දිවුලපිටිය Brandix ඇඟළුම් ආයතනය තුළ හටගත් කෝවිඩ්-19  ආසාදන පොකුර  ක්‍රමයෙන් ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇත. මෙම ආසාදිත පොකුර පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුලද විවිධ සටහන් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණු අතර ගම්පහ සැඟවී සිටින කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් පිළිබඳව පළවූ අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අප මීට පෙර විමර්ෂණක් මෙසේ සිදුකළා.

කෝවිඩ්-19 ආසාදනය, සමාජය තුළ ව්‍යාප්ත වීමේ අවධියට (Community Transmission) පැමිණ ඇති බව පෙන්වීමට, ආසිරි රෝහලේ ඊයේ සිදුවූ කොවිඩ්-19 පරීක්ෂා කිරීම් සඳහා පැමිණි අයගෙන් දස දෙනෙකුටම කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව දක්වමින් වෛද්‍යවරුන් දෙදෙනෙක් අතර ඇතිවූ සංවාදයක් තුලින් ද එය තහවුරු වූ බව දක්වමින්, විශේෂයෙන්ම WhatsApp සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වන සටහන නොමඟ යවන සුළු සාවද්‍ය සටහනක් බව අපගේ විමර්ශනවලදී තහවුරු විය.

WhatsApp හරහා හුවමාරු වන සටහන

එසේ හුවමාරු වූ සටහනේ සිංහල පරිවර්තනය මෙලෙසින්

“ඔබට පැවසීමට බැරෑරුම් ප්‍රවෘත්තියක් ඇත. මගේ බිරිඳගේ ඥාති සොහොයුරිය මහාචාර්ය වජිර යටතේ ආසිරි රෝහලේ රසායනාගාරයේ සේවය කරයි. ඇගේ සැමියා එම රෝහල් රසායනාගාරයේ කෝවිඩ්-19  පරීක්ෂණ කරයි. පසුගිය මාස හයක කාලය ඇතුළතද ඇය අපට බොහෝ දෑ පවසා ඇතත්, දැන් පවසන්නේ එතරම් සුභ ආරංචියක් නොවේ.

ආසිරි රෝහලේ කෝවිඩ්-19 පරීක්ෂණ සඳහා ඊයේ දිනයේ පැමිණ දස දෙනෙකුම කෝවිඩ්-19 ආසදිතයන් බවට හඳුණාගෙන ඇත. එබැවින් වෛරසය පෙර තිබු තත්වයන්ට වඩා සීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් ඇත.

මහාචාර්ය වජිරා සහ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය අතර සම්මන්ත්‍රණ දුරකථන සංවාදයක් ඇයට ඇසී ඇත. දැන් රෝගය සමාජය තල ව්‍යාප්ත වීමේ අවස්ථාවට පැමිණ අත. රජයට මුදල් නොමැති නිසා රට වසා දැමීමට නොහැකිය.

එබැවින් අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට නොයන්න. එමනිසා ඉතාමත් ප්‍රවේශම් වන්න.

ඉංග්‍රීසි භාෂාවෙන් සංසරණය වි තිබු එම මුල් පණිවුඩය පහතින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම WhatsApp පණිවුඩයේ අතර්ගත කරුණු  තහවුරු කර ගැනීමට ආසිරි රෝහලේ වෛද්‍ය සමන්ති ද සිල්වා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු.  එහි අන්තරගතය තරයේ ප්‍රතික්ෂේප කරමින් ඇය පවසා සිටියේ එය නොමඟ යවන සුළු සාවද්‍ය පණිවුඩයක් බවත්, එහි වාර්තා කර ඇති රෝගීන් සංඛ්‍යාව ඇතුළු කරුණු අසත්‍ය බවයි. මේ පිළිබඳව ඔවුන් අපරාධ පරීක්ෂණ අංශයන් වෙත දැනුම් දී ඇති බවත්, ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳව සටහනක් පළකරන බවත් පවසා සිටියා.

