
වර්තමානයේදී ආදරවන්තයින් සිය ආදරය ප්‍රකාශ කිරීම සඳහා නොයෙකුත් ආකාරයේ ක්‍රම සහ උපක්‍රම භාවිතා කරනවා. ඇතැම් ක්‍රම ඉතාමත් නිර්මාණශීලි වන අතර ඇතැම් ක්‍රම පුදුමය දනවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ එවන් පුදුමය දනවන ආකාරයේ ආදරය ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“ඊජිප්තුවේ මෙම තරුණයා තම පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීම සඳහා ඔහුගේ දත් සියල්ල ගලවා මෙලෙස පෙම්වතියට ඉදිරිපත් කර ඇත. ” යනුවෙන් සඳහන් කරමින් දත් නොමැති තරුණයෙකු සහ එම තරුණයාගේ දත් වලින් නිම වූ ගෙල පළදනාවක් බවට හඟවමින් ඡායාරූපයක් ද එම සටහනට එක් කර තිබුණා.

එම ඡායාරූප සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම සිදුවීම සත්‍ය බවට බොහෝ දෙනෙක් උපකල්පනය කර තිබුණා.

මෙය සත්‍ය සිදුවීමක්ද යන්න පිළිබඳ අප විමර්ශනය කළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
තම පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීම සඳහා තරුණයෙකු සිය දත් සියල්ල ගලවා මෙලෙස පෙම්වතියට ඉදිරිපත් කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍යයේ හෝ පුවතක් වාර්තා වී ඇත්දැයි අප නිරීක්ෂණය කරනු ලැබුවා.
මේ පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීමේදී මෙහි සත්‍ය සිදුවීම පිළිබඳ වාර්තාවක් වෙත අවධානය යොමු වුණා.
එහි දැක්වුණේ, මෙම පුද්ගලයා Mostafa Soliman EL Sayed නම් ඊජිප්තුවේ වෙසෙන තරුණ රංගන ශිල්පියෙකු බවයි. එම වාර්තාව මෙතනින්. Archived Link
පසුගිය ඔක්තෝම්බර් 31 වන දා සිය නිල ෆේස්බුක් ගිණුම හරහා මෙම රංගන ශිල්පියා තමන්ගේ ඡායාරූපයක් හා දත්වලින් නිම කරන ලද මාලයක ඡායාරූපයක් පළ කර තිබුණා. එහි සඳහන් කර තිබුණේ,
“Seriously, one of the most beautiful meanings of love I have ever seen is that you take off all your teeth and teeth and give them to the human you love”
එහි සිංහල පරිවර්තනය නම්,
“ඇත්තටම මම දැකපු ආදරයේ ලස්සනම තේරුමක් තමයි ඔයා ඔයාගේ දත් දත් ඔක්කොම ගලවලා ඔයා ආදරේ කරන මනුස්සයට දෙන එක”
එම ෆේස්බුක් සටහන පහතින්.
ඔහු විසින් සංස්කරණය කරන ලද උපහාසාත්මක කෝණයෙන් පළ කළ එම ෆේස්බුක් සටහන සත්‍ය සටහනක් ලෙස සිතා පරිශීලකයින් බොහෝ දෙනෙකු අතර සංසරණය කර ගෙන ඇති අතර ඇතැම් පිරිස් මේ සඳහා අසත්‍ය කතා නිර්මාණය කරමින් වෙනත් රටවල්වලට අයත් පිරිස්ද ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කර තිබෙනවා.
එලෙස පළ කළ එක් සටහනක දැක්වුණේ, එම තරුණයා සිය පෙම්වතිය රැවටීමෙන් පසු දමා ගිය පෙම්වතිය හා නැවතත් සබඳතාවය පැවැත්වීමට ඉල්ලීම් කළද එය ප්‍රතික්ෂේප කිරීම නිසා තමන්ගේ විශ්වාසවන්ත බව පෙන්වීම සහ සමාව ගැනීම සඳහා ඔවුන් කැමතිම අවන්හලට පැමිණෙන ලෙස ඇරයුම් කොට තමන්ගේ දත් වලින් නිම කරන ලද මෙම මාලය පිරිනමා ඇති බවයි. ඉන් කෝපයට පත් එම තරුණිය මෙම තරුණයාට කම්මුල් පහරවල් දී බැන වැදි එම ස්ථානයෙන් නික්මී තිබේ. ඒ බවට පළ වූ උපහාසාත්මක වාර්තාව මෙතනින්. Archived Link
මෙම රංගන ශිල්පියා තම ඡායාරූපය දත් නැති අයෙකු ලෙස සංස්කරණය කරමින් අන්තර්ජාලයේ කෘතිම දත්වලින් නිර්මාණය කරන ලද පළඳනාවක් මෙලෙසින් එම සටහන සඳහා යොදා ගෙන තිබෙනවා.

මෙම ඡායාරූපය සහිත තවත් සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
කෙසේවෙතත් ඔහුගේ නිල ෆෙස්බුක් ගිණුම හරහා ඔහු සම්බන්ධ කර ගැනීමට අපට හැකියාව ලැබුණු අතර ඔහු සඳහන් කළේ, මෙම ඡායාරූපය හුදෙක් විනෝදස්වාදය සඳහා සංස්කරණය කරමින් නිර්මාණය කළ බවයි.
එමෙන්ම මෙම ඡායාරූපය යොදාගෙන නිර්මාණය කරන ලද ඇතැම් කතා සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේදී උපහාසාත්මක ස්වරූපයෙක් සටහන් පළ කර ඇති අතර ඔහු විසින් පළ කළ එවන් සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
ඒ අනුව Fact Cresendo අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඊජිප්තු තරුණයෙකු සිය පෙම්වතියට ආදරය ප්‍රකාශ කිරීම සඳහා ඔහුගේ දත් සියල්ල ගලවා ඉන් මාලයක් නිර්මාණය කොට පෙම්වතියට ලබා දී ඇති බවට පළ වන සටහන් අසත්‍ය බවයි. ඊජිප්තු තරුණ රංගන ශිල්පියෙකු විසින් තමන්ගේ ඡායාරූපයක් ගෙන දත් නොමැති පුද්ගලයෙකු ලෙස සංස්කරණය කරමින් හා අන්තර්ජාලයේ දක්වා තිබූ කෘතිම දත් වලින් නිර්මාණය කරන ලද ආභරණයක ඡායාරූපයක් හුදෙක් විනෝදය සඳහා තමන්ගේ සමාජ ගිණුම් හරහා සටහනක් සමගින් දක්වා තිබීම මෙලෙස සත්‍ය සිදුවීමක් ලෙස බොහෝ රටවල් අතර ප්‍රචාරය වී තිබුණා.

Title:තරුණයෙකු සිය ආදරය ප්‍රකාශ කිරීම සඳහා පෙම්වතියට සිය දත් සියල්ල ගලවා දෙයි ?
Fact Check By: Pavithra SandamaliResult: False
