
පසුගිය දින කිහිපය පුරාවටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැති ඇමතිවරුන් කොවිඩ්19 රෝගයට ආසාදනය වීම පිලිබඳ තොරතුරු මාධ්‍ය හරහා වාර්තා වූ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ රෝගී තත්වය පිලිබඳ ව ද බොහෝ දෙනා විමසිලිමත්ව සිටියා.
මෙවන් පසුබිමක කොවිඩ් ආසදිතව සිටි අමාත්‍යවරිය ජීවිතයෙන් සමුගත් බව දන්වමින් ඇයගේ මරණ දැන්වීමක් ලෙස හුවමාරු වී තිබුනේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද සම්පුර්ණයෙන්ම අසත්‍ය නිර්මාණයක්. දැනට කොවිඩ්19 ආසදිතව ප්‍රතිකාර ලබමින් සිටින පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමියගේ සෞඛ්‍ය තත්වය ක්‍රමයෙන් යහපත් අතර හැරෙමින් පවතින බවට වාර්තා වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:
“යහපත් ලොවක් ගොඩනගනන්ට මුළු දිවියෙන්ම කැප වූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්න්නිආරච්චි මහත්මිය.. ඔබට සුභ ගමන්!” යන තේමාවෙන් ජනවාරි මස සෙනසුරාදාවක අවසන් කටයුතු සිදුකෙරෙන බව පෙන්වන පහත පරිදි සටහනක් Upali Jinadasa නමැති ෆේස්බුක් ගිණුමක් මඟින් හුවමාරු කරගෙන තිබුණා.

කිහිප දෙනෙකු මෙම සටහන හුවමාරු කර ගනිමින් මෙය සත්‍යක් දැයි විමසා තිබුණා.

කෙසේනමුත් පැහැදිලි ලෙසම සංස්කරණයක් ලෙස දැකගනන්ට ලැබුණු අතර බොහෝ දෙනා මෙවන් ආකාරයේ ව්‍යාජ සටහන් පළකිරීම තරයේ හෙළා දකිමින් සටහන් රැසක් ද හුවමාරු කරගෙන තිබුණා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳව පසුගිය දින කිහිපයේ ප්‍රධාන මාධ්‍ය හරහා හුවමරු වූ පුවත් පරීක්ෂා කළෙමු. ඒවා බොහොමයකම වාගේ දක්වා තිබුනේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ගේ සෞඛ්‍ය තත්වය සුව අතට හැරෙමින් පවතින බවක්. ඉහත සමාජ මාධ්‍ය සටහන් මුලින්ම පලවී තිබු ජනවාරි මස 27 වැනිදා ට පසුව පළවූ පුවත් වාර්තා කිහිපයක් පහතින්.

HiruNews (ජනවාරි 29) | Ada (ජනවාරි 28)
“පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය” යන තේමාවෙන් ජනවාරි 29 වැනිදා සෞඛ්‍ය ඇමතිනිය රෝහලේ සිට සිදුකළ ප්‍රකාශයක් ඇතුළත් පුවතක් පහතින්
තමන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබාගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගිවීමට නොහැකි වූවත් එන්නත්කරණ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය නිවේදනයක් නිකුත් කරමින් සිදුකළ ප්‍රකාශයක් එහි ඇතුළත්.
කෙසේවෙතත් මේ පිලිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් තුමා සමඟ දුරකථනයෙන් ද සම්බන්ධ වූ අතර එහිදී අපට තහවුරු කර සිටියේ ද අමාත්‍යතුමිය දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝගී තත්වය යහපත් අතට හැරෙන බවත් මෙබඳු පහත් ආකාරයේ පුවත් හුවමාරු කිරීම තරයේ හෙළා දකින බවත්ය. එසේම මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ට පැමිණිලි කර සිටි බවද දන්වා සිටියා.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්නිය මියගොස් ඇති බවට හුවමරු වන්නේ සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි. සෞඛ්‍ය ඇමතිනිය දැනට කොවිඩ්19 ආසදිතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ සෞඛ්‍ය තත්වය ක්‍රමයෙන් යහපත් අතර හැරෙමින් පවතින බවට වාර්තා වේ.

Title:FACT CHECK : සෞඛ්‍ය ඇමතිනිය මියගිය බවට හුවමාරු වූ ව්‍යාජ සටහනක්!
Fact Check By: Sahan PereraResult: False
