දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව ඊයේ(03) දිනයන් පසු ක්‍රියාත්මක නොවන බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :



දසත පුවත් වෙබ් අඩවියේ ද මේ ගැන පළ වී තිබුණේ මේ අයුරින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව යනු ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන නොමිලේ සැපයෙන රජයේ නිල හදිසි වෛද්‍ය සේවා පද්ධතියක් වේ. මෙමගින් රෝගීන් ප්‍රවාහනයට හෝ මූලික ප්‍රතිකාර සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම ගිලන් රථ සේවාවේ සෑම ගිලන් රථයකම හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පියෙකු (EMT) සහ පුහුණු රියදුරෙකු ගමන් කරයි. හදිසි අවස්ථාවකදී ජීවිතයක් බේරා ගැනීමට අවශ්‍ය මූලික වෛද්‍ය පහසුකම්වලින් මෙම ගිලන් රථ සමන්විත වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය
මෙවැනි සේවාවක් නැවැත්වීමේ ලකුණක් ඇති බවට පළවූ සටහන්හි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කරනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය බව ත්, තව දුරටත් සුව සැරිය ගිලන් රථ සේවාව ක්‍රියාත්මක වන බවයි.
සුව සැරිය : ගිලන් රථ සේවාව නවත්වන්නේ නැහැ
අප සුව සැරිය ප්‍රධාන කාර්යාලයෙන් ද සුව සැරිය සේවාව නැවැත්වීම සම්බන්ධයෙන් සහ ඉහත වෙබ් අඩවියේ දැක්වෙන ලෙස සුව සැරියේ නිලධාරීන් පිරිසක් කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තොරතුර පිළිබඳ විමසා සිටියා. ඔවුන් තහවුරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු වල වගකීම ගත නොහැකි බව ත්, සුව සැරිය ගිල් රථ සේවාව තව දුරටත් ක්‍රියාත්මක වන බවයි.
සුව සැරිය පදනමේ සභාපති මේජර් නිරෝෂන් රත්නායක විසින්(විශ්‍රාමික) විසින් මාධ්‍ය වෙත, මේ පිළිබඳ තහවුරු කරමින් නිවේදනයක් යොමු කර තිබුණා.
මේ සමඟ සියලුම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ද, සුවසැරිය නැවතීමේ ලකුණු හුවමාරු වන පුවත අසත්‍ය බවට වාර්තා කර තිබුණා. දසත පුවත් සේවය ද ඒ ගැන පැහැදිලි කිරීමක් පළකර තිබුනේ මෙලෙසින්.
කෙසේනමුත්, ඉහත සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී තිබුනේ, පාලනාධිකාරියේ ක්‍රියාකලාපය හේතුවෙන් ගීලන්රථ රියදුරු හා එහි සේවය කරන හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පීන් ගැනීමට සැරසෙන තීරණයක් ලෙස බැවින්, මේ පිළිබඳව ද අප සුවසැරිය පාලනාධිකාරියෙන් විමසීමක් සිදුකළ අතර, ඔවුන් එයට පිළිතුරු දීමෙන් වැළකී සිටියා.
සුව සැරිය ගිලන් රථ සේවාව
සුව සැරිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව තුළ රෝහල්ගත කිරීමට පෙර ලබාදෙන විධිමත් නොමිලේ සැපයෙන ගිලන් රථ පද්ධතියක් නොතිබුණි.
2016 වසරේදී ශ්‍රී ලංකාවට නොතිබූ පූර්ව රෝහල් හදිසි ගිලන්රථ සේවාවක් සඳහා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එවකට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් කරන ලද යෝජනාවක් මත ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සේවාව ක්‍රියාත්මක විය.
ඉන්දීය රජයෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 7.56 ක ප්‍රදානයක් මඟින් ටාටා (TATA) ගිලන් රථ 88 ක් සහ පාලන මධ්‍යස්ථානයක් සහිතව බස්නාහිර සහ දකුණු පළාත් මුල් කරගනිමින් මෙම සේවාව ප්‍රථම වරට 2016 ජූලි 28 දින මෙම සේවාව ආරම්භ විය.
පළමු අදියරේ ලැබූ සාර්ථකත්වය නිසා ඉන්දීය රජය විසින් තවත් ඩොලර් මිලියන 15.02 ක මුදලක් පරිත්‍යාග කළ අතර, ඒ අනුව 2018 ජූලි වන විට ගිලන් රථ 297 ක් දක්වා බලඇණිය වැඩිකරමින්, පළාත් 9 ම ආවරණය වන පරිදි සේවාව දීපව්‍යාප්ත කෙරිණි.
දැනට සුව සැරිය සතුව ගිලන් රථ 320 කට අධික ප්‍රමාණයක් ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ටාටා සමාගමේ ආධාර මත ගිලන් රථ සංඛ්‍යාව 450 දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් පවතී.
සේවාවේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා 2018 අංක 18 දරන 1990 සුව සැරිය පදනම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර, එය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බවට පත් කරන ලදී. මේ පිළිබඳ තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව ඊයේ(03) රාත්‍රි 8න් පසුව ක්‍රියාත්මක නොවන බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ. ඒ බවය සුව සැරිය පදනම මෙන් ම, සෞඛ්‍ය අමාත්‍යාංශය ද, තහවුරු කරයි.


