, එයට ලිඛිත සාක්ෂි නොමැති බවත්, අවම වශයෙන් මහවංශයේවත් සඳහන්ව නොමැති බවත්, මෙය පුවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් කර නැතැයි උපකල්පනය කළද පුරාවිද්‍යා පනත යටතේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයකට හානියක් සිදුකල නොහැකි බවයි. අද දෙරණ පුවත් හරහා විකාශය වූ එම වීඩියෝ පටය පහතින්.

අනතුරුව අරගලය ෆේස්බුක් පිටුවේ තිබු සේයාරුවත්, දෙරන රූපවාහිණි නාලිකාවෙන් ගත් නිශ්චල රූපරාමුවක් සමගසංසන්දනය කළවිට, එයඑකම සේයාරුව බවත, අරගලය ෆේස්බුක් පිටුවේ සේයාරුව ව්‍යාජ ලෙස සංස්කරණයකර ඉදිරිපත් කර ඇති බවත් තහවුරු විය.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් තුමා ඇත්ත වශයෙන්ම පැවසු කරුණු ඇතුලත් සටහන් රැසක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනුද අපට මෙසේ දැකගන්නට ලැබුණි.

Link 1 | Link 2 

එසේම අගමැති නියෝගයකින් පත් කරන ලද පංච පුද්ගල කමිටුව විසින් කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ විනාශය පිලිබඳ අන්තර්කාලීන වාර්තාවක් අගමැති වෙත පසුගියදා යොමුකරන ලද අතර එය සලකා බලා අගමැති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල මාධ්‍ය නිවේදනයේ සඳහන් වී තිබුනේ මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර ගන්නා බවත්, විනාශ වී ඇති කොටස් කඩිනමින් සංරක්ෂණය කල යුතු බවත්, විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගන්නා බව සහ සංරක්ෂණය කටයුතු සඳහා වැයවන මුදල මේ සඳහා වගකිව යුතු පුද්ගලයින්ගෙන් ලබාගත යුතු බවත්ය. 

එම නිවේදනය පහතින්.

කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව පිලිබඳ මාධ්‍ය නිවේදනය 👇#Lanka #SriLanka #Kurunegala

Posted by Factcrescendo – Sri Lanka on Wednesday, July 22, 2020

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ දෙවන බුවනකබාහු රජතුමන්ගේ රාජ සභාවේ පාදම මත යටත් විජිත සමයේ  ඉංග්‍රීසි පාලකයන් විසින් ගොඩනැගිල්ලක් පසුකාලීනව ඉදිකර අති බවත්, පසුව තවත් කොටස් ද එකතු වී ඇති අතර ඡායාරුපයෙන් පෙන්වන විනාශ වී ඇති කොටස් ගොඩනැගිල්ලේ පිටුපසට වන්නට ඇති එසේ පසුකාලීනව ඉදිවූ කොටස් බවත්, කිසිසේත් බුවනකබා රජ සමයේ ඉදිවූ කොටසක් නොවන අතර උපහාසාත්මක කෝණයකින් පලකරන ලද නොමඟ යවන සුළු ඡායාරුප සටහන් බවය. එමෙන්ම අරගලය ෆේස්බුක් පිටුවේ සේයාරුව ව්‍යාජ ලෙස සංස්කරණය කර ඉදිරිපත් කර ඇති බවත් තහවුරු විය.

“බුවනෙකබාහු රජතුමා ලංවා කම්බි සහ සංස්ථා සිමෙන්තිවලින් හැදූ කොන්ක්‍රීට් ස්ලැබ්..ඩෝසර් කර ඇති වසර දාස් ගානක් පරණ පෞරාණික “බුවනෙක වොල් ටයිල්” බිත්ති. තේමාවෙන් ඉදිරිපත් කර ඇති ෆේස්බුක් ජාලයේ සටහන් සහ “ඒක පුරාවිද්‍යාත්මක ස්ථානයක් නොවේ. මට කලින් වැරදීමක් වුනේ” තේමාවෙන් ඉදිරිපත් කර ඇති ෆේස්බුක් ජාලයේ සටහන් නොමග යවන සුළු සටහන් බව පැහැදිලිය.

Avatar

Title:බුවනෙක හෝටලය ලෙස පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට සිදුවූ විනාශය අලලා නොමඟ යවන සුළු සටහන් පෙළක්

Fact Check By: Sahan Perera 

Result: Misleading


1 thought on “බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට සිදුවූ විනාශය අලලා නොමඟ යවන සුළු සටහන් පෙළක්

Leave a Reply