FACT CHECK : මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් අදහස් දක්වන්නේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) ගැන ද?

Missing Context Social

කොළඹ මාර්ග තදබදයට පිළියමක් ලෙස පෞද්ගලික වාහන භාවිතා කරමින් පැමිණෙන ජනතාව විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරමින් කොළඹට ගෙන්වා ගැනීම සඳහා සම්පත්දායකයන්ගේ ආධාර ඇතිව කොටුව-මාළඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැනි බහුවිධි ප්‍රවහාන ව්‍යාපෘති කිහිපයක් සැළසුම් කර තිබුණි. කෙසේවෙතත් කොටුව සිට මාලඹේ දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) නවතා දැමු බවට රජය නිවේදනය කළ අතර එයට මුල්වූ හේතුන් ද පසුගිය දා මෙසේ දක්වා තිබුණි

මෙවන් පසුබිමක ජනාධිපතිතුමා සහභාගිවු සාකච්ඡාවකදී මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් ඉදිරිපත් කළ අදහසක් උපුටා ගනිමින් ඔහු අදහස් දක්වා සිටින්නේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) සම්බන්ධයෙන් බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වූ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේ දී එහිදී ඇත්ත වශයෙන්ම සකච්ඡා වන්නේ එම ව්‍යාපෘතිය පිලිබඳ නොවන බව අපට දැකගන්නට ලැබුණි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් :

මේ මනුස්සයා ජනාධිපතිට කියනවා LRT Train පොළොවෙන් උස්සලා හදන ඕනි නෑලු. පොලව මට්ටමේම ගේට්ටු දාලා හදන්න පුලුවන්ලු. හෝමාගමට විනාඩි 5ක් දැන් තියෙන එකට වඩා කලින් යන එක විතරයිලු වාසිය. කන්ටේනර් ලැගේජ් වගේ කිසි දෙයක් කෝච්චියට දාන්න බැරිලු. යකෝ පොළොවෙන් උස්සල හදන්නේ පාරේ ට්‍රැෆික් අඩුකරන්න ඕනි නිසා. ලයිට් ට්‍රේන්කියන්නේ ලදරම් කෝච්චි නෙවෙයි විනාඩි 20කින් හෝමාගමට යන්න පුළුවන් ස්පීඩ් කෝච්චිමෙව්වා. මේවා මිනිස්සු ගෙනියන කමියුනිටි ට්‍රේන්. නැතිව තැපැල් පාර්සල් කන්ටේනර් දාගෙන යන ට්‍රේන් නෙවෙයි. මේ වගේ පිස්සන්ගෙන් නම් ජනාධිපති උපදෙස් ගන්නේ ලංකාවටත් බුදු සරණයි. කථාංගය රෝපණය කර, Train Simulator Srilanka නැමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.

C:\Users\Prabuddha Athukorala\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\screenshot-www.facebook.com-2020.10.14-12_35_20.png
FacebookArchived Link

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් අදහස් දක්වන්නේ සැහැල්ලු දුම්රිය මාර්ගය පිළිබඳව බව පෙන්නුම් කරමින් පළවූ තවත් සටහනක් මෙලෙසින්

FacebookArchived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

මෙම සටහන් වලට අදාළ ප්‍රතිචාර අධ්‍යයනය කිරීමේදි  ජනාධිපතතුමා සමග තිබු සංවාදයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ සමාලෝචන අදහස පිළිබඳව වීඩියෝ පට රැසක් හුවමාරු වී තිබෙනු අපට දැකගනන්ට ලැබුණි. පහත දැක්වෙන්නේ එවැනි එක වීඩියෝ සටහනක්

FacebookArchived Link

එම වීඩියෝ පටය නැරඹීමේදි පෙනී ගියේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මෙම අදහස ඉදිරිපත් කරන්නේ සැහල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව නොව, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ කැළණිවැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය පීළිබඳව බවය. කැළණිවැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඇති එකම වාසිය දැනට හෝමාගමට යාමට වැයවන කාලයෙන් විනාඩි පහක් පමණක් ඉතිරි වන බවත්, කොළඹ සිට හෝමාගමට කුළුණු මත දිවෙන ද්විත්ව දුම්රිය මගක් යෝජනා කර ඇති බවත්, එහි කන්ටේනර් හෝ බඩු පැටවිය නොහැකි බවත්, එය මගී ප්‍රවාහනයට පමණක් සීමාවන බවත්, ආර්ථිකමය හෝ ප්‍රවාහනමය වශයෙන් සාධාරණීය කළ නොහැකි පිරිවැයක් මෙයට දැරීමට සිදුවන බවත්, හෝමාගම දක්වා කුළුණු මත දිවෙන්නේ දුම්රිය හරස්මාර්ග මග හැරීමට සිදුවන බවත්, එයට විකල්ප වශයෙන් සමහර ස්ථානයන්හි  මහමාර්ගය ඔසවිය හැකිබවත්, සමහර ස්ථානයන්හි දුම්රිය ගේට්ටු යොදා ගත හැකි බවත් ඔහු පවසන අයුරු මෙහිදී දැක ගත හැකිය. ඔහු ‍ විනාඩි හතක වීඩියෝ පටය තුල කිසිදු අවස්ථාවක කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය(LRT Light rail transit) පිළබඳ අදහස් දක්වන්නේ නැත.

මෙම සටහනට  හිමිවු ප්‍රතිචාර තවදුරටත් අධ්‍යයනය කිරීමේදි ජනාධිපතිතුමා සමඟ පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (IESL) සහ රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයද (APSE) සහභාගිවු බව සනාථ විය.

එබැවින් ප්‍රවාහන ව්‍යාපෘතිය පිළිබඳ වූ මෙම සටහන පිළිබඳව වැඩිදුරටත් කරුණු දැනගැනීම පිණිස අප රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු අභයසිරිවර්ධන මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව ඉංජිනේරුවරුන්ගේ අදහස් දැන ගැනීමට අවශ්‍ය වූ බැවින් ඒ පිළිබඳව ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ මැදිහත්වීමෙන් සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඒ සඳහා රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයටද ආරාධනා කර තිබු අතර, මෙම සාකච්ඡාව වුණේ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයටත් පෙර බව ඔහු පවසා සිටියා. පුරා පැය හතරකට අධික කාලයක් සාකච්ඡාව පැවැති අතර, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ සමාලෝචනය අදහස්වලින් විනාඩි හතක් පමණක් ඉදිරිපත් කිරිමෙන් වැරදි අර්ථකථනයක් ලබාදී ඇති බවත් පැවසීය. තවද කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය(CSRP – Colombo suburban railway project)පිළිබඳව ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්ගේ අදහස් ලබාගෙන නොමැති අතර ඔවුන්ට මෙම යෝජිත ව්‍යාපෘතියේ වියදම් අඩු කරගැනීමට ප්‍රයෝගිය විකල්ප ක්‍රම විධි ලබාදීමේ හැකියාවක් ඇතැම් විට තිබිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිලිබඳ පලවී ඇති විස්තර සොයා බැලීමේදී කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති පිළිබඳව (CSRP) ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි විස්තරාත්මක ලිපියක් පළකර තිබුණා. Full Article | Archived

LRT සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියසහ CSRP- කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති පිලිබඳ පැහැදිලි කරමින් ඔහුද පැහැදිලි කර තිබුනේ “දැන් හැරෙමු ගුණරුවන් මහතා ගේ වීඩියෝ පටය තියෙන ව්‍යාපෘතියට. මේක තමයි ඔය CSRP එකේ පලවෙනිම ව්‍යාපෘතිය. ඒ කියන්නෙ කැලණිවැලි දුම්රිය ව්‍යාපෘතිය. පටලවා ගන්න එපා මේ LRT එක නෙමේ. ඒක අපිට අහිමි වෙලා ඉවරයි. දැන් මේ අතගහලා තියෙන්නෙ CSRP එකටමේ වීඩියෝවේ ගුණරුවන් මහතා කැලණිවැලි ව්‍යාපෘතිය ගැන මතු කරන ප්‍රධානම කාරණා එකිනෙක බලමු” යනුවෙන්.

