
මෙරට බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. මෙරට මෙන්ම විදෙස් ක්‍රීඩකයන් පිලිබඳව තොරතුරු සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සොයා බලන බව පෙනී යන කරුණක්.
පසු ගිය දිනෙක හුවමාරු වී තිබු දුක්බර පුවතකින් දක්වා තිබුනේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රෙල් නම් ක්‍රීඩකයා හදිසි අනතුරකින් ලෙවෙන් සමුගෙන ඇති බවක්. නමුත් අපගේ විමර්ෂණයෙන් මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යක් බව දැක ගන්නට ලැබුනා.
සමාජ මාධ්‍ය සටහන්:
“සුපිරි කොදෙව් වේග පංදු යවන්නා හදිසි අනතුරකින් ලොවෙන් සමුගනී” යන වදන් පෙළත් සමඟ Daily Memes නම් ෆේස්බුක් පිටුව විසින් පල කර තිබුණා. මෙම පුවතම චානක සම්පත් නම් අයෙකු ද ෆේස්බුක් වෙත එක් කර තිබුනු අතර එම ෆේස්බුක් සටහන් පහතින්

Facebook | Archived Facebook | Archived
මෙම සටහන් වල කඩුල්ලක් ලබා ගැනීමෙන් පසුව කොට්‍රල් ආචාර කරන අවස්ථාවක ඡායාරුප සමඟින් අනතුරකට මුහුණ පෑ මෝටර් රථයක ඡායාරුපයක් ද දක්වා තිබුනා
ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ දෙනෙක් මෙම පුවත කෙරේ අවධානය යොමු කර ඇති බව අපට පෙනෙන්නට තිබුනා. සැබැවින්ම රිය අනතුරකට මුහුන පාමින් ශෙල්ඩන් කොට්‍රල් ක්‍රීඩකයා ජීවිතයෙන් සමුගෙන තිබුණා ද යන පුවත සත්‍ය එකක්ද යන්න සොයා බැලීමට Factcrescendo අප තීරනය කලා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
අප පලමුවෙන්ම මෙම පුවත සමඟ පළකර තිබු ඡායරුපයේ දක්වා තිබු මෝටර් රථය පිළිබඳව පුවත් ඇති දැයි සොයා බැලුවා. ජනවාරි මස 17 වන දින එවැනි අනතුරක් ජැමෙයිකාවේ සිදු ව ඇති බවට පුවත් අපට දැකගන්නට ලැබුනා.

Loopjamaica.com Archived | Hairi.orgww
එම රිය අනතුරින් තිදෙනෙක් මිය ගොස් ඇති බවට වාර්තා කර තිබුනද එමගින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක කොට්‍රල් මරණයට පත්ව ඇති බවක් සඳහන්ව තිබුනේ නෑ.

එසේම මෙම මෝටර් රථ අනතුරෙන් පසුවද ශෙල්ඩන් කොට්‍රල් විසින් සමාජ මාධ්‍ය වන ට්විටර් සහ ඉන්ස්ටග්‍රැම් වල සටහන් පල කර තිබුනා. එම සටහන් පහතින්.

එසේම කොදෙව් පිළ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ලබාගත් ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රහණයට සුභ පතමින් ද කොට්‍ර්ල් මෙසේ සටහනක් පළකර තිබුනේ පෙබරවාරි මස 14 වැනිදාය.
මීලඟට ශෙල්ඩන් පිලිබඳව මෑතක පලව ඇති වාර්තා දෙස අප සොයා බැලීමක් සිදු කලා.එහිදී දැකගන්නට ලැබුනු එක් පුවතකට අනුව IPL මීලඟ තරඟාවලියේදී කිංග්ස් ලෙවන් පංජාබ් කන්ඩායමෙන් Sheldon Cottrell නිදහස් කිරීමට තීරනය කර ඇති බවට වාර්තා පල කර තිබුනා.
NDTV වාර්තාව පහතින්.

කෙසේ නමුත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟයේ ක්‍රීඩකයන් වෙන්දේසිය වෙනුවෙන් ශෙල්ඩන් කොට්‍රල් නම් ලද බටහිර ඉංදීය ක්‍රීඩකයන් අතර සිටින බවට පුවතක්ද අපට දැකගන්නට ලැබුනා
එමෙන්ම පෙබරවාරි මස 14 වන දින ජැමෙයිකාවේ පැවැත්වෙන CG Insurance Super50 competition තරඟාවලියේ තරඟයක් සඳහා ශෙල්ඩන් කොට්‍රල් තරඟ කර තිබෙන බවද අපට දැකගන්නට ලැබුනා. ඔහු ආරම්භක පන්දු ඕවරය යවන අවස්ථාව මෙතනින් Scorecard
මේ අනුව ශෙල්ඩන් කොට්‍රල් රිය අනතුරකින් මරණයට පත් වූ බවට පළවුණු පුවත සත්‍ය එකක් නොවන බව පැහැදිලිය.
Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුණු සලකා බලන කල සමාජ මාධ්‍ය සටහන් කිහිපයක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රෙල් Sheldon Cottrell රිය අනතුරකින් මරණයට පත්ව ඇතැයි සඳහන් කරමින් පළවී තිබු පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යක් බව අපට තහවුරු කල හැකියි. ඔහු පසුගිය දා ක්‍රිකට් තරඟයක් සඳහා ද සහභාගී වුනා.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:කොදෙව් වේග පංදු යවන ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රල් හදිසි අනතුරකින් මියගිය බවට ව්‍යාජ පුවතක්!
Fact Check By: Sahan PereraResult: False
