දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

Update 27/09/2023

මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වෙන අතර 2023 සැප්තැම්බර 27 වනදා හුවමාරු වී තිබු සමාජ ජාලා සටහන් රැසක් මගින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ දැඩි ලෙස රෝගාතුරවූ බවක්.

Facebook | Archived

මේ පිළිබඳව තවදුරටත් පරික්ෂා කිරීමේ දී මෙම සටහන් නිර්මාණය වීමට හේතුව ලෙස දැකගනන්ට ලැබුණේ මහින්ද රාජපක්ෂ අසනීපෙන් සිටින බවත් එම හේතුව නිසා රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානකගේ මාමණ්ඩියගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී නොවූ බවටත් නෙත් පුවත් හි 'කනින් කොනින්' වැඩසටහනේ වාර්තා කර තිබීම බවයි. ඒ පිලිබඳ විමසීමේ දී නෙත් පුවත් අංශය පැවසුවේ එම දිනයේ දී අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම ට නොපැමිණියේ පැවති අසනීප තත්වයක් මත බව ඔවුන් විශ්වසනීය මුලාශ්‍රයකින් දැනගන්නට ලැබුණු බවයි.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සැප්තැම්බර් 25 වනදා ,ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලය මගින් සංවිධානය කර උත්සවයකට සම්බන්ධව තිබුණා. ඒ සම්බන්ධ විස්තර මෙතනින්. එසේම අද දිනයේ (සැප්තැම්බර් 27) පාමංකඩ ශ්‍රී මහා විහාරයේ, දාන ශාලාව හා සංඝාවාසය ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත වීමක් ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා. ඒ සම්බන්ධ විස්තර මෙතනින් .හෙට දිනයේදීද ඔහු කලින් සැලසුම් කර තිබු උත්සව කිහිපයකට සහභාගිවීමට නියමිතයි.    

එසේම මහින්ද රාජපක්ෂ මහතා දැන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහුට සමීප මුලාශ්‍ර ඔස්සේ තහවුරු කර ගැනීමට අපට හැකිවුණා.

මීට පෙර 2022 වසරේ දී ද මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් පසුවන බව දැක්වීමට හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරුප සටහනක් පිලිබඳ අප එම අවධියේ සිදුකළ කරුණු විමර්ෂණයක් පහතින්.

**************************************************************************************************************

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි පුවත් සංසරණය වූ අතර මෑතතදී රෝහල් ගත කළ අවස්ථාවකදී ලබා ගත් ඡායාරූපයක් බවට පවසමින් පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ සොයා බැලීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

පසුගිය ජුනි 30 වන දා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇති වූ හදිසි තත්ත්වයක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවත්, මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා එම රෝහලේ ප්‍රභූ කාමරයක ප්‍රතිකාර ලබමින් සිටින බවත් සඳහන් කරමින් ඡායරූපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබුණා.

Facebook | Archived Link

එම තේමාවෙන් පළ වූ සටහන් සහ ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ඇතැම් මාධ්‍ය සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

පසුගිය දා දැඩිසත්කාර ඒකකයේ දී ලබාගත් බවට හුවමාරු වූ මෙම ඡායාරුපය මීට පෙර ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ බැවින් මේ පිළිබඳව විමසා බැලීමක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

2021 වසරේදී ද මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කළ බවට පුවත් සහ ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ හෙයින් Factcresendo අප දමිළ අංශයෙන් ද, මේ පිළිබඳ තොරතුරු විමසා බැලීමක් සිදු කළ අතර ඒ පිළිබඳව පළ කළ එම සටහන පහතින්.

https://www.facebook.com/factcrescendosl/posts/pfbid0ML1Cisn1PojXYKeinKbtgEKXfwdrfPucQw77wcVg2osJ2nJJ64jWE4fzxZywF9Jbl

අප මෙම ඡායාරූපය පිළිබඳ පසුගිය වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතා වන හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂගෙන් විමසීක් කළ අතර ඔහු සඳහන් කළේ, එය අවස්ථාවේ දී ද එය අසත්‍ය තොරතුරක් බවයි.

මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර අපට දැක ගන්නට ලැබුණේ 2019 වසරේ දී ත් මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කළ බවටත්, ශ්වසන ආධාරක සවිකොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සඳහා මෙම ඡායාරූපය යොදා ගෙන තිබු බවයි.

ඇතැම් වෙබ් අඩවි වල දැක්වෙන සබැඳි මේ වන විට ඉවත් කර ගෙන ඇති බැවින් එම ඡායාරූප දැක ගන්නට නොලැබේ. එවන් සබැඳි කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

2019 වසරේ මෙම ඡායරුපයත් සමඟ පළ වූ පුවතක් පහතින්.

Ruhunupuwath | Archived Link

කෙසේ වෙතත් අප මේ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දා පළ වූ තොරතුරු අසත්‍ය බවයි.

මහින්ද රාජපක්ෂ මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වය පසු වන බවත් ඔහුගේ දෛනික රාජකාරි කිසිදු බාධාවකින් තොරව සිදු කරගෙන යන බවත් ඔහු පවසා සිටියා.

ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූපය පිළිබඳ හරිහැටි පැවසීමට නොහැකි අතර මෙම ඡායාරූපයේ සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා ද, ඒ හැඩරුව ඇති වෙනත් පුද්ගලයෙක් ද, යන්න නිශ්චිතව සඳහන් කිරීමට අපහසු බවද, ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රෝහල් ගත කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඉහත ඡායාරූපය, 2019 වසරේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූපයක් බවට පැවසිය හැක.

Update : 07/05/2022

මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවට නාමල් රාජපක්ෂ මහතා විසින් පවසා තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී රෝහල් ගත කළ අවස්ථාවක් බවක් පෙන්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය මෑතක දී ලබාගෙන තිබූ ඡායාරූපයක් නොවන බවත් 2019 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇති බව පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූපයක් බවත්ය.

Avatar

Title:හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, මෑතකදී රෝහල් ගත කළ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් ද? (PHOTO)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading