ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාය. පසුගිය වකවානුව තුල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ ක්‍රියාකරුවන් අළලා ෆේස්බුක් ජාලය තුළ ඉදිරිපත් වූ බොහෝ සටහන් පිළිබඳව අප සිදුකළ කරණු විමර්ශනයවලදී තහවුරු වූයේ ඒවා සාවද්‍ය හෝ නොමඟ යවන සුළු සටහන් බව අනාවරණය විය. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්

මේ අයුරින්ම බිමල් රත්නායක මහතාගේ දියණිය පැදවු සුඛෝපභෝගි රථයක් අනතුරට පත්ව ඇති බවත්, අනතුරට පත්වු පාර්ශවයන්ට අලාභ හෝ තුවාල සිදු නොවීම නීසා සමාදානවු අතර, රියදුරු බලපත්‍රයක් නොමැතිව බාලවයස්කාර දියණියට රථය පැදවීමට අවසර දීම පිළිබඳව රථයේ ගමන්ගත් බිමල් රත්නායක මහතාගේ බිරිඳට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවට පොලිසිය පැවසු බවට ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වන්නේ සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහන් බව අපට අනාවරණය විය.

සමාජ මාධ්‍ය සටහන්:

“බැරිවෙලාවත් බිමල් රත්නායක නොවී බිමල් රාජපක්ෂ වූවානම්..

ඔන්න බිමල්ලගෙ හැදියාව. ඊයා මුන් මන්ත්‍රීවරුද. BMW එක කෝටි 3 යි. බිමල් ගෙ පාර්ලිමේන්තු පඩිය ලක්ෂයයි. බිමල් පාර්ලිමේන්තුවෙ හිටිය අවුරුදු 5යි. ගනන් හදලා බලන්න සහෝදරවරුනි. ලක්ෂ දොලහෙන් වැඩි කරාම අවුරුද්දක පඩිය ලක්ෂ 12 යි. ඒක අවුරුදු 5 න් වැඩි කරාම ලක්ෂ 60යි.

කල්පනා කරලා බලන්න සහෝදරවරුනි. බිමල් මොකුත්ම නොකා නොබී ඒ ලක්ෂ 60 ම ඉතුරු කරා කියන්න. ඒත් තව ලක්ෂ 240 ක් ඕන BMW එකක් ගන්න. කොහෙන්ද මේ සල්ලි. ඊයා...”

යනාදී වශයෙන් විජිත හේරත් සහ ලාල් කාන්ත මහතුන් සම්බන්ධයෙන් ද කරුණු ඇතුලත් ව දීර්ඝ විස්තරයක් සහිතව පළවූ සටහනකින් තවදුරටත් දක්වා තිබුනේ

“එලවපු කෙල්ලට අවුරුදු 16 යි. අම්මාට පපුවෙ අමාරුව හැදුනාලු. කාටද අප්පා මේ පච කෙලින්නෙ. මේ රටේ ජනතාව මෝඩයොද..? ECG එකකුත් ගත්තාලු. ECG එක රෝල් කරලා ගහගනින්..#@& මම කියන්නෙ නෑ ඉතිං.

බිමල්ලාගෙ කටු ලෙව කන වහල්ලුන්ට කරත්තයක්වත් නෑ ඒත් උන්ගෙ නායකයො යන්නෙ BMW වල නිකං BMW ද නෑ i8 ලු . ඕං.. ඕකට පෙට්‍රල් ගහන්න තේ වත්තක් තියෙන්න ඕන. ඔන්න බිමල් රාජපක්ෂලා උන්ගෙ වහල්ලුන්ව අන්දන විදිහ. ඊයා” යනුවෙන්

කැලුම් ප්‍රියංකර නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබූ එම සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබුණි.

FacebookArchived Link

මෙම සටහන ඡායාරූප සහිතව සහ වදන් රෝපණය කර විවිධ අයුරින් ඇතැම් විට උපහාසාත්මක කෝණයක් ද එකතු කරමින් පළකර තිබු අවස්ථා කිහිපයක් පහතින්.

FacebookArchived LinkFacebookArchived Link

මෙම සටහන ෆේස්බුක් පිටු සහ සමුහ රැසක පහත දක්වන අන්දමට ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණා.

FacebookArchived Link
FacebookArchived Link
FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප බිමල් රත්නායක මහතාගේ බිරිඳ සහ දියණිය ගමන් ගත් රථය අනතුරට පත්වී ඇති බවට වාර්තා පිළිබඳව ප්‍රධාන ධාරාවේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වාර්තා පරීක්ෂා කළද එවැනි කිසිවක් දැක ගැනීමට ලැබුනේ නැත. එහෙත් මෙම සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඡායරූප යොදාගත් වාර්තාවක් lankalives.com නමැති වෙබ් අඩවියක දක්නට ලැබුණි.

lankalives.comArchived

මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කරතිබු වාර්තාවේ ඡායාරූප reverse image සෙවීමකට යොමුකළ විට, cartoq.com නැමැති වෙබ් අඩවියක පළකර තිබු පැරණි ඡායාරුපයක් බවට නිරීක්ෂණය විය.

Link | Archived

එම අවස්ථාවේම ඡායාරුප පෙළක් team-bhp.com වෙබ් අඩවියේ ද පලවී තිබුනේ මෙලෙසින්. එහි සඳහන් පරිදි මෙම සිදුවීම 2015 වසරේ මුම්බායි හි සිදුවූ අනතුරක්.

