ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකර ගනිමින් අසත්‍ය ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .මේ දිනවල ඔවුන් සම්බන්ධයෙන් පැතිරෙන එවන් අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මෙලෙසින් .

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පුවත්පත් වාර්තාවක ඡායාරූපයක් ලෙස හැගී යනසේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ලෙස දක්වමින් සටහනක් එක්කර තිබුණේ මෙලෙසයි.

“අපිට රට බාර දුන්නම දින 100න් ආර්ථික අර්බුදය අවසන් කරනවා - අනුර කුමාර දිසානායක

Facebook | Archived

මෙම සටහන ෆේස්බුක් අවකාශය තුළ විසිර පැවතියේ මේ ආකාරයෙන් .

ජවිපෙ මධ්‍යම කාරක සභික බිමල් රත්නායකගේ ඡායාරූපයක් සමගින් ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස හැගෙනසේ සටහනක් ෆේස්බුක් වෙත එක්කර තිබුණා .

Also Read :

පසුබිමේ එල්ලා තිබෙන බැසිල්ගේ හෝ රනිල්ගේ ඡායාරූප සමග අනුර කුමාර පෙනී සිටි අවස්ථාවක් ද?

ඩොලර් අර්බුදයට විසදුම Spider Man වැනි ජනප්‍රිය චිත්‍රපට නිපදවා විදෙස් විනිමය උපදවා ගැනීමයි- අනුර කුමාර ??

ජනතාව පෙළන මේ ආණ්ඩුව ගෙදර යවන්න ආයුධ ගන්න දෙපාරක් හිතන්නේ නැහැ.එක පාරක් වෙච්ච දේ ආයිත් වෙන්න අපව පොළඹවන්න එපා”- බිමල් රත්නායක

Facebook | Archived

Also Read : බිමල් රත්නායක මහතාගේ බාල වයස් දියණිය පැදවු සුඛෝපභෝගි රථයක් මෑතකදී අනතුරකට ලක්වුණා ද?

එසේම සූර්‍ය විදුලි බල උත්පාදන යන්ත්‍රයක් අලෙවි කරන බව සටහන් කරමින් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ ජංගම දුරකතන අංකයද සහිතව පළව තිබූ පෝස්ටුවකි මේ .

Facebook | Archived

මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම අවධානය යොමුකළේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පිළිබදව තිබූ සමාජ ජාලා සටහන පිළිබදවයි.එහිදී අපට දැකගන්නට ලැබුණේ 2022 මාර්තු 12 දින පළවූ ලංකාදීප පුවත්පතේ මුල් පිටුව අවභාවිත කරමින් මෙම නොමගයවන සුලු අසත්‍ය සටහන සකසා ඇති බවයි.

Lankadeepa e paper(2022 මාර්තු12)

ලංකාදීප මුල් පිටුවේ (මාර්තු 12) සමාජ ජාලාවල පැතිර ගිය ආකාරයේ පුවතක් නොමැති අතර ව්‍යාජ සටහන් නිර්මාණය කර තිබුනේ එම පුවත්පතේ පළවූ පුවත්පතේ ඇති “ශෂී වීරවංශගේ නඩු දෙකේ තීන්දුව දීම” යන පුවත වෙනුවට මෙම අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ රුව රැගත් සටහන එක්කරීමෙනි. එම සංසන්දනය පහතින්.

ඉන් අනතුරුව අප අවධානය යොමුකලේ වෙනත් කිසියම් අවස්ථාවක අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා මෙවන් ප්‍රකාශ සිදු කර ඇතිද යන කාරණයයි.එහිදී අපට පෙනී ගියේ ජවිපෙ නායකයා එවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයද පවසා සිටියේ ජවිපෙ නායකයා විසින් එවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

ඉන්පසුව අප අවධානය යොමුකළේ ජවිපෙ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක විසින් සිදු කරන ලදැයි සමාජ ජාලවල පැතිරෙන ප්‍රකාශය පිළිබදවයි.එවැනි ප්‍රකාශයක් ඔහු විසින් මාධ්‍ය වෙත හෝ ජන හමුවකදී සිදුකර ඇතිද යන කාරණය අප විසින්සොයා බැලූ අතර අපට දැකගන්නට ලැබුණේ ඔහු විසින් එවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයද පවසා සිටියේ ඔහු විසින් එවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

බිමල් රත්නායක සම්බන්ධ කරගනිමින් මෙම අනුරුව යටතේ මේ මීට පෙරද අවස්ථා ගණනාවක දී ව්‍යාජ සටහන් නිර්මාණය වී තිබුණා. අප ඒ ආකාරයෙන් 2020 වසරේ සිදුකල විමර්ෂණයක ද මෙම පසුබිම ම යොදාගෙන තිබුනා.

Fact Check : බිමල් රත්නායක මහතා අලලා සිදුකළ සාවද්‍ය සටහන් කිහිපයක්!

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත්ගේ ජංගම දුරකතන අංකය යොදාගනිමින් සූර්‍ය පැනල වෙළද දැන්වීම පළකර තිබූ වෙළද දැන්වීම සමබන්ධයෙන් ජවිපෙ මාධ්‍ය අංශයෙන් විමසූ විට ඔවුන් පැවසුවේ විජිත හේරත් මන්ත්‍රීවරයා සූර්‍ය පැනල වෙළද දැන්වීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව සහ ඔහුගේ ජංගම දුරකතන අංකය අවබාවිත කර ඇති බවයි. Nature's Generator ආයතනයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජංගම විදුලි උත්පාදක යන්ත්‍රයක ඡායාරුපයක් මේ සඳහා යොදාගෙන ද තිබුනා.

මේ ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ /නායකයන්ගේ දුරකතන අංක අවභාවිතා කිරීම් සම්බන්ධ මෙවැනි සිද්ධි මීට කලින්ද අප වාර්තා කළා.

Also Read: සොබෙරානා 2 එන්නත පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශ පෙළක්?

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නිවසටම පැමිණ ගෑස් සිලින්ඩර පරීක්ෂා කරන පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍රමවේදයක් ?

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විසින් ඉහත සමාජ ජාලා සටහන්වල දක්නට ලැබෙන ආකාරයේ ප්‍රකාශයන් සිදුකර නොමැති බවයි.එමෙන්ම සමාජ ජාලා සටහනේ දැක්වෙන සූර්‍ය පැනල දැන්වීම, විජිත හේරත් මහතාගේ ජංගම දුරකථන අංකය අවභාවිතා කරමින් නිර්මාණය කල ව්‍යාජ සටහනකි

Avatar

Title:ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකරමින් පැතිරෙන අසත්‍ය ප්‍රචාර !!!

Fact Check By: Kalana Krishantha

Result: False