සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අළලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වන බව නිරීක්ෂණය විය.

“ගොං බයියෝ හිතන් ඉන්නේ ජවිපෙ ඉන්නේ හිගන්නෝ කියලා ලස්සනට අදලා පැලද ඉන්න එකට ගොං බයියෝන්ගේ ඉරිසියාව” තේමාවෙන් නිර්දන පන්තියේ අනුර අයියගෙ රු137,000 කමිසය යන වදන රෝපණය කර අනුර කුමාර දිසානායක මහතාගේ සේයාරුවක් සහිත සටහනක් සහ “විමලයාගේ ජන්ද ගොඩ වැඩි කර ගන්න ගහපු ගැට , කඩදාසි කම්හල් ටිකක් බොරු වියදම් කරලා මේ හදිසියේම. විමලයගේ ගැට වලට අහුවෙන්න එපා!” තේමාවෙන් “වාලච්චන ගොඩදාන්න හැකියාවක් නෑ. ඔයා කඩදාසි ප්‍රමිතියෙන් තොරයි” යන වදන රෝපණය කර රාවය පුවත්පතේ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩෝ සමඟ කළ සංවාදයක සේ සකසා, සේයාරුවක් අන්තර්ගත කර සටහනක්ද Yasith Dilshan නමැත්තාගේ ෆේස්බුක් පිටුවෙහි ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

LinkArchived LinkLinkArchived Link

“හපොයි ..යුරෝ 100යි..කවුද දුන්නේ.රු 24297/= ක ෂර්ට් එකක්.. පඩි ගන්නෙත් නෑ” තේමාවෙන් Jayani Gunawardana නමැත්තියගේ ෆේස්බුක් පිටුවෙහිද වෙනස් මුහුණුවරකින් මෙම සටහනම ඉදිරිපත් කර තිබිණි.

LinkArchived Link

“අද ලෝකයේ ප්‍රධානම ආගම වී ඇත්තේ ගස් ගල් අදහන ගෝත්‍රික බුදු ධහම නොවෙයි. මුස්ලිම් ආගම. අපේ රජයක් යටතේ මුස්ලිම් ආගමට නිසිතැන දෙන්න කටයුතු කරනවා” යන වදන රෝපණය කර අනුර කුමාර දිසානායක මහතාගේ සේයාරුවක් සහිත සටහනක් Wasana Thenuwara නමැත්තියකගේ ගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබෙනු ද දක්නට ලැබුණේය.

එසේම "මෙවර මහා චන්දය වර්ජනය කිරීමට අවසාන මොහොතේ තීරණය කල හෙයින්, සහෝදරයන්ට සහ සහෝදරින්ට චන්දය දැමීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි" යනුවෙන් සටහනක් ද දැකගනන්ට ලැබුණි.

මෙම සටහන් සියල්ල ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබුණු අතර, එම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර බොහොමයක්, සටහන් වලට විරෝධය පා තිබූ නිසා, මෙම සටහන් සියල්ල පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

වාලච්චන ගොඩදාන්න හැකියාවක් නෑ. ඔයා කඩදාසි ප්‍රමිතියෙන් තොරයි” සිරස්තලයෙන් රාවය පුවත්පතේ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩෝ සමග කළ සංවාදශීලී වාර්තාව පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප රාවය පුවත්පතේ වෙබ් අඩවියට පිවිස, ලෝරන්ස් ෆර්ඩිනැන්ඩෝ පුවත්පත් වේදියා විසින් රාවය පුවත්පතට ඉදිරිපත් කර තිබූ වාර්තා පරික්ෂා කළද අපට එවැනි වාර්තාවක් සොයා ගැනීමට නොහැකි විය.

LinkArchived Link

තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස රාවය පුවත්පත සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ නිලධාරියා පැවසුවේ ඔවුන් එවැනි තේමාවකින් කිසිදු වාර්තාවක් මුද්‍රණය කර නොමැති බවත්, මෙම ප්‍රවෘත්තිය ව්‍යාජ ලෙස සංස්කරණය කොට ඉදිරිපත් කර ඇති බවත්ය.

වාලච්චන ගොඩදාන්න හැකියාවක් නෑ. ඔයා කඩදාසි ප්‍රමිතියෙන් තොරයි” යනුවෙන් පුවත්පතක අනුරුවක ආකාරයෙන් පළවූ මෙම පුවත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා අලලා ද සකස් වී තිබෙන අයුරු ද අපට දැකගන්නට ලැබුනා. Link 1 | Link 2

අනුර කුමාර දිසානායක මහතා ඇඳ සිටි සන්නාමයක් සහිත සුදු කමිසය පිළිබඳව අප ගූගල් සෙවීමක් කළෙමු. කපු නූලෙන් නිමවුණු මෙම කමිසය පකිස්තානු රුපියල් 2969 කට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකි බවට එරට වෙබ් අඩවියක පහත පරිදි පලවී තිබුණි. එනම් ලංකාවේ රුපියල් 3300 කට ආසන්න අගයකි.

