
ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ අතර සත්‍ය කරුණු මෙන්ම අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රචාරයන් ද හුවමාරු වෙනවා.
සමාජ ජාලා සටහන්
ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක්ද සමගින් පහත සටහන එක්කර තිබුණා .
“නත්තල් තෑගි. පළමු ප්‍රාඩෝව තිස්ස කුට්ටි හිමිකර ගනී… ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා හට අලුත්ම වර්ගයේ ප්‍රාඩෝ රථයක් ලැබී ඇතිබව වාර්තාවේ .”

මේ සම්බන්ධයෙන් ට්විටර් සහ වෙබ් අඩවිවලද වාර්තා කර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

තවත් සටහන් කිහිපයක් පහතින්

Fact Check: සත්‍ය තොරතුරු විමසා බැලීම
අප මුලින්ම සොයා බැලුවේ රජය මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වා ඇතිද යන කාරණයයි.එහිදී අපට දැකගන්නට ලැබුණේ රජයේ නිල සන්නිවේදකයා ලෙස කටයුතු කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමෙන්තුව මේ සම්බන්ධව ට්විටර් පණිවිඩයක් කර තිබුනේ මෙලෙසින්.

ඉහත සටහන මගින් දැක්වෙන්නේ රජය මගින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ පුද්ගලික පාවිච්චිය සදහා වාහනයක් ලබාදුන් බවට සමාජ ජාලා හරහා හුවමාරුවන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගෙන් ද අප මේ පිළිබදව විමසීමක් සිදුකළා. ඔහු පැවසුවේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රජය මගින් ලබාදුන් කිසිදු වාහනයක් භාවිතා නොකරන බවයි. මන්ත්‍රීවරයෙක් ලෙස තමන් පාර්ලිමේන්තුවට පත්වූදා සිට භාවිතා කරන්නේ පුද්ගලික වාහන පමණක් බවත් රජය මගින් ලබාදෙන වාහනයක් හෝ ඉන්ධන දීමනාව තමන් භාවිතා නොකරන බවත් සමාජ ජාලාවල සදහන් ආකාරයේ රජයේ වියදමින් ලබාදුන් ප්‍රාඩෝ රථයක් හෝ V8 වාහනයක් තමන් භාවිතා නොකරන බවත් මෑතකදී තමන්ට රජය හෝ වෙනත් කිසිවෙක් එවැනි වාහනයක් ලබාදී නොමැති බවත් ,කිසියම් අයෙක් තමන්ට රජය මගින් මෑතකදී වාහනයක් ලබාදුන් බව ඔප්පු කළහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවත් ඔහු පවසා සිටියා.
කෙසේ වෙතත් තමන් සතුව පුද්ගලික වාහන කිහිපයක් සතු බවත් මන්ත්‍රීවරයා පැවසුවා. ඒ අනුව බී.එම්.ඩබ්ලිව් කාර් රථයක් , කැබ් රථයක්, ජීප් රථයක් ඇතුලුවාහන කිහිපයක් තමන් සතු බවයි ඔහු පැවසුවේ. කෙසේනමුත් මෑතකදී තමන් පෞද්ගලිකව හෝ කිසිඳු වාහනයක් මිලදී ගත්තේ හෝ නැති බවද ඔහු පවසා සිටියා.
මෙම කතාව පැතිරුණේ තමන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මන්ත්‍රීවරුන් පිරිසකට සිදුකළ විහිලුවක් නිසා බව තමන් අනුමාන කරන බවත් කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පැවසුවා. ඉදිරි දිනකදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද තමා විසින් ලබා දීමට බලාපොරොත්තු වන බව ද පවසා සිටියා.
මේ අතර අප වෙනත් කිසිඳු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත වාහන ලබාදීමක් පිළිබඳව හෝ පුවතක් වාර්තා වී තිබුනේ ද යන කරුණ ද විමසා සිටියා. එහිදී අපට එවැනි කිසිඳු පුවතක් දැක ගන්නට ලැබුනේද නැත.
Also Read:
FACT CHECK: ලංකාවට ආනයන කළ හෝ කිරීමට නියමිත මන්ත්‍රී වාහන තොගයක ඡායාරූපයක්ද?
FACT CHECK: අලුත්ම Toyota V8 වාහන ලංකාවට පැමිණ තිබූ අවස්ථාවක් ද?
එසේම ඉහත බොහෝ සටහන් සඳහා තිස්ස කුට්ටිආරච්චි මහතා සමඟ යොදාගෙන තිබු ජීප් රථයේ ඡායාරුපය ද අප පරීක්ෂා කර සිටියා. එහිදී එම Toyota Landrusier ජීප්රථයේ ඡායාරුපය ඇතුලත් මෙවැනි වාර්තා රැසක් පළකර තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා.
මේ අනුව තිස්ස කුට්ටිආරච්චි මහතා වෙත ශ්‍රී ලංකා රජය විසින් ප්‍රාඩෝ රථයක් මෑතකදී ලබාදුන් බවට කිසිඳු නිල මුලාශ්‍රයක් අපට මෙතක් සොයා ගන්නට ලැබී නැත.
තව ද තිස්ස කුට්ටිආරච්චි මහතා මාස 6ක සිය මන්ත්‍රී වැටුප බදුල්ල ජනතාවට පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවට ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුනේ මෙලෙසින්
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසීම අනුව තහවුරු වූයේ ශ්‍රී ලංකා රජය මගින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට මෑතකදී ප්‍රාඩෝ රථයක් ලබාදුන් බවට පැතිර යන සමාජ ජාලා සටහන් අසත්‍ය බවට රජයේ ප්‍රප්‍රවෘත්ති දෙපාර්තුමෙන්තුව මෙන්ම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ද තහවුරු කර තිබෙන බවයි. එසේම එවැනි ගනුදෙනුවක් සිදුවූ බවට වෙනත් කිසිඳු නිල මුලාශ්‍රයකින් ද වාර්තා වන්නේ නැත

Title:තිස්ස කුට්ටිආරච්චිට අලුත් ප්‍රාඩෝ රථයක්, ආණ්ඩුවෙන් තෑගි?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,