Team-bhp | Archived

සාමාජ මාධ්‍ය සටහන් වල තිබූ ඡායාරුපය සහ ඉහත වෙබ් අඩවි ඡායරූප සංසන්දනය කිරීමේ දී එය එකම අවස්තාවක් බව පෙනී යනවා. එහි අංක තහඩුව නොපෙනෙන පරිදි එම ඡායාරුපය යොදාගෙන තිබුණු බවට පෙනී යනවා.

වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීමට පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කරන දෛනික රිය අනතුරු පිළිබඳ වාර්තා පරීක්ෂා කළද එවැනි අනතුරක් පිළිබඳ වාර්තාවක් සොයා ගැනීමට අපහසු විය. මෙම සටහන් පොලිස් මාධ්‍ය අංශයට යොමුකර, කරුණු විමසීමේදී ඔවුන් සඳහන් කළේ ද එවැනි සිදුවීමක් පිළිබඳව දිවයිනේ කිසිදු පොලිසියකින් වාර්තා වී නොමැති බවය.

අනතුරුව අප මෙම සටහන් බිමල් රත්නායක මහතා වෙත යොමු කළෙමු. මෙම සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, තමාට හෝ තම පවුලේ සාමාජිකයෙකුට BMW වර්ගයේ සුඛෝපභෝගී රථයක් නොමැති බවත්, තමා පදවන්නේ පක්ෂය විසින්ම ලබාදී ඇති කැබ් රථයක බවත්, මෙම සටහන් තමාට සහ ජනතා විමුක්ති පෙරමුණ අපකීර්තියට පත් කිරීම සඳහා දේශපාලන ප්‍රතිවාදීන් යොදාගත් තවත් මඩ ප්‍රහාරයක් පමණක් බවත්, පැවසූ බිමල් රත්නායක මහතා සිය නිල ෆේස්බුක් පිටුවේද මේ පිළිබඳව සටහනක් ඉදිරිපත් කර ඇති බවට දැන්වීය.

බිමල් රත්නායක මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කිරීමේ දී පහත කතාංගය සහිත සටහන නිරීක්ෂණය විය

වාහන අනතුරක් හා සම්බන්ධව පළවන ප්‍රවෘත්තිය දේශපාලන විරුද්ධවාදීන් විසින් පළ කරන ව්‍යාජ පුවතකි...

පසුගිය දිනක සිදුවූවා යැයි කියන වාහන අනතුරක් සම්බන්ධයෙන් මා හා මාගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධයක් ඇතැයි කියමින් දේශපාලන විරැද්ධවාදීන් පිරිසක් විසින් සමාජ ජාලා ඔස්සේ ව්‍යාජ පුවත් පළකරමින් තිබේ.

සිදුවූවායැයි කියන වාහන අනතුර සඳහා යොදාගෙන ඇත්තේ විදෙස් රටක සිදුවූ වාහන අනතුරක ඡායාරූප වන අතර මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාව විමර්ශනය කරන ආයතන කිහිපයකට මේ පිළිබදව දන්වා තිබේ.

https://www.facebook.com/bimaljvpsrilanka/posts/2549673035327871?__cft__[0]=AZV-5y6BDnCC-zpMBZLtoBM_oeVs30sFKw91xD52-Xqak7HmooOz7gIeJ7G1J7XGO6Dxg9fOYTxXlJ34RKDtD0norG3aoMghLZ1FWjBxTPik7abdRBJLwNkyhwIl9aBE2rqo6YnZu-Y3Qn9FDzkwHaNa&__tn__=%2CO%2CP-R

FacebookArchived Link

බිමල් රත්නායක මහතාගේ බිරිඳ සුඛෝපභෝගී BMW රථයක් ගෙන්වා ඇති බවට මීට පෙරද සාමාජ මාධ්‍ය සටහන් පලවී තිබු අතර, 2019 දෙසැම්බර් මස වෙබ් අඩවියක පළවූ වාර්තාවකට පිළිතුරු දෙමින්, එම රථයේ අනන්‍යතාවය ඔප්පුකරන්නේනම්, එම රථය තෑගි වශයෙන් ලබාදිය හැකි බවට බිමල් රත්නායක මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකර තිබුණි.

https://www.facebook.com/bimaljvpsrilanka/posts/2232749277020250?__cft__[0]=AZUYjDY9gsWaqYpAx9mDlAy5s7zgG0JTUIgfyyx4mx81-6l5llkrJbNzvn1fJYWzzTmdcnYzEJ8Mb6MIXXvq8zXFVpZ11s3KIqVN8ynhPY_mtKI9Ro_s6aVVbTwPaHiy6gSoS5l0bciiKWPo4tf5fyyI&__tn__=%2CO%2CP-R

FacebookArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ බිමල් රත්නායක මහතාට හෝ පවුලේ කිසිදු සාමාජිකයකුට BMW රථයක් නොමැති අතර ෆේස්බුක් ජාලයේ සඳහන් අන්දමේ අනතුරක් පසුගිය දා වාර්තා වී තිබුනේ ද නැති බවයි.

මෙම ව්‍යාජ සටහන් සඳහා යොදාගෙන තිබුනේ 2015 වසරේ ඉන්දියාවේ සිදුවූ අනතුරක් හා සම්බන්ධ ඡායාරුපයක්.

Avatar

Title:FACT CHECK: බිමල් රත්නායක මහතාගේ බාල වයස් දියණිය පැදවු සුඛෝපභෝගි රථයක් මෑතකදී අනතුරකට ලක්වුණා ද?

Fact Check By: Nelson Mani

Result: False