LinkArchived Link

මේ අනුව මෙහි ඇති මිල ගණන් සංස්කරණය කරමින් ඉහත සාවද්‍ය සටහන් පෙළම නිර්මාණය වූ බව පැහැදිලිය.

එසේම Wasana Thenuwara ගේ ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ අද ලෝකයේ ප්‍රධානම ආගම වී ඇත්තේ ගස් ගල් අදහන ගෝත්‍රික බුදු ධහම නොවෙයි. මුස්ලිම් ආගම. අපේ රජයක් යටතේ මුස්ලිම් ආගමට නිසිතැන දෙන්න කටයුතු කරනවා” යන ප්‍රකාශය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය සමග සම්බන්ධ වූයෙමු. අනුර කුමාර දිසානායක මහතා කිසිදු දේශපාලන රැළියකදී හෝ වෙනත් ස්ථානයකදී එවැනි ප්‍රකාශයක් නොකළ බවට තහවුරු කළ ඔවුන්, මැතිවරණයට තරඟ වදින තම සන්ධානයේ අපේක්ෂකයන් අළලා විශාල ලෙස අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ජාලා හරහා ඉදිරිපත් වන බව අවධාරණය කළේය. තම සන්ධානයේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව සටහනක් යොදා ඇති බවද ඔහු පැවසීය. අප ජාතික ජනබලවේගයේ නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කළ විට පහත ඇති සටහන නිරීක්ෂණය විය

බුද්ධිමත් ඡන්දදායකයිනි, 2020 මහ මැතිවරණය අභිමුව බංකොළොත් දේශපාලනය විසින් ජාතික ජන බලවේගයට සහ එහි අපේක්ෂකයින්ට එරෙහිව එරෙහිව අසත්‍ය ප්‍රචාරයන් සිදුකරමින් සිටියි.මෙම අශිෂ්ට දේශපාලන භාවිතයට එරෙහිව පෙරට එන ලෙසත් පිළිකෙව් කරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලමු.

දැනටමත් ගෙන ඇති ඔබේ දැනුවත් තීරණයට එම අසත්‍ය ප්‍රචාර බාධාවක් කර නොගන්නා ලෙසද ඉල්ලමු

LinkArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේවාලච්චන ගොඩදාන්න හැකියාවක් නෑ. ඔයා කඩදාසි ප්‍රමිතියෙන් තොරයි” යන වදන රෝපණය කර රාවය පුවත්පතේ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩෝ සමඟ කළ සංවාදයක සේ සකසා, සේයාරුවක් අන්තර්ගත කර ඉදිරිපත් කර ඇති සටහන රාවය පුවත්පතේ ප්‍රවෘත්තියක් ලෙස ව්‍යාජ සංස්කරණය කොට ඉදිරිපත් කර ඇති බවයි. අනුර කුමාර දිසානායක මහතා ඇඳගෙන සිටින්නේ කපු නූලෙන් නිමවුණු පිලිවලින් රුපියල් 137,000/= සහ 24,297/= කමිසයක් බව Yasith Dilshan සහ Jayani Gunawardana පිටු වල සඳහන්ව තිබුණ ද එම ඔවුන් විසින් ඡායාරූපයේ පෙන්වා තිබු කමිසය පකිස්ථානයේ වෙබ් අඩවියක විකිණීමට තිබුනේ ලංකාවේ රුපියල් 3300 වැනි මිලකට ය. එමෙන්ම “අද ලෝකයේ ප්‍රධානම ආගම වී ඇත්තේ ගස් ගල් අදහන ගෝත්‍රික බුදු ධහම නොවෙයි. මුස්ලිම් ආගම. අපේ රජයක් යටතේ මුස්ලිම් ආගමට නිසිතැන දෙන්න කටයුතු කරනවා” යන ප්‍රකාශය අනුර කුමාර දිසානායක මහතා විසින් කිසිදු ස්ථානයක දී ප්‍රකාශ නොකළ බවද සනාථ විය.

එබැවින් අනුර කුමාර දිසානායක මහතා අළලා ෆේස්බුක් ජාලයෙහි ඉදිරිපත්ව ඇති ඉහත සියළුම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:අනුර කුමාර දිසානායක මහතා අළලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False