සමාජ මාධ්‍ය තුළ වෛරී සහ අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් පුද්ගලයන් අත් අඩංගුවට ගන්නා ලද අවස්ථා පිලිබඳ පුවත් විටින් විට දකින්නට ලැබෙනවා.

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කරමින්, එතුමාව අපකීර්තියට පත්වන අයුරින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සටහන් පලකළ පුද්ගලයෙකු, අත්අඩංගුවට පත් වූ පුවත පිලිබඳ අපගේ විමර්ශණයේදී අනාවරණය වුයේ එය නොමඟ යවන සුළු පුවතක් බවයි. එකී පුද්ගලයා අත්අඩංගුවට පත්වී තිබුණේ ජාතින් අතර අසමගිය ඇතිවන ප්‍රකාශ ෆේස්බුක් වෙත එකතු කිරීම හේතුවෙන්.

සමාජ මාධ්‍ය සටහන්:

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක තොරතුරු ෆේස්බුක් සමාජ ජාලය තුළ පලකිරීම හේතුවෙන් මොහොමඩ් ෆසාල් නම් අයෙකු අත් අඩංගුවට ගෙන ඇති බව Sri Lankan Memes නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් වෙබ් අඩවියක පළවූ පුවතක් උපුටා දක්වමින් පළකර තිබුනේ මෙලෙසින්.

Facebook.comArchived

“Arrests made over shaming President on Facebook” යන තේමාව යටතේ lankanewsweb.net නම් වෙබ් අඩවියක් මෙසේ හුවමාරු වන සටහන් සඳහා මුල් වී තිබු අතර එම වෙබ් අඩවිය එකී පුවත පළකර තිබුනේ මෙලෙසින්.

Lankanewsweb.netArchived

බොහෝ පිරිසක් අතර මෙම පුවත හුවමාරු වී තිබු ආකාරයක් ද අපට නිරීක්ෂණය වුනා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව ප්‍රධාන පෙලේ මාධ්‍ය බොහොමයක් වාර්තා කර තිබුණා.

මාධ්‍ය වාර්තා:

මොහොමඩ් ෆසාල් නම් පුද්ගලයා අත් අඩංගුවට පත් සැකකරු, ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශව වලට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත්කර තිබෙන බව එම වාර්තා වල සඳහන්.

මේ අනුව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ යටතේ මොහු වරදක් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පවසා තිබු බවත් සැකකරුට කිසියම් නීති විරෝධී මාර්ගයකින් මුදල් ලැබෙන්නේ ද යන්න පිලිබඳ ව ද විමර්ශන පැවැත්වෙන බවත් එම පුවතේ වැඩිදුරටත් සඳහන් විය.

“අද දෙරණ” වාර්තා කර තිබු සම්පුර්ණ වාර්තාව පහතින්

Adaderana | Rupavahini | Siyatha

මේ අනුව ප්‍රධාන ධාරාවේ පුවත් සියල්ලක් ම වාගේ පළකර තිබුනේ සංඝයා වහන්සේලා මුල් කර ගනිමින් සිදුකෙරුණු වෛරී ප්‍රකාශ හමුවේ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම හමුවේ එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

මොහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාව ද සම්බන්ධ කර ගත්තා. මෙහිදී ඔහු ද තහවුරු කලේ ද මොහොමඩ් ෆසාල් නම් පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත්තේ සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර සංහිඳියාව බිඳ දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුකරගෙන බවයි.

මොහොමඩ් ෆසාල් ෆේස්බුක් ගිණුම:

මොහොමඩ් ෆසාල් නම් පුද්ගලයා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර ඇත්දැයි අප සොයා බැලුවා. එහිදී “This Is In Response to President #Gotabaya's Speech Today On His Different Personalities!...පෞද්ගලික වාසි සොයා, දේශපාලනයේ නියැලී රාජපක්ශලාට කඩේ ගොස්..., සිවුරක් පොරොවාගත් සැනින් තමා භික්ෂූ නමක් බව රටම අන්දවන පිරිසකගේ අවදානය පිණිසයි!” යන කතාංගය යටතේ  මෙම පුද්ගලයා විසින් සිදු කරන අපහාසාත්මක ප්‍රකාශයක වීඩියෝ පටයක් අපට මෙසේ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ දැකගන්නට ලැබුණි.

එහිදී ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් පිලිබඳ ව සඳහන් කරමින් තර්ජනය කිරීම් වලට බිය වන්නේ නැති බව පවසමින්, පාස්කු ප්‍රහාරය පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ මැදිහත්වීමෙන් සිදුවූ ආකාරය ද මතක් කර දෙනවා. කෙසේ නමුත් එබඳු තත්වයක් වෙතද යාමේ අවශ්‍යතාවක් නැති බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තමාට ප්‍රශ්නයක් නොමැති බවත් ඔහු පවසනවා.

එහෙත් ජනපති වෙත අදහස් ලබා දෙන්නේ භික්ෂූන් වහන්සේලා බව පවසමින් සංඝයා වහන්සේලා අලලා අසභ්‍ය වචන යොදාගනිමින් ඉතා පහත් අන්දමින් බැන වැදෙන ආකාරයක් එම වීඩියෝවේ දැක ගන්නට ලැබෙනවා.

එසේම මොහොමඩ් ෆසාල් මහතාගේ ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් ද දක්නට ලැබුණා. එහි හිටපු ඇමරිකානු ජනපති තියෝඩර් රුස්වෙල්ට් ගේ ප්‍රකාශයක් දක්වමින් පවසා තිබුනේ දේශප්‍රේමය යනු රටක ජනපති හෝ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම නොවන බවයි.

ඔහුගේ ෆේස්බුක් පිටුව තව දුරටත් පරීක්ෂා කිරීමේ දී රාජපක්ෂවරුන් ට විරුද්ධව පළවූ සටහන් බොහොමයක් ම දැක ගන්න ට ලැබුණු අතර සුළු ජාතීන් වෙත සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් ද කරුණු දක්වා තිබු ආකාරයක් දැක ගන්නට ලැබුණා.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බැලීමේදී අපට පෙනී යන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කිරීම හේතුවෙන් මොහොමඩ් ෆසාල් නම් පුද්ගලයෙකු ඇත අඩංගුවට ගෙන ඇති බවට හුවමාරු වන පුවත නොමඟ යවන සුළු ආකාරයෙන් පළකර ඇති පුවතක් බවයි.

ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් පරීක්ෂා කිරීමේ දී ජනපති ඇතුළු රාජපක්ෂවරුන්ට විරුද්ධව සටහන් පළකර තිබුණද ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා මුල්කරගනිමින් සිදුකර තිබෙන අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ වරදක් සිදුකිරීම හේතුවෙන් බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ෆේස්බුක් හරහා වෛරී සහගත ප්‍රකාශ නිකුත් කල පුද්ගලයෙකුගේ අත්අඩංගුවට ගැනීම පිලිබඳ නොමඟ යවන සුළු පුවත් පෙළක්!

Fact Check By: Nelson Mani

Result: Missing Context