මීට මාස කිහිපයකට පෙර පැවති සාකච්ඡාවේදී මහාචාර්ය ගුණරුවන් මහතා කැලණිවැලි ව්‍යාපෘතිය ගැන මතු කරන ප්‍රධානම කාරණා පිලිබඳ ඔහුගේ අර්ථකතනයන් ලබාදී තිබුනේ මෙලෙසින්. මේ සඳහා පාදක කරගෙන තිබුනේ CSRPවෙබ් අඩවියේ පලවී තිබු ශක්‍යතා වාර්තා ඇතුළු ව්‍යාපෘති වාර්තා කිහිපයක්. එම අදහස් දැක්වීම පහතින්

“1.ඉතුරු කරන කාලය මිනිත්තු 5ක් පමණයි (travel time saving)

සාමාන්‍යයෙන් travel time savingගැන කතා කරන්නේ කොහේ සිට කොහේටද කියන එකත් එක්ක. අපි දැන් බැලුවොත් හෝමාගම ඉදන් මරදානට දුම්රියේ යන්න මිනිත්තු 68ක් යනවා. කාර් එකක මිනිත්තු 113 ක් සහ බස් එකක මිනිත්තු 130ක් යනවා. මේ ව්‍යාපෘතිය නිසා මරදාන සිට හෝමාගමට යන්න යන්නේ මිනිත්තු 25ක් පමණයි (සීමිත නැවතුම්). සෑම දුම්රිය ස්ථානයක නවත්වනවානම් මිනිත්තු 42යි.

2. මිනිස්සු මේ දුම්රිය භාවිතා කරන්නෙ නැහැ.

ඔව්. ඇත්ත. කොට කොට යන, කිසිම විශ්වාසයක් නැති, වෙලාවට එන්නෙ නැති කෝච්චි වලට මිනිස්සු නගින්නෙ නෑ. ඒකම තමයි මේ මාර්ගයට ඉතාම නවීන වෙලාවට එන දුම්රිය යෝජනා කරන්නෙ. දැන් දවසට 30000 ක් භාවිතා කරන මේ දුම්රිය මාර්ගය 2025 වෙද්දි දවසට 180000 (6 ගුණයක්) භාවිතා කරයි කියලා ගණනය කරලා තියෙනවා.

3. මේ දුම්රිය අහසින් යන්නෙ. ඒක නිසා වියදම වැඩී. කන්ටේනර් පටවන්න බෑ. මේක පොලොවෙන් යවන්න පුලුවන් මීට අඩු මුදලකට.

මරදාන ඉදන් අවිස්සාවේල්ලට හරස් මාර්ග 148ක් තියෙනවා. හෝමාගමට වෙනකම් 56ක්, පාදුක්කට එනකන් 75ක්. මේවයින් හරස් මාර්ග 20කට වඩා දවසට වාහන 12000 කට වඩා හුවමාරු වෙන ස්ථාන.

මෙහි ප්‍රධාන සැලසුමේ සෑම මිනිත්තු 7 කට සැරයක්ම එක් දිශාවකට දුම්රියක් ගමන් කරනවා. ඒ කියන්නෙ දෙපැත්තටම ගත්තොත් මිනිත්තු 7 කට වඩා අඩු කාලයක් තමයි හරස් මාර්ග විවෘත කරලා තියන්න පුලුවන්. බේස්ලයින් පාරේ විනාඩි 20කට සැරයක් දුම්රියට පාර වැහුවහම මීටර් 450ක් දිගට වාහන පෝලිමක් හැදෙනවා. විනාඩි 7 කට සැරයක් වැහුවොත් මේ පෝලිම කිලෝමීටරයකට වඩා දික් වෙනවා.

එතකොට optionsදෙකක් තියෙනවා. එක්කෝ කෝච්චි පාර බිම දිගේ දාලා හරස් පාරවල් ගුවන් පාලම් වලින් යා කරන එක. නැත්නම් කෝච්චි පාර උඩින්ම ගෙනියන එක.

