
අටලුගම යනු කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් ජනයා බහුලව වෙසෙන ගම්මානයකි. පසුගිය දිනක බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ වාසය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහයක පිරිසක් පහර දුන් සිද්ධියක් ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වාර්තා කර තිබුණි. එසේ පහරදුන් පිරිස සොයා මෙහෙයුම් සිදුවූ අතර එම සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත් බවටද මෙසේ වාර්තා වී තිබුණි
මෙවන් පසුබිමක පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් මෙහෙයුමකට සූදානම් වන ඡායාරූපයක් රැගත් සටහනක් “අටලුගමට පෑයු සඳ ලස්සනයිද කියන්න” තේමාවෙන් Dinindu Gamage නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක් ප්‍රතිචාර රැසක් සමඟින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 6000කට අධික සංඛාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණි.

එසේම ඉහත තේමාව යටතේම පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් ගොඩනැගිලි 2ක් අතරින් ගමන් කරන අයුරු පෙන්වන ඡායාරුපයක් ද බොහෝ දෙනා මෙසේ හුවමාරු කරගෙන තිබුනා.

මෙම සටහන් වලට හිමිවූ ප්‍රතිචාර රැසක් ම මෙම ඡායාරූප ඉපැරණි සිදුවීමක සේයාරුවක් ලෙස දක්වා තිබූ බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම සටහනේ වූ ඡායාරූපය පරීක්ෂා කිරීමේදී එය shutterstock ඡායාරූප වෙබ් අඩවියේ ඡායාරූපයක් බව අඟවන Watermark දර්ශනය වූ අතර තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප මෙම ඡායාරූප Google reverse image සෙවීමකට ලක් කළෙමු.

2018 ඔක්තෝබර් මස එවකට විෂය භාර අමාත්‍යවරයා ව සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්‍යාලයට පැමිණි විට ඇති වූ සිදුවීමක් අළලා M.A. පුෂ්ප කුමාර නැමැති ඡායාරූප ශිල්පියා විසින් ඡායාරූපය ගත කර shutterstock වෙබ් අඩවියට උඩුගත කර තිබු ඡායාරූපයක් බවට තහවුරු විය.
නිදහස් ඡායාරූප ශිල්පියකු වන M.A. පුෂ්ප කුමාර සමග දුරකථන සබඳතාවයක් ඇති කර ගත්තෙමු. 2018 ඔක්තෝබර් මස පැවති එවකට අර්ජුන රණතුංග අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කරගැනීමට විශේෂ කාර්ය බලකාය ගත් උත්සාහය ඡායාරූප ගත කිරීමට හැකි වූ ඡායාරූප ශිල්පියා ඔහු බවත්, එම ඡායාරූපය shutterstock වෙබ් අඩවියට උඩුගත කල බවත් එහි මුල් පිටපත ඔහු සතුව ඇති බව සනාථ කළේය.

Dinindu Gamage ගේ ෆේස්බුක් පිටුවේ ඇති ඡායාරූපය සහ M.A. පුෂ්ප කුමාර නැමැති ඡායාරූප ශිල්පියා විසින් ඡායාරූපය ගත කර shutterstock වෙබ් අඩවියට උඩුගත කර ඇති තබා ඇති ඡායාරූපය සමග සංසන්දනය කිරීමේදී එය එකම ඡායාරූපය බව තහවුරු විය.

එසේම “අටලුගමට පෑයූ සඳ ලස්සනයිද කියන්න” යන තේමාව යටතේ හුවමාරු වූ අනෙක් ඡායාරූපද Google Reverse Image සෙවුමක් හරහා විමර්ශනය කිරීමේදී අපට පෙනී ගියේ එයද 2017 වසරේ සිට news.lk ඇතුළු පුවත් වාර්තා රැසක් සඳහා යොදාගෙන තිබු ඡායාරුපයක් බවයි
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2018 වසරේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්‍යාලය අසල වු සිද්ධියක් අළලා M.A. පුෂ්ප කුමාර නැමැති ඡායාරූප ශිල්පියා විසින් ඡායාරූපය ගත කර shutterstock වෙබ් අඩවියට උඩුගත කර තිබු ඡායාරූපයක් භාවිතා කරමින් Dinindu Gamage ගේ ෆේස්බුක් පිටුවේ සටහන ඉදිරිපත් කර ඇති බවයි
එබැවින් “අටලුගමට පෑයු සඳ ලස්සනයිද කියන්න” තේමාවෙන් පසුගියදා අටලුගමට පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පැමිණි අයුරු පෙන්වන ඡායාරුපයක් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් නොමඟ යවන සුළු අසත්‍ය සටහන් බව පෙනී යයි
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:අටලුගම මෑතකදී සිදුවූ සිද්ධියක් ලෙස හුවමාරු වූ 2018 වසරේ ඡායාරුපයක්!
Fact Check By: Sahan PereraResult: Misleading