මේ අනුව අප Asiri Health ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ විට, සමාජ මාධ්‍ය ජාලා තුල සැරිරන පණිවුඩය අසත්‍යයක් බව දක්වන සටහනක් ඉදිරිපත් කර තිබෙණු පහත පරිදි නිරික්ෂනය විය.

https://www.facebook.com/AsiriHealth/posts/3369435183140433?__cft__[0]=AZVhk7RphRqBwFFBXRvunK7Nrmk6KJ6jI4XMA6NC5aNoffuYdVt9Z72lMn-Cd5QzWf4B4nUNnruFvI5MfLm1oMYlefvRAoUuuYcxPWWbIhf271ykdELVhLWUlggaM0OMqXA61AkgsB2dF-_XyNRGZwHnBdht1HBd5Xex929s0lT5baUy1mCzigkO0e7EZsopZkQ&__tn__=%2CO%2CP-R

Facebook LinkArchived Link

මෙවන් අවස්ථාවකදී මහජනයා අතර අනවශ්‍ය නොසන්සුන් තත්වයක් ඇති කිරීමින් මෙවැනි අසත්‍ය පුවත් හුවමාරු කර ගැනීම හෙලා දකින බවත් මේ මොහොතේ වගකීම් සහගතව ක්‍රියා කරන ලෙසත් එම පණිවුඩයෙන් ආසිරි රෝහලේ කළමනාකාරිත්වය තවදුරටත් ඉල්ලා සිටියා.

ඉහත හුවමාරු වන සටහනේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සමඟ ඇතිවූ දුරකථන සංවාදයක් ද පෙන්වා දී තිබු බැවින් අප ඔහුගෙන් ඒ පිළිබඳව විමසීමක් කළෙමු. තමන් සහ ආසිරි රොහලේ රසායනාගාර අංශයේ මහාචාර්ය සමඟ එම සටහනේ දැක්වෙන පරිදි දුරකථන සංවාදයක් ඇති නොවූ බව ඔහුද අපට තහවුරු කර සිටියා.

What does community transmission of coronavirus mean?

මෑතකදී විදෙස් ගත වී සිට පැමිණි හෝ වෙනත් තහවුරු කරන ලද ආසාදිතයින් හෝ ඔවුන්ගේ සමීපතයින් සමඟ මෑතදී සම්බන්ධතාවක් පැවැත්වුයේ නැති පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති තත්වයක් විස්තර කිරීමට Community Transmission නොහොත් වෛරසය සමාජයේ සංසරණය වීම යොදාගනු ලැබේ. එනම් ආසදිතයින්ගේ ප්‍රභවයන් හඳුනා ගැනීමට නොහැකි තරමට සමාජය තුළ රෝගය ව්‍යාප්ත වූ විට සමාජය තුළ සංසරණය වීම ආරම්භ වී ඇති බව සැලකෙනවා.

ගම්පහ මිණුවන්ගොඩ පොකුර ක්‍රමයෙන් ව්‍යාප්ත වීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඔවුන්ගේ සමීපතයින් හරහා ආසාදිතයින් හමුවී තිබුණද මේ දක්වා වාර්තා වූ රෝගීන්ගේ ආසාදනයේ ප්‍රභවය සොයා ගැනීමට බලධාරීන්ට හැකි වී ඇති බැව් වාර්තා වී තිබේ.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ආසිරි රොහලේ රසායනාගාර අංශයේ මහාචාර්ය සහ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා අතර, කෝවිඩ්-19  ආසාදනය ලංකාවේ සමාජ ගතවී ඇති බවට දුරකථන සංවාදයක් ඇති නොවුන බවත් ඊයේ (ඔක්තෝබර් 13) දිනයේ ආසිරි රෝහලේ සිදුකළ කොවිඩ්-19 පරීක්ෂණ වලදී ආසාදිතයින් 10ක් වාර්තා වී නැති බවත්ය. එබැවින් ඉහත WhatsApp ඔස්සේ හුවමාරු වන සටහන අසත්‍ය සටහනක් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:COVID-19 වෛරසය ලංකාවේ සමාජගත වී ඇති අයුරු පිළිබඳව WhatsApp හරහා හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

Fact Check By: Sahan Perera

Result: False