ගුවන් පාලම් දාන එක සැලකුවහම සමහර හරස් පාරවල් වලට ගුවන් පාලම් දැමීම ප්‍රායෝගිකව අපහසුයි. (උදා: කිරිමණ්ඩල මාවත , නාරහේන්පිට,පමුනුව පාර) කොහොම හරි දැම්මත් එක ගුවන් පාලමකට දල වශයෙන් USD 20 millionඑක්ක සමස්ත වියදම USD1.45billion වෙනවා. ඒක කණු මතින් යන දුම්රිය මාරගයට වඩා USD200millionවැඩී. ඒ වගේම තවත් බිම දිගේ යනකොට විදුලි දුම්රිය ආරක්ෂිත කරන්න වෙනවා වැටක් ගහලා. එතකොට මේ දුම්රිය නිසා විශාල සමාජ ගැටලු නිර්මාණය වෙනවා. සමහර ප්‍රජාවන් සහ සදාකාලිකවම වෙන් වෙයි.

කැලනිවැලි දුම්රිය මාර්ගය කන්ටේනර් පටවන්න භාවිතා කරන්න අවශ්‍යතාවක් නෑ. අවිස්සාවේල්ල දක්වා කන්ටේනර් ප්‍රවාහනයට යෝජනා වෙලා තියෙන්නේ කැලණිය – කොස්ගම -අවිස්සාවෙල්ල හරහා. ඒක නිසා දුම්රිය ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය විශේෂිත අවශ්‍යතාවක් නැහැ.

මෙම ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ලබාගෙන තිබු ව්‍යාපෘති වර්තා පහතින්

Link 1 | Link 2 | Link 3 

එසේම ඔහුගේ විස්තර කිරීමට ඉංග්‍රීසි බසින් පිළිතුරු ලබාදී තිබු ආචාර්ය දීමන්ත ද සිල්වාගේ පැහැදිලි කිරීමක් ද යොදාගෙන තිබුණි.

Explanation by Dr Dimantha De Silva

CSRP ෆේස්බුක් පිටුවේ ද එම යෝජිත ව්‍යාපෘතිය පිලිබඳ පළවූ වීඩියෝ කිහිපයක් ම මෙසේ දැකගනන්ට ලැබුණු අතර කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති අංශයේ උසස් නිලධාරියෙකු සමඟ සම්බන්ධ වූ අතර එහිදී ඔහුද කියා සිටියේ ඉහත ආචාර්ය දීමන්ත ද සිල්වා ගේ වාර්තා වේ මේ පිලිබඳ සියලු පැහැදිලි කිරීම් අන්තර්ගත බවයි

එසේම පසුගිය පාලන සමයේ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධක්ෂක ජෙනරාල් සම්පත් සුමේද පුජිත රත්නායක මහතා ද දීර්ඝ විස්තරයක් සහිතව එවකට ව්‍යාපෘති අධක්ෂක විසින් ඔහු වෙත එවන ලදැයි දැක්වෙන වීඩියෝවක් ද පළ කර තිබුණි. එම වීඩියෝව පහතින්

Link | Archived

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් සමාලොචන අදහස් දක්වන්නේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් (LRT) ගැන නොව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ(CSRP) යෝජිත කැළණිවැලි දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය පිළිබඳව බවයි.

එබැවින්, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කොටුව මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන අදහස් ප්‍රකාශ කළ බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහන්, නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරමු. 

එසේම මීට මාස ගණනාවකට පෙර සිදුවූ සාකච්ඡාවක සමාලොචන අදහස් දැක්වීමේ අවස්ථාවේ වීඩියෝ පටයක් මෙසේ සමාජ මාධ්‍ය ජාල හුවමාරු වන සටහන් වලට පාදක වී තිබු අතර එහි දක්වා තිබු ඇතැම් කරුණු පිළිබඳව කොළඹ තදාසන්න යෝජිත දුම්රිය නවීකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කළඉංජිනේරු අංශවල පිළිතුරු දැක්වීම් ද මෙහිදී අප පෙන්වා දී ඇත

.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Avatar

Title:මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් අදහස් දක්වන්නේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) ගැන ද?

Fact Check By: Sahan Perera 

Result: Missing Context


Leave a Reply